Sinhala story Blog

සැප්තැම්බර් 20, 2011

අපි ජීවත්වන්නෝ -288 ඒ ගොඩනැඟිල්ල ඉදිවන පලංචියෙ තමන් නොවන හේතුව මන්දැයි

Filed under: Uncategorized — sinhalashortstories @ 11:42 පෙ.ව.

VII

ඉදි කරමින් පවතින ගොඩනැඟිල්ල දිහා කීරා බලාගෙන සිටියා ය.

රතු ගඩොල් වලින් නිමැ වූ තැනින් තැන නෙරා ඇති නව රළු බිත්ති, අළුත් සුදු සිමෙන්ති ගොඩක් මතින් වැටී තිබුණු කොටු වැටි දැලක්, අළු පැහැති අහස සෙමෙන් අඳුරු පැහැයට ළං වෙන කලින් උදාවෙන සැන්දෑ එළියෙන් දිස්වුණි. අහස පසුබිම් කරගත් කම්කරුවෝ බිත්ති මතින් නැවී සිටිති. යකඩ මිටි වැදෙයි. පාර පුරා නාදය පතුරවයි. එන්ජින් බැරෑඬි හඬින් ද, හුමාලය විසිල් ගසමින් ද නාද පතුරුවයි. හුණු බදාම පහර වල් වැදි ලී ලෑලි, පලංචි හා බාල්කයන් පිරි කැලෑවක් සේ ඇය ඉදිවන ගොඩනැඟිල්ල දැකීය. ඇය හිටගෙන ඒ දිහා බලා සිටියා ය. ඇයගේ දෑස් විසල් ය. ඇයගේ තොල්වල සිනාවක් ඇඳී ඇත. අවදානම් පිරි පලංචි මත පටු ලෑල්ලක් උඩ ඉක්මණින් ඇවිදින, අව්වෙන් රන්වන් පාට වූ මුහුණක් ඇති, මුව කොනක පයිප්පයක් රුවා ගත් තරුණයෙකි. මිටියකින් වදින පහරවල් මෙන් රළු වූ, නිශ්චිත වූ, සමාව නොදෙන පහරවල් ලෙසින් ඔහුගේ දෑත් හැසිරෙන හැටි ඇය බලා සිටියා ය. කොතරම් කාලයක් එතැන තමා සිටිගෙන සිටියේ දැයි ඇය නොදත්තා ය. සියල්ල අමතක වී තමන් ඉදිරියේ වූ වැඩ කටයුතු දිහා පමණක් ඇයගේ අවධානය රැඳී තිබිණි. එවිට හදිසියේ ම, ඇස් නොපෙනී ගිය තත්පරයකින් පසුව සියල්ල පැහැදිලිව පෙනෙනා වූ ලෙසකින්, පහරක් වැදුණු ලෙසින් ඇය ඇයගේ ලෝකයට පිවිසී ය. හරියට අළුත් ඇස් වලින් නව ලෝකය දෙස නව ආකාරයකින් බලනා ලෙසකින් තමනට අමතක වී ගිය ලෝකයක් දකිනා ලෙසකින් ඇය වටපිටාව දෙස බැලුවා ය. පුදුමයෙන් ඇය කල්පනා කළේ ඒ මුවේ පයිප්පයක් රුවාගෙන අණ දෙන පිරිමියා මෙන් ගොඩනැඟිල්ල ඉදි කරන පලංචියේ තමන් නොවූයේ මන්දැයි කියා ය. ඇයගේ රැකියාවෙන් ඇයව ඈත් කර තබන්නට හැකි හේතුව කුමක් දැයි කියා ය. ඇයගේ ජීවිත අරමුණ. ඇයගේ එකම අභිප්‍රාය. එය ක්ෂණික වූ තත්පරයක් විය. එය කොතරම් ක්ෂණික වූවා දැයි කියතොත් ඇයට එය දැනුනේ එය අවසන් වූ පසුව ය. එය අවසන් වූ පසුව ඇය ලෝකය දැක්කේ ඇය ඊට හුරු වූ තිබෙන ආකාරයට ය. ඒ ගොඩනැඟිල්ල ඉදිවන පලංචියේ නොවන තමන් හේතුව මන්දැයි ඇයට මතක් වුණි. ඇයට උවමනා වූ එකම රැකියාව සදහටම ඇයට නැති වී ගියේ කුමන හේතුව නිසාදැයි මතක් වුණි. ඇයගේ හද පත්ලෙන් නැඟි හිස් තැනක් පුරවන්නට මොළයෙන් වචන හතක් ඉදිරිපත් විය: “සමහර විට … කවදා හරි දවසක .. පිටරටක දී..”

ඇයගේ උරහිසට අතක් වැදිණ: “ඔබ මෙතැන මොකක් කරනවා ද, පුරවැසියෙනි?”

මිලීෂියා මිනිහෙක් ඇය දිහා සැක සහිත බැල්මකින් බලාගෙන සිටියි. රතු තරුවකින් යුතු, උල් වූ කාකි තොප්පියක් ඔහු ඔළුවට හිරවෙන්නට පැළඳ සිටියේ ය. ඔහු ඇස් සිහින් කර බැලුවේ ය. හැඩයක් නොමැති කොට්ට වැනි මෘදු තොල් විවර කළේ ය. “ඔබ මෙතැන පැය භාගයක් හිටගෙන හිටියා, පුරවැසියෙනි. ඔබට ඕනෑ කුමක් ද?”

“කිසිත් නෑ,” කීරා කීවාය.

“ඉතින් එහෙනම්, මෙතැනින් යනවා හොඳයි, පුරවැසියෙනි.”

“මම නිකම් බැලුවා විතරයි,” කීරා කීවාය.

“ඔබට,” කොට්ටා මෙන් හැඩකින් නොයුතු තොල් විවෘත කරමින් මිලීෂියා මිනිසා ආඥා කළේය, “කිසිම අයිතියක් නැහැ මෙතැන බලාගෙන සිටින්න.”

මුකුත් නොකියා ඇය හැරී වෙනතක ඇවිද ගියා ය.

****
(පරිවර්තක සටහන: රවි, ඔබට ඉතාමත් ස්තූතියි අද සටහන වෙනුවෙන් ඔබ දුන් සහයට.)

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: