Sinhala story Blog

සැප්තැම්බර් 21, 2011

අපි ජීවත්වන්නෝ -289 ඇය වටා සිටි කිසිවෙක් අනාගතය ගැන සිතුවේ නැත

Filed under: Uncategorized — sinhalashortstories @ 8:19 පෙ.ව.

ඇයගේ හමට ගෑවෙන සේ, කමිසයට අල්ලා මැසූ පුංචි පොකැට්ටුවක් දිනෙන් දින බරින් පිරී යයි.

ලියෝගේ ඉවක් බවක් නැති වියදමෙන් ඉතිරි කරගත් මුදල් ඇය එතැන සඟවා ඉතිරි කළා ය. එය ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් පදනමක් ගොඩ නඟන්නට ය. කවදා හෝ -පිටරටක ..”

මඟ පෙන්වන්වන අයගේ රැස්වීමකින් පසු ඇය ගෙදර ගියා ය. අධ්‍යාපන චාරිකා මධ්‍යස්ථානයේ දේශපාලන විභාගයක් විය. කොටට කැපූ හිසකින් යුතු පුරුෂයෙක් පළල් මේසයක වාඩි වී තමන් ඉදිරියට එකින් එකා බැගින් වුත් හිටගත් වෙව්ලන, සුදුමැලි තොල් වලින් යුතු, ගැස්සෙන, අස්වාභාවික හඬින් උත්තර දෙන මඟ පෙන්වන්නෝ ‍වෙතින් ප්‍රශ්න ඇසුවේ ය. වැඩ කරන ජනතාවට දේශපාලන අධ්‍යාපනයක් සහ පංති විඥානයක් ලබා දෙනු පිණිස කළ යුතු ඵෛතිහාසික සංචාරක කටයුතු වල වැදගත්කම පිළිබඳ සුදුසු හඬින් කට පාඩම් කරගත් වදන් කීරා ඇති පමණින් කියන්නට සමත් වූවා ය. මහා බ්‍රිතාන්‍යයේ රෙදිපිළි කම්කරුවන්ගේ නවතම වැඩ වර්ජනය ගැන ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට ඇය සමත් වූවා ය. තුර්කිස්තානයේ කියවන්නට ලියන්නට බැරි අය වෙනුවෙන් වූ පාසැල් ගැන ජනතා අධ්‍යාපාන කොමිස්සාර් විසින් කියූ නවතම වදන් ගැන සියල්ල ඇය සිටියා ය. එහෙත් ඩොන් ද්‍රෝණියේ පතල් වල අළුතින් ම නිෂ්පාදනය කරන ලද අඟුරු ප්‍රමාණය කොච්චරක් දැයි කියන්නට ඇය දැන සිටියේ නැත.

“ඔබ පුවත්පත් කියවන්නේ නැද්ද, සහෝදරිය?” විභාග නිලධාරියා ඇයගෙන් ඇසුවේ බුරුලක් නොපෙන්වා ය.

“ඔව්, සහෝදරයා.”

“මම ඔබට අවවාද කරනවා ඒවා ඔයිට වඩා උවමනාවකින් හොඳින් කියවන්න කියල. තමන්ගෙ පටු විෂයයට එහායින් කිසිත් නොදන්න සීමාසහිත දැනුමක් ඇති විශේෂඥයෝ සහ පරණ තාලේ උගතුන් අපිට වැඩක් නැහැ. අපේ නූතන අධ්‍යාපනය සපයන අය දේශපාලන විද්වත් බවින් යුතු වෙන්න ඕන. සෝවියට් සත්‍යතාවය පිළිබඳ ක්‍රියාශීලී උනන්දුවක් දක්වන්න ඕන. අපේ රාජ්‍ය ඉදිකිරීම් ගැන සියළු තොරතුරු දැන ඉන්න ඕන. … ඊ ළඟ එක්කෙනා!”

ඇයව රැකියාවෙන් නෙරපන්නට හැකියි, ගෙදර යන ගමන් ඇය සිතුවේ සිතට කිසිම වෙනසක් නොදැනී ය. ඒ ගැන කිසිම සිත් කරදරයක් කර ගන්නෙ නැහැ. තව දුරටත් ඒ ගැන සිත් කරදර කරගන්නෙ නැහැ. වසර තිහක් පාසැල් ගුරුවරියක් වී සිටි වයසක නෙස්ටරෝවා සහෝදරිය මෙන් ඇය තැවෙන්නේ නැහැ. මඟ පෙන්වන චාරිකා, පාසැල් පංති, සමාජ රැස්වීම්, අංශභාගය හැදි මවකට උයන පිහන අතර නෙස්ටරෝවා සහෝදරිය පුවත්පත් කියවන්නට තම කාලය සම්පූර්ණයෙන් ම වැය කළාය. ඇය හැම ප්‍රවෘත්තියක් ම වචනයෙන් වචනය කියැවූවා ය. තම රැකියාව ආරක්ෂා කරගන්නට නෙස්ටරෝවා සහෝදරියට ඉතාමත් උවමනා වුණි. එහෙත් විභාග නිලධාරියා ඉදිරියේ සිටගත් කල, නේසටරෝවා සහෝදරියට එකම වචනයක් වත් කියාගත නොහැකි වුණි. ඇය කට හැරිය ද, කිසිම හඬක් පිට නොවුණි. ඇය ඇද වැටුනේ කම්පාවෙන් බෙරිහන් දෙන කෑ ගැහිල්ලකිනි. ඇය පිස්සුවකින් මෙන් හඬන්නට වූවා ය. ඇයව කාමරයෙන් වත්තන් කරගෙන යන්නට හෙදියක් කැඳවන්නට සිද්ධ වුණි. නෙස්ටරෝවා සහෝදරියගේ නම මඟ පෙන්වන්නන්ගේ නම් ලැයිස්තුවෙන් කපා දැමුණි.

නිවසට පැමිණෙන විට කීරාට විභාගය අමතක වී තිබිණ. ඇය හිතුවේ ලියෝ ගැන ය. එදින හවස ඔහු කුමන ආකාරයෙන් තමාට දකින්න ලැබේවි දැයි ඇය සිතුවා ය. ප්‍රශ්නය නැඟියේ නොසන්සුන් සහගත අවුලක් ලෙසිනි. පරක්කු වී ගෙදර පැමිණෙන හැම අවස්ථාවක දී ම තමා නැති නිවසේ ඔහු සිටින ආකාරය ගැන වූවකි. හැම උදෑසනක ම ඔහු පිටත් වී යන්නේ සතුටින් සිනාවෙමිනි. ජවයෙන් පිරි උද්දාමයකිනි. එහෙත් දවස අවසන බලාපොරොත්තු විය යුත්තේ කුමක් දැයි ඇය දැන සිටියා ය. සමහර විටෙක ඔහු විදේශීය පොත් කියවමින් සිටියේ ය. ඇයගේ ආශීර්වාදයකට උත්තර දු‍න්නේ යාන්තමකට ය. ආහාර පවා ප්‍රතික්ෂේප කළේ ය. තමන්ගේ ලෝකයෙන් ඉතා ඈතක වූ ලොවක තතු කියවන ඔහු අවඥා සහගතව කෙකර ගානවා ඇහුණි. සමහර විටෙක ඔහු බීමතින් සිටියේ ය. කාමරයේ වැනි වැනී එහාට මෙහාට යයි. පරුෂ හිනාවකින් මුව පිරිණ. ඔහු වියදම් කළ මුදල් ගැන සඳහන් කරද්දී ඇය ඇස් ඉදිරිපිට මුදල් නෝට්ටු ඉරා දමන්නට විය. සමහර විට ඔහු ඇන්ටෝනියා පැව්ලොව්නා සමඟ කලාව ගැන කතා කරමින් සිටියේ ය. ඈනුම් හරිමින්, තමන්ගේ වදන් තමන්ට ද නොඇහෙන ආකාරයකින් ඔහු කතා කරමින් සිටියේ ය. සමහර විටෙක -ඉතා කලාතුරකින්- ඔහු ඇය හා සිනහ වූයේය. ඉතා ඈත අතීතයක දී, ඔවුන්ගේ මුල් හමුවන් වූ කාලයේ දී පරිදි ඔහුගේ දෑස් පැහැදිලි හා තරුණ විය. ඇයගේ අතට මුදල් තද කරමින් ඔහු රහසින් කෙඳුරුවේ “හංගන්න මගෙන් … පලා යන්න. යුරෝපයට. … අපි ඒක කරමු .. කවදා හරි .. ඔයාට පුළුවන් නම් මට මතක් නොවෙන්න ඉඩක් තියන්න .. එතෙක් .. අපිට පුළුවන් නම් නොහිතා ඉන්න …”

ඇය නොහිතා ඉන්න පුහුණු වී තිබිණ. ඇයගේ මතකයේ වූයේ ඔහු ලියෝ බවත්, ඔහුගේ කටහඬට එපිටතින් වූ, ඔහුගේ දෑත් වලින් එපිටතින් වූ, ඔහුගේ දේහයෙන් එපිටත වූ, ‍ලෝකයක් ඇයට නැති බවත් ය. ඔහුත් ඔහු වෙත හිමිහිට වෙත ඇදෙනා, නම් කළ නොහැකි, දැවැන්ත වූ, බොහෝ දෙනෙක් ගිලගත් දැය අතරත් මැදින් තමන් මුරකාරියක් ලෙසින් සිටිය යුතු බව ය. ඇය මුර කරන්නට සූදානම් ය. වෙන කිසිවක් වැදගත් නැත. ඇය අතීතය ගැන නොසිතුවා ය. අනාගතය – ඇය වටා සිටි කිසිවෙක් අනාගතය ගැන සිතුවේ නැත.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: