Sinhala story Blog

සැප්තැම්බර් 14, 2011

අපි ජීවත්වන්නෝ -283 අපේ වගකීම ජනරජයේ අනාගත පුරවැසියෙකු වෙනුවෙන්

Filed under: Uncategorized — sinhalashortstories @ 9:39 පෙ.ව.

ඇය ඉදිරියෙන් වූ අසුනකට සියරොව් ඇද වැටුනේ ය.

ඇයගේ සංසුන් වත දිහා උනන්දුවෙන් බලා ඉන්නට පටන් ගත්තේ ය. “ඔයාට හොඳට ම විශ්වාස ඒ මගේ දරුවා කියල?” ඔහු ඇසුවේ බැරෑඬි වූ හඬකිනි.

“පවෙල්,” ඇය පිළිතුරු දුන්නේ හඬ උස් ස්වරයකට නො‍ගෙන යමිනි, “ඔයා මට නින්දා කරනවා.”

ඔහු උඩ පැන නැඟිට්ටේ ය. දොර අසලට ඇවිද්දේ ය. නැවත ආපසු ආවේ ය. අසුනේ හිඳ ගත්තේ ය. නැවත උඩ පැන නැඟිට්ටේ ය. “යකාට ගියාවේ, ඉතින් දැන් අපි මොකද කරන්නෙ?”

“අපි විවාහ වෙනවා, පවෙල්.”

ඔහු ඇය වෙත නැඹුරු වූයේය. මිටි මොළවා ගත් අතක් මේසයේ තැබුවේ ය. “ඔයාට පිස්සු හැදිලා ද?” ඔහු ඇසුවේ බර කටහඬකිනි.

ඇය ඔහු දිහා බලාගෙන, නිහඬව, සිටියා ය.

“ඔයාට පිස්සු, මම කියන්නම් ඔයාට! මට එහෙම කිසිත් අදහසක් නැහැ.”

“ඒත් ඔයාට ඒක කරන්න වෙනවා.”

“මට වෙනවා, මට කරන්න සිද්ධ වෙනවා? මෙතැනින් යන්න, ඔයා …”

“පවෙල්,” ඇය කියුවේ සෙමෙන් ය, “ඔයා පස්සෙ පසුතැවිලි වෙන දෙයක් දැන් කියන්න එපා.”

“මේ අහන්න .. මොකක් ද … අපි ජීවත් වෙන්නෙ බුර්ජුවාසී රටක නෙමේ. යකාට ගියාවේ! විවාහ පොරොන්දු කඩ කැඩිච්ච කන්‍යාවක් කියා දෙයක් නැහැ. ඔයා කොහොමට වත් කන්‍යාවක් වූයේ ද නැහැ … ඉතින් .. එහෙම නම් … ඔයාට උසාවි යන්න ඕන නම් -ඒකගෙ වියදමට කීයක් හරි ලබාගන්න- යකාට අරන් ගියාවේ ඔයාව- ඒත් ඔයා හා මට විවාහ විය යුතු යැයි කියන කිසිම නීතියක් නැහැ. විවාහ වෙන්න! අපායක්! ඔයා හිතන්නෙ අපි එංගලන්තයෙ හරි කොහෙ හරි ජීවත් වෙනවා කියල!”

“වාඩි වෙන්න, පවෙල්,” සෝනියා සහෝදරිය කීවාය, ඇයගේ අත් වාටියේ වූ බොත්තමක් ඇය පියවයි, “මාව වරදවා වටහා ගන්න එපා. මේ ගැන මගේ අදහස කිසි විදියකින් පරණ තාලේ එකක් නෙවෙයි. අචාර ධර්ම හෝ මහජන මතය වගේ කන්දොස්කිරියාවන් ගැන මට කිසිම වැදගත්කමක් නැහැ. ඒක අපේ වගකීම ගැන වූවක් පමණයි.”

“අපේ .. මොකක් ද?”

“අපේ වගකීම, පවෙල්. අපේ ජනරජයේ අනාගත පුරවැසියෙකු වෙනුවෙන්.

සියරොව් සිනහා වූයේය. එය ඇසුනේ ඔහු හොටු හූරන ලෙසකිනි. “නවත්ත ගන්න ඒක!” ඔහු කීවේය, “ඔයා සමාජ රැස්වීමක් අමතනවා නෙවෙයි.”

“ඇත්තට ම,” සෝනියා සහෝදරිය කීවා ය, “අපේ මූල ධර්ම වලට තියන පක්ෂපාතීත්වය එතකොට ඔයාගෙ පුද්ගලික ජීවිතයේ කොටසක් නෙවෙයි ද?”

ඔහු නැවතත් උඩ පැන නැඟිට්ටේ ය. “දැන්, සෝනියා, මාව වරදවා තේරුම් ගන්න එපා. සත්‍යයෙන් ම, මම හැම තිස්සෙම අපේ මූල ධර්ම වලට පක්ෂපාතීයි .. සත්‍යයෙන් ම. ඒක විශිෂ්ට සිතැඟියාවක්. මම ඒක අගය කරනවා. .. ඒත් එතකොට, මොකක් ද ලැබෙන වෙනස … අනාගත පුරවැසියාට?”

“අපේ ජනරජයේ අනාගතය තියෙන්නෙ ඊ ළඟ පරම්පරාව අතේ. අපි දරුවන් හදන හැටි වැදගත් ගැටළුවක්. අපේ දරුවාට පක්ෂ අම්මා කෙනෙක් -තාත්තා කෙනෙක්- සිටීමේ වැඩි වාසියක් තියේවි තම පියවර වලට මඟ පෙන්වා දෙන්න.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: