Sinhala story Blog

සැප්තැම්බර් 13, 2011

අපි ජීවත්වන්නෝ -282 දැන් මුකුත් කරන්න පරක්කු වැඩියි

Filed under: Uncategorized — sinhalashortstories @ 6:23 පෙ.ව.

“ඔහු තාම ආවේ නැහැ,” තඹවිට හිසකෙසින් යුතු වූ කාන්තාව පැවසුවා ය.

“එනකම් මම ඉන්නම්,” සෝනියා සහෝදරිය පැවසුවා ය.

කාන්තාව කකුලකින් තව කකුලකට බර දෙමින් නොසන්සුන් ව තොල් සපන්නට වූවා ය. අනතුරුව ඇය කීවේ: “ඔහු එනතෙක් ඔබ කොහෙ ද ඉන්නෙ පුරවැසියෙනි. අපිට අමුත්තන් පිළිගන්නා කාමරයක් නැහැ. මම සියරොව් පුරවැසියාගෙ අසල්වැසියා පමණයි. ඉතින් මගේ කාමරයේ ..”

“මම ඉන්නම් සියරොව් පුරවැසියාගේ කාමරයේ.”

“ඒත්, පුරවැසියෙනි ..”

“මම කිව්වෙ ඔහු එනතෙක් මම ඉන්නම් කියලා සියරොව් පුරවැසියාගේ කාමරයේ.”

කොරිඩෝව දිගේ සෝනියා සහෝදරිය තීරණාත්මක ලෙසින් ඇවිද ගියා ය. වයසක අසල්වැසියා පරාජයට පිළිගත් ආකාරයට හිස වනමින්, සෝනියා සහෝදරියගේ උස් අඩි නැති පිරිමි සපත්තු ඉක්මණින් පොළවේ වදිනා ආකාරය දිහා ඇස් යොමු කරගෙන ඇය පිටුපසින් ගියා ය.

සෝනියා සහෝදරිය කාමරයට ඇතුල් වෙද්දී පවෙල් සියරොව් උඩ පැන නැඟිට්ටේ ය. පුදුමය හා ඇතුලට එන්න යැයි කියන ආරාධනයෙන් ඔහු අත් දෙපැත්තට විහිදෙන්නට දිග හැරියේ ය.

“සෝනියා, මගේ ප්‍රියම්බිකාව!” ඔහු පමණට වඩා උස් වූ හඬකින් සිනහා වූයේ ය. “ඒ ඔයා! මගේ ප්‍රියම්බිකාව, මට සමාවෙන්න. මට කාර්ය බහුලයි. ඒ නිසා මම අණ දීලා තිබුනේ … මම දැනගෙන හිටියා නම් …”

“ඒකට කමක් නැහැ,” සෝනියා සහෝදරිය එය නොසලකා හැරියා ය. බරින් යුතු ගමන් මල්ලක් මේසයට විසි කළ ඇය තම කබායේ බොත්තම් උනන්නට විය. තම බෙල්ල වටා ඔතන ලද ඝනකම පිරිමි සාටකය දිග හැර ගැලවීය. තම අත්ඔරලෝසුව දිහා නෙත් යොමු ක‍ළා ය. “මට පැය භාගයක් වැය කරන්න පුළුවන්,” ඇය කීවාය. “මම මේ සමාජයට යන ගමන්. අද අපි ලෙනින් වෙනුවෙන් ඉඩක් විවෘත කරන දවස. මට ඔයාව මුණ ගැහෙන්න උවමනා වුනේ වැදගත් දෙයකට.”

සියරොව් ඇයට පුටුවක් පිළිගැන්නුවේ ය. කබාය දමා ගත්තේ ය. කණ්ණාඩියක් ඉදිරිපිට දී තම ටයි පටිය සකස් කර ගත්තේ ය. ඔ‍ළුවේ කෙස් අතින් පීරා ගත්තේ ය. ඔහු සිනාවූයේ ඇයගේ හොඳ හිත දිනාගන්නට දැරූ වෑයමකිනි.

“පවෙල්,” සෝනියා සහෝදරිය කීවාය, “අපි දෙන්නට දරුවෙක් ලැබෙන්න යනවා.”

සියරොව්ගේ අත් කඩා හැලුණි. ඔහුගේ මුව විවෘත විය. “ආ ..?”

“බබෙක්,” සෝනියා සහෝදරිය ස්ථිර ව කීවා ය.

“මොන …”

“දැන් මාස තුනක්. මම දන්නවා,” සෝනියා සහෝදරිය කීවා ය.

“ඇයි ඔයා මට කළින් කිව්වෙ නැත්තෙ?”

“මට හරියට ම විශ්වාසයක් තිබුනෙ නැහැ.”

“යකාට ගියාවේ! ඔයාට තියෙන්නෙ …”

“දැන් මුකුත් කරන්න පරක්කු වැඩියි.”

“ඇයි මෙච්චර …”

“මම කිව්වේ දැන් මුකුත් කරන්න පරක්කු වැඩියි.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: