Sinhala story Blog

සැප්තැම්බර් 16, 2011

අපි ජීවත්වන්නෝ -285 පුංචි අන්ද්‍රෙ ට එයාව බලාගන්න කවුරු හරි අවශ්‍ය වෙයි කියල හිතුන

Filed under: Uncategorized — sinhalashortstories @ 9:35 පෙ.ව.

අන්ද්‍රෙගේ දොරට අතකින් තට්ටුවක් වැදිණ.

බර තට්ටුවකින් පසු තඩස් ගා සද්දයක් ඇසිණ. හරියට තට්ටුව දැමූ අත දොරට බර දී හේත්තු වූවා සේ ය.

ලාම්පුවක් අසලින් තබාගත් අන්ද්‍රෙ බිම වාඩි වී පාඩම් කරමින් සිටියේ ය. බිල්ඩින් සටහන් පිරි විශාල සුදුකොළ ඔහු වටා පැතිරිණ. ඔහු හිස ඔසවා, නොඉවසුම් සහගතව, “කවුද ඔය?” යැයි ඇසීය.

“ඒ මම, අන්ද්‍රෙ,” බර හඬකින් මිනිසෙක් පිළිතුරු දුන්නේ ය. “දොර අරින්න. මේ මම. ස්ටීවන් ටිමොෂෙන්කෝ.”

අන්ද්‍රෙ වහා නැඟිට ගොස් දොර හැරියේ ය. බාල්ටික් හමුදාවේ මුහුදු‍ සේවයේ රහස් පොලීසි සේවය කරන ලද ටිමොෂෙන්කෝ තරප්පු පෙළ අවසන හිටගෙන ය. මඳක් වැනෙයි. බිත්තියට හේත්තු වෙයි. මුහුදු කප්පිත්තෙකුගේ තොප්පියක් ඔහු පැළඳ සිටියි. එහෙත් එහි කිසිම තරුවක්, කිසිම නැවක නමක් සඳහන් නැත. ඔහුගේ ඇඳුම් සාමාන්යා පුරවැසියෙක් ‍වැනි ය. ජරාවට ගිය හාව ලොම්‍ කොලරයකින් යුතු කෙටි කබායක්, ඔහුගේ දැවැන්ත අත් වල හිරවෙන කමිස අත් වල වැලමිට ළඟ දිරා ගිහින් ය. ලොම් කොලරය පියවා නැත. මස්පිඬු එලියට පනින පත බෙල්ල සීතලට ඇරී ඇත. ඔහු සිනාවක් පෑවේ ය. ඇතුලතින් ආ එළිය ඔහුගේ සුදු දත් වලත් අඳුරු ඇස් වලත් දිළිසුණි.

“සුබ සැන්දෑවක්, අන්ද්‍රෙ. ඇතුලට කඩා වැදුනොත් කමක් නැද්ද?”

“එන්න ඇතුලට. මට සතුටුක් ඔබ දැකීම. මම හිතුවා ඔබට පරණ යාළුවෝ අමතක වෙලා කියල.”

“නැහැ,” ටිමොෂෙන්කෝ කීවේය, “මට අමතක වෙලා නැහැ.” ඔහු දොරකඩ පුරවමින් ඇතුලට අවුත් තමනට පිටුපසින් දොර වැසුවේ ය. එහාට මෙහාට වැනින. “මට අමතක වෙලා නැහැ .. ඒත් සමහර යාළුවොන්ට හරි සතුටක් මාව අමතක කරන්න .. මම කියන්නෙ ඔයා ගැන නෙමෙයි, අන්ද්‍රෙ. නැහැ. ඔයා ගැන නෙවෙයි.”

“වාඩිවෙන්න,” අන්ද්‍රෙ කීවේ ය. “ඔය කබාය ගලවන්න. ඔයාට සීතල නැද්ද?”

“කාට ද? මට? නැහැ. මට කවදාවත් සීතල දැනෙන්නෙ නැහැ. ඒක මට හොඳයි. මොකද නැත්නම් මේ තියන්නෙ මෙතන මෙච්චරයි මට අයිති සන්තකයම. … මම ගලවන්නම් මේක .. මෙන්න … සහතිකයෙන් ම, මට සීතල නැහැ. මම වාඩි වෙන්නම්. මම ඔට්ටු අල්ලන්නම් ඔයා හිතනවා මම වාඩි විය යුතු යැයි කියා මම බීගෙන ඉන්න නිසා කියල හිතන නිසා …”

“නැහැ,” අන්ද්‍රෙ කීවේය, “ඒත් ..”

“ඉතින්, මම බීගෙන වෙරිමතින්. ඒත් එච්චර වෙරි නැහැ. ඔයාට කමක් නැහැ නේද මට පොඩ්ඩක් වෙරි තිබුණට? කමක් නැහැ නේද?”

“ස්ටීවන්, කොහෙද ඔයා හිටියෙ? මාස ගණනකින් මම ඔයාව දැකලා නැහැ.”

“ඔහ්, හැම තැනම. මාව රහස් පොලීසියෙන් පැන්නුවා, ඔයා දන්නවා ඇතිනෙ ඒක නේද?”

අන්ද්‍රෙ හෙමිහිට හිස වැනුවේ ය. ඔහුගේ දෑස් යොමු වී තිබුණේ බිම වූ සටහන් දෙස ය.

“ඔව්,” ටිමොෂෙන්කෝ තම පාද පහසුවට දිගු හරිමින් කීය, “මාව පන්නලා දැම්ම. විශ්වාස නැහැල්ලු. අවශ්‍ය තරම් අරගලවාදී නැහැල්ලු. රතු බාල්ටික් හමුදාවේ ස්ටීවන් ටිමොෂෙන්කෝව.”

“මට දුකයි,” අන්ද්‍රෙ පැවසීය.

“කට වහපන්. කවුද ඔයාගෙ අනුකම්පාව ඉල්ලන්නෙ? ඒක හිනා යන දෙයක්. අන්න ඒකයි ඒක. .. ගොඩක්, ගොඩක් ලොකු විහිළුවක්. …” බිත්ති ලීස්තරයන් වල ඇඳි අනංගයන් දිහා ඔහු බැලීය. “ඔබට තියෙන්නෙ හිනායන තැනක්නෙ. මේක කොමියුනිස්ට්කාරයෙකුට ජීවත් වෙන්න මාර තැනක්නෙ.”

“මට කමක් නැහැ,” අන්ද්‍රෙ කීය, “මට යන්න පුළුවන්, ඒත් මේ දවස්වල කාමරයක් හොයා ගන්න හරි දුෂ්කරයි.”

“සහතිකයෙන් ම,” ටිමොෂෙන්කෝ හදිසියේ ම මහ හඬින් සිනහ වන්නට පටන් ගත්තේ ය. “සහතිකයෙන් ම, එක අපහසුයි අන්ද්‍රෙ ටැගනොව් ට. ඒත් ඒක අපහසු නැහැ පුංචි සියරොව් සහෝදරයාට. ඔන්න බලන්න. පක්ෂ කාඩ්පත මස් කඩකාරයාගේ පිහිය හැටියට පාවිච්චි කරන කිසිම කෙනෙකුට ඒක අපහසු වෙන්නෙ නැහැ. දුප්පත් යකෙක්ව නේවායෙ අයිස් වලට ඇදලා දාන්න අපහසු වෙන්නෙ නැහැ.”

“ඔයා පිස්සු කතා කරනවා, ස්ටීවන්. ඔයාට … ඔයාට කන්න මොනවා හරි දෙන්න ද?”

“එපා, කිසිම විදියකින් එපා … මොකක් ද ඔයා කියන්නෙ, ඔබ .. පුංචි මෝඩයා? ඔබ හිතන්නෙ මම බඩගින්නෙ ඉන්නවා කියල ද?”

“ඇයි, නැහැ, මම එහෙම ..”

“ඉතින්, හිතන්න එපා. මට තාම ඇතිවෙන්න කන්න තියනවා. බොන්න තියනවා. බොන්න ඕන තරම් තියනවා. .. මම මේ පැත්තේ ආවේ මම හිතුව පුංචි අන්ද්‍රෙ ට එයාව බලාගන්න කවුරු හරි අවශ්‍ය වෙයි කියල හිතුන නිසා. පුංචි අන්ද්‍රෙට එහෙම කෙනෙක් ඉතාමත් අවශ්‍යයයි. ඔහුට එය ඉතා වැඩියෙන් අවශ්‍යයයි.”

“ඔයා මොනව ද මේ කියන්නෙ?”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: