Sinhala story Blog

සැප්තැම්බර් 10, 2011

අපි ජීවත්වන්නෝ -280 මේ පවුලේ වංගෙඩි ම‍ගේ කරේ බැඳගෙන තැනකට යා ගන්න කොච්චර දුෂ්කර ද!

Filed under: Uncategorized — sinhalashortstories @ 9:13 පෙ.ව.

“ඔයාට කියන්න තියන දෙයක් කියන්න, තාත්තට ඇහුණාවේ.”

“හොඳයි එහෙනම්. ඒ අර මිනිහා ගැන,” ඔහු සාෂා පිටුපසින් වැසුණු දොර දෙසට අත දිගු කර පෙන්වීය.

“ඔව්?”

“මේ එපා කරපු තත්වය මොකක් ද කියලා ඔයාට තේරුම් ගන්න පුළුවන් යැයි මම හිතනවා.”

“නැහැ. මට බැහැ. මොන තත්වය ද?”

“ඔයා සම්බන්ධයක් පටන් අරන් තියෙන්නෙ මොන විදියෙ මිනිහෙක් එක්ක කියලා ද කියා ඔයා දන්නවා ද?”

“මම සම්බන්ධයක් පවත්වා ගෙන යන්නෙ නැහැ. සාෂයි මායි විවාහ ගිවිස ගෙන තියෙන්නෙ.”

වික්ටර් ගැස්සී ඉස්සරහට ඇදුණි. ඔහුගේ මුව විවෘත විය. නැවත වැසිණ. තමන් පාලනය කරගන්නට දරනා වූ උත්සාහයෙන් යුතුව ඔහු හෙමිහිට කීවේ “අරීනා, ඒක කොහොමට වත් කරන්න බැහැ,” යනුවෙනි.

ඔහු ඉදිරියේ ඇය සිටියේ ආරවුල් සහගත, කෙළින් එල්ල කරගත්, කෝපාවිෂ්ට දෑස් කෙළින් මුණ ගැහෙන සේ ය. “කරන්න බැහැ? හරියට ම ඒක කරන්න බැරි වෙන්නෙ කොහොම ද?” ඇය විමසුවා ය.

මුව නළියද්දී ඔහු ඇය වෙත තවත් නැඹුරු වූයේය. “මේ අහන්න,” ඔහු කෝපයෙන් කියයි, “ඵල රහිත ප්‍රතික්ෂේපයන් කරන්න එපා. මම දන්නවා ඔයාගෙ සාෂා චෙරනොව් කවුදැයි කියා. අරගල විරෝධී කටයුතු වලින් ඔහු බෙල්ලට ම හිර වෙච්ච කෙනෙක්. ඒක මගේ වැඩක් නෙමෙයි. මම කටපියා ගෙන ඉන්නවා. ඒත් වැඩි කලක් නොගිහින් පක්ෂයේ ඉන්න අනිත් අය ඒක දැන ගන්නවා. ඔයා දන්නවා ඒ වගේ බුද්ධියක් ඇති තරුණයන්ට වෙන ඉරණම මොකක් ද කියල. ඔයා අපේක්ෂා කරනවා ද මගේ සහෝදරිය අරගල විරෝධියෙක් හා විවාහ වෙනවා බලන්න මම ළඟට වෙලා ඉඳියි කියල? මගේ පක්ෂ තත්වයට ඒකෙන් මොකක් වෙයි කියලා ද හිතන්නෙ?”

ආඝාත වූ සැලකිලිමත් ලෙසකින් “ඔයාගෙ පක්ෂ තත්වයට හෝ ඔයාට එයින් කුමක් වේ ද යන්න ගැන මට ඇති වටිනාකම පූසෙක් පිටිපස්සෙ තරප්පු පෙලේ අශූචි දාලා යනවාටත් වඩා අඩු වැදගත්කමකින් යුතු වූවක්” යැයි අරීනා කීවා ය.

“අරීනා!” වසිලි ඉවානොවිච් පුදුමයට පත් වූයේය. වික්ටර් ඔහු වෙත හැරුනේ ක්ෂණිකව ය.

“ඔයා ඇයට කියන්න!” වික්ටර් ගුගුලා ය, “මේ පවුලේ වංගෙඩි ම‍ගේ කරේ බැඳගෙන තැනකට යා ගන්න කොච්චර දුෂ්කර ද! ඔයාට පුළුවන් අපායට රෝල් වෙලා යන්න. ඒක ඔය තරම් වැදගත් යැයි සතුටින් බාර ගන්නවා නම්. ඒත් මාවත් ඇදගෙන යන්න හිතන්න එපා!”

“ඒත්, වික්ටර්,” වසිලි ඉ‍වානොවිච් හෙමිහිට කීවේ ය, “ඔයාටත් මටත් ඒ ගැන කිසිම දෙයක් කරන්න බැහැ. ඔයාගේ සහෝදරිය ඔහුට ආදරෙයි. ඇයට අයිතියක් තියනවා ඇයගේ සතුටට. දෙයියො දන්නවා, ඇයට ඉතා ඩිංගයි තිබුනෙ පහුගිය අවුරුදු වල දී සතුටක් සඳහා අවස්ථාවල්.”

“ඔයා ඔච්චර පණ බයයි නම් ඔයාගෙ පක්ෂ හමට,” අරීනා කීවා ය, “මම මෙහෙන් යන්නම්. මට අවශ්‍ය තරමට මම හම්බ කරනවා. ඔයාලගෙ රතු සමාජ ජීවත්වන වේතන හැටියට සලකන සොච්චමෙන් මට තනියම බඩගින්නෙ ඉන්න හොඳට පුළුවන්! තාත්තායි ආසියායි හිටියෙ නැත්නම් මම ගිහින් ගොඩක් කල්!”

“අරීනා,” වසිලි ඉවානොවිච් කෙඳිරි ගෑවේ ය, “ඔයා එහෙම කරන්නෙ නැහැ නේද!”

“වෙන වචන වලින් කිව්වොත්,” වික්ටර් අසයි, “ඔයා ඒ තරුණ මෝඩයාව අත් හරින්න බැහැයි කියන එක ද කියන්නෙ?”

“ඒකයි, ඒ එක්කම,” අරීනා පිළිතුරු දුන්නා ය, “එයා ගැන ඔයා එක්ක කතා කිරීම මම ප්‍රතික්ෂේප කරනවා.”

“හොඳයි එහෙනම්,” වික්ටර් කිවේ ය, “මම ඔයාව අනතුරු අඟවලා ඉවරයි.”

“වික්ටර්!” වසිලි ඉවානොවිච් හඬ ගෑවේ ය. “ඔයා -ඔයා සාෂාට අනතුරක් කරන්නෙ නැහැ, එහෙම නේද?”

“හිත කරදර කරගන්න එපා,” අරීනා කෝපයෙන් පැවසීය, “එයා එහෙම කරන්නෙ නැහැ. එයාගෙ පක්ෂ තත්වයට ඒකෙනුත් කරදර වෙනවා වැඩියි!”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: