Sinhala story Blog

සැප්තැම්බර් 5, 2011

අපි ජීවත්වන්නෝ -275 ඒ මොකක් ද, රහස් පොලිස් සහෝදරයා?

Filed under: Uncategorized — sinhalashortstories @ 10:05 පෙ.ව.

ඔහු නිදිමතෙන් අත වැනුවේ ය. “මට පාඩුවේ ඉන්න දෙන්න. මෙතැනින් යන්න.”

හදිසියේ ම අන්ද්‍රෙ තමනට පිටුපසින් ඉන්නා බව කීරා දැනගති. ඔහු කීවේ “ඔබ කියන්නේ මොනවා දැයි ටිකක් පරිස්සමෙන් කිව්වා නම් හොඳයි, කොවැලෙන්ස්කි.”

ලියෝ රීටාව පැත්තකට තල්ලු කළේය. බ්ලොන්ඩ් හිසකෙස් ඇති රූමතිය කෙකර ගාමින් ලිස්සා බිමට ඇද වැටුණි. ඔහු නළල රැළි ගහමින්, කීරා ව පෙන්වමින්, “ඔබ ඇයගෙන් ඈත් වෙලා ඉන්නවා නම් හොඳයි. තෑගි, ඔරලෝසු වගේ දේවල් එවන්නෙ නැතිව ඉන්නවා නම් හොඳයි. මම ඒකට විරුද්ධයි,” යැයි කීවේ ය.

“ඒකට විරුද්ධ වෙන්න ඔයාට තියෙන්‍ නෙ මොන අයිතියක් ද?”

ලියෝ නැඟිට්ටේ ය. එහාට මෙහාට වැනුණි. භයංකාර ලෙසින් සිනාවූයේය: “මොන අයිතියක් ද? මම කියන්නම් මොන අයිතියක් ද කියල. මම ..”

“ලියෝ,” කීරා බාධා කළේ ස්ථිර ආකාරයකිනි, හැම වචනයක් ම කිරා බලමින්, වදන් හඬ වැඩි කරමින්, ඇයගේ දෑස් වලින් ඔහුගේ දෑස් අල්ලා ගෙන ය, “මිනිස්සු ඔයා දිහා බලනවා, දැන් මොකක් ද ඔයා කියන්න ගියේ?”

“කිසිත් නෑ,” ලියෝ කීවේ ය.

“ඔයා බීගෙන නැත්නම් ..” අන්ද්‍රෙ පටන් ගත්තේ ය.

“මම බීගෙන නැත්නම්, ඔයා මොකක් කරනවා ද? ඔයා මතින් නොවෙයිනෙ. ඒත් ඔයාට අයිතියක් නැති ගෑණියෙක් වෙත යන්න තරම් මෝඩයෙක් වෙන්න මතින් මිදිලා නැහැ.”

“එහෙනම්, මම කියන්නට සවන් දෙන්න, ඔබ ..”

“ඔයා අහන එක හොඳයි, ලියෝ,” කීරා නැවත වාරයක් බාධා කළා ය. “අන්ද්‍රෙ හිතනවා මේ තමයි ඔයාට යමක් කියන්න සුදුසු අවස්ථාව කියලා.”

“ඒ මොකක් ද, රහස් පොලිස් සහෝදරයා?”

“කිසිත් නෑ,” අන්ද්‍රෙ කීවේ ය.

“එහෙනම් ඔබ ඇයට පාඩුවේ ඉන්න දෙනවා නම් හොඳයි.”

“ඔයාට ආචාරශීලී වෙන්න අමතක වෙලා තියන අවස්ථාවක දී නෙමෙයි ..”

“ඔබ ඇයව ආරක්ෂා කරනවා මේ මගෙන්?” ලියෝ මහ හඬින් සිනා වෙන්නට පටන් ගත්තේ ය. ලියෝගේ මහ හඬින් වූ සිනාව ඔහුගේ මඳ සිනාවටත් වඩා අවඥා සහගත විය. මුහුණට දුන් අතුල් පහරකට වඩා අවඥා සගහත විය.

“එන්න, කීරා,” අන්ද්‍රෙ කීවේය, “මම ඔයාව ගෙදර එක්ක ගෙන යන්නම්.”

“ඔව්.” කීරා කීවාය.

“ඔබ ඇයව කොහේවත් එක්ක ගෙන යන්නේ නෑ!” ලියෝ බෙරිහන් දෙන්නට විය. “ඔබ ..”

“ඔව්, ඔහු එක්ක ගෙන යනවා!” අරීනා හදිසියේ ම ඔවුන් අතරින් සිටගෙන බාධා කරමින් පැවසුවා ය. ලියෝ ඇය දිහා පුදුමයෙන් බලා සිටියේ ය. හදිසියේ ලැබුණු ශක්තියකින් ඇය ඔහුව හරවා ගෙන ජනේලයක් අසලට තල්ලු කරගෙන ගියා ය. ඉක්මණින් යන්නැයි ඇය ඔළුව වනා අන්ද්‍රෙ ට හැඟිස්සෙව්වා ය. ඔහු කීරාගේ අතින් අල්ලා ගෙන පිටත් වූයේය. ඇය කීකරු ව, නිහඬ ව ඔහු සමඟ ගියා ය.

අරීනා පහත් හඬින් ලියෝගේ මුහුණට කඩා වැදුනා ය: “ඔයාට පිස්සු ද? මොකක් ද ඔයා කරන්න හදන්නෙ? ඔවුන් හැමෝටම ඇහෙන්න කෑ ගහන්න ද ගියේ ඇය ඔයාගෙ අනියම් ළඳ කියා?”

ලි‍යෝ දෙවුර ගස්සා ගණනකට නැතුව මහ හඬින් සිනා වූයේය: “එහෙනම් හරි. ඇය කැමති කෙනෙක් එක්ක ඇය ගියාවේ. මම ඒ ගැන ඊර්ෂ්‍යාවෙන් ඉන්නවා කියල හිතනවා නම්, ඇයට වැරදිලා.”

කීරා කුලී රථයේ නිහඬව සිටියා ය. හිස පිටුපස්සට වත්තම් කරගෙන ඇස් පියාගෙන සිටියා ය.

“කීරා,” අන්ද්‍රෙ රහසින් කියුවේ ය, “ඒ මිනිහා ඔයාගෙ යාළුවෙක් නෙමෙයි. එයත් එක්ක පෙන්න එහෙ මෙහෙ යෑම ඔයාට හොඳ නැහැ.”

ඇය පිළිතුරක් නොදුන්නා ය.

මාලිගා උද්‍යානය අසලින් ඔවුන් යද්දී, “කීරා, මගේ ගෙදර නවතින්න … ඔයාට මහන්සි වැඩියි ද?” යැයි ඔහු ඇසුවේ ය.

“නැහැ, මට මහන්සි නැහැ, අපි නවතිමු.” ඇය කිව්වේ කිසිත් ගණනකට නොගෙන ය.
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: