Sinhala story Blog

සැප්තැම්බර් 17, 2011

අපි ජීවත්වන්නෝ -286 කිසිත් කියන්න අයිතියක් නොදී කතා කරන්න කියනවා

Filed under: Uncategorized — sinhalashortstories @ 8:27 පෙ.ව.

“කිසිත් නැහැ. කිසිත් නැහැ, මිතුරා.

නිකම් කියවන දේවල්. මට කතා කරන්න බැරි ද? ඔයත් ඉතිරි අය වගේ ද? ඕන ද හැමෝටම කතා කරන්න යැයි කියන්න, කතා කරන්න යැයි අණ කරන්න, කතාව, කතාව, කතාව, කිසිත් කියන්න අයිතියක් නොදී කතා කරන්න කියනවා.”

“මෙන්න,” අන්ද්‍රෙ කීවේ ය, “අර කොට්ටය තියාගන්න ඔළුව යටින්. පහසුයි එතකොට. පොඩ්ඩක් විවේක ගන්න. ඔයාට එච්චර හොඳ සුවයකින් නෙවේ ඉන්නෙ.”

“කවුද, මම?” ටිමොෂෙන්කෝ කොට්ටය ගෙන එය බිත්තියට ගසා දැමුවේ ය. “ජීවිතේ වෙන කිසිම දවසක මේ තරම් නිරෝගී බවක් දැනිලා නැහැ මට. මම ඉතා හොඳින් ඉන්නෙ. නිදහස්. ඉවරයි. හිතේ කරදර නැහැ. කිසිම කරදරයක් හිතේ නැහැ තව දුරටත්.”

“ස්ටීවන්, ඇයි මේ පැත්තෙ වැඩියෙන් එන්නෙ නැත්තෙ? ඔයා එන්න මේ පැත්තෙ. අපි ඉස්සර යාළුවෝ. අපි දෙන්නට දෙන්න උදව් කරගන්න ඇහැකි.”

ටිමොෂෙන්කෝ මඳක් ඉස්සහරට ඇදී අන්ද්රෙත දිහා ඇස් අයා සිටියේ ය. සංවේගාත්මක ලෙසින් දත් විලිස්සුවේ ය. “මට ඔයාට උදව් කරන්න බෑ කොල්ලො. මට උදව් කරන්න පුළුවන් ඔයා මගේ කොලරයෙන් අල්ලගෙන මාවත් මා පෙනී සිටින සියළු දේවල් හිටන් එළියට පයින් ගහලා දාලා දැම්මොත් විතරයි. ඊට පස්සෙ ගිහින් ගොඩක් පහත් වෙලා නැවිලා ලොකු ම ලොකු බූට් සපත්තුවක් ලෙව කෑවොත් විතරයි. ඒත්, ඔයා එහෙම කරන්නෙ නැහැ. අන්න ඒ නිසයි මම ඔයාට ඊර්ෂ්‍යා කරන්නෙ අන්ද්‍රෙ. අන්න ඒකම තමයි ඔයා මගේ පුතා වෙනවා නම් මම කැමති අන්ද්‍රෙ. එකම දේ මට පුතෙක් කවදා වත් ඉන්න එකක් නැහැ. රුසියාවේ ගණිකා මඩම් පුරා මගේ පුත්තු විසිරිලා ගිහින්.”

බිම වූ කටු සටහන් රැගත් සුදු කොළ දිහා ඔහු බැලුවේ ය. පොතකට පයින් ගහමින් “ඔබ මෙතන මොකද කරන්නෙ අන්ද්‍රෙ?” කියා ඇසුවේ ය.

“මම පාඩම් කරනවා. මට පාඩම් කරන්න එච්චර වෙලාවක් ලැබුනෙ නැහැ. මම රහස් පොලීසියේ වැඩ වැඩිවෙලා හිටියෙ.”

“පාඩම් කරනවා, එහෙමයි? තව අවුරුදු කීයක් තියනවා ද විද්‍යායතනයේ?”

“අවුරුදු තුනක්.”

“අහ්. .. හහ්.. ඔයා හිතන්නේ ඒක ඔයාට අවශ්‍ය වේවි කියල ද?”

“අවශ්‍ය වෙයි ද කියල, මොකක් ද?”

“ඉගෙනීම.”

“ඇයි මට අවශ්‍ය වෙන්නෙ නැත්තෙ?”

“කියන්න, මිතුරා, මම ඔයාට කිව්ව ද මාව රහස් පොලීසියෙන් පන්නලා දැම්ම බව? අහ්, ඔව්, මම ඔයාට කිව්ව. ඒත් තාම මාව පක්ෂයෙන් පන්නලා දාලා නැහැ. ඒත් එයාල ඒක කරාවි. ඊ ළඟ සුද්ද කිරීමේ දී -මම යයි.”

“මම ඒක ගැන කළින් තියා හිතන්නෙ නැහැ. ඔයාට තාම පුළුවන් …”

“මම දන්නවා මම මොනවා ද කියන්නෙ කියල. ඒ වගේම, ඔයත් දන්නවා. ඉතින් ඔයා
දන්නවා ද කවුද ඊ ළඟට යන්නෙ කියලා?”

“නැහැ,” අන්ද්‍රෙ කීවේය.

“ඔයා,” ස්ටීවන් ටිමොෂෙන්කෝ කීවේ ය.

අන්ද්‍රෙ නැඟිට්ටේ ය, අත්දෙක පපුවට උඩින් බැඳ ගත්තේ ය. ටිමොෂෙන්කෝ දිහා බැලුවේ ය. “සමහර විට,” ඔහු හෙමිහිට කීවේ ය.

“සවන් දෙන්න, යාළුවා,” ටිමොෂෙන්කෝ ඉල්ලා සිටියේ ය, “මෙහෙ බොන්න මොනවා හරි ‍තියේ ද?”

“නැහැ,” අන්ද්‍රෙ පිළිතුරු දුනි, “අනික, ඔයා දැන් බීලා තියන ප්‍රමාණය වැඩියි, ස්ටීවන්.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: