Sinhala story Blog

සැප්තැම්බර් 12, 2011

අපි ජීවත්වන්නෝ -281 මොකක් ද කෙනෙක්ට මේ දවස්වල කරන්න තියෙන්නෙ?

Filed under: Uncategorized — sinhalashortstories @ 9:03 පෙ.ව.

වාවා මිලොව්ස්කේයා ව මහ මඟ දී කීරාට මුණ ගැසිණ.

ඇය හඳුනාගත නොහැකි තරමට වෙනස් වී සිටියා ය. කීරා වෙත බයාදු ලෙසකින් පැමිණියේ වාවා ය.

“කොහොම ද සැප සනීප, කීරා?” ඇය මිමිණුවා ය.

තම පියාගේ ඩාර්බි තොප්පියක පරණ වෙල්වට් වලින් මහන ලද තොප්පියක් වාවා පැළැඳ සිටියා ය. එහි වට රවුම නැවී තිබුණි. දවස් කිහිපයකින් සුද්ද කර නැති ලෙසකින් පෙනුණි. උවමනාවක් නැති ලෙසට දකුණු කම්මුල උඩින් කළු කොණ්ඩ රොදක් වැටී තිබුණි. සායම් දිය වී ගිය දම් පැහැති තොල් අලේපනයකින් ඇයගේ තොල් පුරා චාරයක් නැතිව පාට ගා තිබිණ.

ඇයගේ පුංචි නැහැය දිළිසෙයි. එහෙත් ඇයගේ දෑස් අඳුරු ය. ඉදිමී ඇත. වයසට ගිහින් ය. සැලකිල්ලකින් තොර ය.

“වාවා, මම ඔයාව ගොඩ කාලෙකින් පස්සෙ දැක්කෙ. කොහොම ද ඔයා?”

“මම .. මම විවාහ වෙලා ඉන්නෙ, කීරා.”

“ඔයා .. ඇයි, මගේ සුබ පැතුම් … කොයි කාලෙ ද?”

“ස්තූතියි. සති දෙකකට කළින්.” වාවා මැතිරුවේ ඇස් වෙනතක යවමින්, වීදිය දිහා බලමිනි. “මම .. අපි .. අපි ලොකු මංගල්‍යයක් ගත්තෙ නැහැ, ඉතින් අපි කාටවත් ආරාධනා කළේ නැහැ. පවුල විතරයි, ඔයාට කියන්නෙ, ඒක පල්ලි මංගල්‍යයක්, ඉතින් කොල්යා කැමති වුනේ නැහැ ඒක එයා වැඩ කරන කාර්යාලයේ අයට ආරංචි වෙනවාට.”

“කොල්යා … ?”

“ඔව්, කොල්යා ස්මියට්කින්. ඔයාට මතක නැහැ වෙන්න ඇති එයාව. ඒත් මගේ සාදයේ දී ඔයාට එයාව හමුවුනා .. දැන් මගෙ නම ඒකයි: ස්මියට්කිනා පුරවැසිනිය … ඔහු වැඩ කරන්නේ දුම්කොළ පදනමේ, ඒක එච්චර ලොකු රස්සාවක් නෙමෙයි, ඒත් ඔවුන් කියනවා ඔහුට ළඟ දී උසස්වීමක් ලැබේවි කියා … එයා හරි හොඳ කොල්ලෙක් .. ඔහු .. ඔහු මට ගොඩාක් ආදරෙයි. .. ඉතින් ඇයි මම ඔහුව බඳින්න හොඳ නැත්තෙ?”

“මම කිව්වෙ නැහැ වාවා ඔයා ඔහුව බඳින්න හොඳ නැහැයි කියලා.”

“මොකක් ද බලාගෙන ඉන්න තියෙන්නෙ? මොකක් ද කෙනෙක්ට මේ දවස්වල කරන්න තියෙන්නෙ? කෙනෙක් … කෙනෙක් නැත්නම් … මම ඔයාට කැමති කීරා, ඔයා විතරයි එකම එක්කෙනා මට සතුටු වෙන්න කියා පැතුවේ නැති.”

“ඒත් මම ඔයාට සතුට පතනවා, වාවා.”

“ඉතින්, මම සතුටින්!” ඇය හිස ගසා දමා එදිරි ලෙසකින් කීවා ය. “මම සම්පූර්ණයෙන් ම සතුටෙන් ඉන්නෙ.”

කිළිටු අත්වැසුමකින් සැරසුන වාවාගේ අත්ල කීරාගේ අතේ රැඳිණ. ඇය මඳක් තැති ගත් බවක් පෙනිණ. හරියට කීරා ගැන බිය වූවා මෙනි. ඇයගේ දෑත කීරාගේ අත වටා එතිණ. හරියට ඇයට යන්නට දෙන්නට බිය වූවා මෙනි. ඇයට කියන්නට අකමැති යමක් නොකියා ඉන්නට දැඩි උත්සාහයක් ගන්නා මෙනි. අනතුරුව ඇය වෙනතක් බලමින් රහසින් කීවේ “කීරා … ඔයා හිතනවා ද … ඔහු ඉන්නේ සතුටින් කියා?”

“වික්ටර් කියන්නෙ සතුටින් ඉන්න එක ගැන සැලකිල්ලක් දක්වන කෙනෙක් නෙමෙයි,” කීරා කීවේ ඉතාමත් සෙමෙන් ය.

“මට කමක් නැහැ .. “ වාවා රහසින් කොඳුරයි, “ම‍ට එච්චර කමක් නැහැ කොහොමටත්, ඒක මට අදාල නැහැ කිසි විදියකින්. කිසිම විදියකින් .. ඔහ්, ඉතින්, මම කැමතියි ඔයා අපිව බලල යන්න එනවා නම් .. එකම දේ අපි තාම පදිංචි වෙන්න තැනක් හොයාගෙන නැහැ. මම කොල්යාගෙ කාමරයට ගියා. මොකද මගේ පරණ කාමරය .. මේකයි, තාත්තා කැමති වුනේ නැහැ, ඔන්න ඔයා බලන්න, ඒ නිසා මම හිතුවා ගෙදරින් යන්න. ඉතින් කොල්යාගේ කාමරය -ඒක ලොකු තට්ටු මහලක පරණ ගබඩා කාමරයක්. ඒක හරි පුංචියි. ඉතින් අපි .. ඒත් අපි වෙන කාමරයක් හොයා ගත්තම, එතකොට මම ඔයාට ආරාධනා කරන්නම් එන්න කියල .. ඉතින් මම දුවන්න ඕන … සමුගන්නම්, කීරා.”

“සමුගන්නම්, වාවා.”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: