Sinhala story Blog

සැප්තැම්බර් 15, 2011

අපි ජීවත්වන්නෝ -284 අපේ දරුවාට දාන්න පුළුවන් හොඳ අරගල නමක් ගැන හිතන්න ඕන

Filed under: Uncategorized — sinhalashortstories @ 10:13 පෙ.ව.

“නරකාදියක්, සෝනියා!

ඒ සේරම හරියට සිද්ධ වෙලා නැහැනෙ තවම. දිනපතා යවන්න පුළුවන් ළදරු නිවාස තියනවා. ඒවායේ ඔයා දන්නවා, සාමූහික පුහුණුව ලබා දෙනවා, ඒක ලොකු පවුලක්, සාමූහිකත්වයේ ජවය ජීවිතයේ මුල් කාලයේ සිට ම ඉගෙන ගත්තාම ..”

“රාජ්‍ය ළදරු නිවාසයන් අනාගතයේ වැදගත් ම ජයග්රාහණයක් වෙයි. දැනට ඒ වුනාට ඒවා සම්පූර්ණ නැහැ. අපේ දරුවා ඇතිදැඩි කරන්නේ අපේ ශ්රේතෂ්ඨ ජනරජයේ සම්පූර්ණ පුරවැසියෙක් විදියට. අපේ දරුවා …”

“අපේ දරුවා! අපාය! කොහොම ද මම දන්නෙ ..”

“පවෙල්, ඔයා අඟවන්නේ ..”

“නෑ, නෑ, නෑ, මම එකෙන් කිසිත් ඇඟවූයේ නැහැ, ඒත් … නරකාදිය! සෝනියා, මම එදා වෙරිමතෙන් හිටියෙ. ඔයා ඊට වඩා දැනගෙන ඉන්න ඕන ..”

“එහෙනම් ඔයා ඒ ගැන පසුතැවිලි වෙනවා ද, පවෙල්?”

“ඔහ්, නෑ, නෑ, කිසිම විදියකින් නැහැ. ඔයා දන්නවානෙ මම ඔයාට ආදරෙයි කියල, සෝනියා. …‍ සෝනියා, මේ අහන්න, අවංකව ම, මට විවාහ වෙන්න ‍බැහැ මේ හදිසියේ. ඇත්තමයි, ඊට වඩා දෙයකට මම කැමැත්තක් නැහැ. මම ආඩම්බර වෙනවා ඔයාව කසාද බඳින්න. ඒත් මේ බලන්න, මම ජීවිතය පටන් ගන්නවා විතරයි, මට රැකියාව ගැන හිතන්න තියනවා. මම විශිෂ්ඨ පටන් ගැන්මක් ආරම්භ කළා විතරයි. ඉතින් … ඉතින් මගේ වගකීම තමයි මගේ පක්ෂය වෙනුවෙන් මාව පුහුණු කරගෙන මාව සම්පූර්ණ … ඉහළට යන්න …”

“මට පුළුවන් ඔයාට උදව් කරන්න, පවෙල්, නැත්නම් …” ඇය එය කිව්වේ සෙමෙන් ය, ඔහු දිහා බලාගෙන ය. ඇයට වාක්‍යය අවසන් කරන්නට සිද්ධ නොවිණ. ඔහුට වැටහිණ.

“නමුත්, සෝනියා ..” ඔහු කරකියා ගන්නට බැරිව කෙඳිරි ගෑවේ ය.

“ඔයාට ව‍ගේම මගේ හිතටත් මේක කරදරයක්,” ඇය කීවේ සංසුන් ලෙසිනි. “ඔයාට වඩා වේදනාත්මක පුදුමයක් ඒක නිසා මට දැනුනෙ. ඒත් මම සූදානම් මගේ වගකීම යැයි සලකන්න කරන්නට.”

තවත් පුටුවට බර දෙමින් ඔහු බලාපොරොත්තු රහිත ලෙසින්, හිස ඔසවන්නේ නැතිව “මේ අහන්න සෝනියා, මට දවස් දෙකක් දෙන්න පුළුවන් ද? ටිකක් හිතලා බලලා මේ අදහසට හුරු වෙන්න ..” කීවේ ය.

“සහතිකයෙන් ම,” ඇය නැඟිටිමින් පිළිතුරු දුන්නා ය, “හිතලා බලන්න. මගේ කාලය ඉවරයි කොහොමටත්. දුවන්න ඕනා. පසුව හමුවෙමු.”

“පසුව හමුවෙමු,” ඔහු මැතිරුවේ ඇය දිහා නොබලමිනි.

පවෙල් සියරොව් එදා සවස මතින් පිරි අයෙක් වූයේය. ඊ ළඟ දිනයේ දී ඔහු දුම්රිය සේවක වෘත්තීය සමාජයට ගියේය. එහි සභාපති ඔහුට සුබ පැතීය. “සුබ පැතුම්, සියරොව් සහෝදරයා. මට ආරංචියි ඔබ සෝනියා සහෝදරිය හා විවාහ වෙන්නට යන බව. ඊට වඩා හොඳ සම්බන්ධයක් මට කියන්න බැහැ.”

පක්ෂ බිලයේ දී පක්ෂ ලේකම්වරිය “ඉතින්, පවුලූෂා, ලෝකයේ ඉහළට යන්න ලැහැස්තියි නේද? ඒ වගේ භාර්යාවක් එක්ක …”

මාක්ස්වාදී සමාජයේ දී, ඔහු හා මීට පෙර කිසිදාක කතාබහ කර නොමැති වූ තෙදබල නිලධාරියෙක් සිනාවක් පෑවේ ය. ඔහුගේ උරහිසට තට්ටුවක් දුන්නේ ය. “මාව කැමති වෙලාවක ඇවිත් හමුවෙන්න, සියරොව් සහෝදරයා. ඔයාගේ අනාගත භාර්යාවගේ යහළුවෙක් සඳහා මම ඕන වෙලාවක කාර්යාලයේ ඉන්නවා.”

එදින සැන්දෑවේ, පවෙල් සියරොව් ඇන්ටෝනියා පැව්ලොව්නා ඇමතී ය. ඔහු මොරසොව් වෙත කඩාපැන්නේ ය. මෙතෙක් ලැබි කොටසට වඩා විශාල කොටසක් ඉල්ලා සිටියේ ය. එය කළින් දිය යුතු යැයි අණ කළේ ය. එය ලැබි පසු ඔහුට වීදියේ දී හමු වූ කෙල්ලකට මත්පැන් අරන් දුන්නේ ය.

දවස් තුනකට පසු, පවෙල් සියරොව් හා සෝනියා සහෝදරිය විවාහ වූහ. සැග්ස් හි හිස් කාමරයක ලේකම් ඉදිරිපිට දී විශාල ‍පොතක ඔව්හු කසාදය ලියාපදිංචි කළහ. තම විවාහයට පෙර නම තබා ගැනීමට කැමති බව සෝනියා සහෝදරිය කියා සිටියා ය.

එදින සැන්දෑවේ, සෝනියා සහෝදරිය පවෙල්ගේ කාමරයේ පදිංචියට ආවා ය. එය ඇයගේ කාමරයට වඩා විසාල වූවකි. “ඔහ්, ඩාලිං,” ඇය කීවාය, “අපේ දරුවාට දාන්න පුළුවන් හොඳ අරගල නමක් ගැන හිතන්න ඕන.”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: