Sinhala story Blog

අගෝස්තු 30, 2011

අපි ජීවත්වන්නෝ -271 වික්ටර් අපේ කම්කරුවෝ අතර හොඳ ම අයෙක්

Filed under: Uncategorized — sinhalashortstories @ 8:15 පෙ.ව.

මරීෂාගේ පවුල අඳුරු කොනක වාඩිගෙන සිටියහ.

ඔවුන් වූයේ සංවේගාත්මක ව ය. දොම්නසිනි. අපහසුවෙනි. ඇයගේ පියා – කුදු වී ගිය, තඹවිට කෙස් වලින් යුතු කම්කරුවෙකුගේ කමිසයකින් හා එළලන ලද කලිසමකින් සැරසී සිටියේ ය. දිගු රළු බවින් යුතු දෑත් වලින් තම දණහිස අල්ලා ගෙන සිටියේ ය. අප්‍රසාදය පෙන්වන මුවකින් යුතු මුහුණක් ඉදිරියට ඇදී ඇත. කාමරය පුරා දිවෙන තියුණු දෑස් වලින් ඔහු ඉන්නා සැවොම අධ්‍යයන කරයි. රැලි ගැසී ගිය මුහුණක ඒ දෑස් කළු ය, තරුණ ය. ඔහුගේ බිරිය ඔහු පිටුපසට වී යටහත් පහත් ලෙසකින් ගුලි ගැසී සිටින්නී ය. සුදුමැලි වූ ඇය මල් වැටිච්ච කැලිකෝ රෙද්දකින් මැසූ හැඩ නැති ගවුමක් ඇඳ සිටියා ය. සුදුවැලි වෙරළක් නිතර වැටි වැස්සෙන් හෝදා ගිය ලෙසකින් ඇයගේ මුහුණ මළානික ය. මරීෂාගේ තරුණ සහෝදරයා, වයස අටක් වූ උස කොල්ලා, මවගේ සාය අල්ලා ගෙන සිටගෙන සිටියි. ඔහු වරින් වර පුංචි ආසියා වෙත කෝපයෙන් හා සැකයෙන් පිරි බැල්ම හෙළන්නේ ය.

පවෙල් සියරොව් හා හම්කබා පැළඳ ගත් පිරිමි තිදෙනෙක් වූ කණ්ඩායමක ට වික්ටර් එකතු වූයේ ය. අතක් සියෙරොව් ගේ උරහිස වටා දමාගෙන අනික් අත පක්ෂ බිලයේ ලේකම්තැනගේ කර වටා දමාගෙන ඔහු ඔවුන් දෙදෙන වෙත නැඹුරු වූයේ ඉතා සමීපවන්තයන්, රහස් රැක ගන්නන් වෙත නැඹුරු වන ආකාරයෙනි. ඔහුගේ දෑස් කළු ය. සිනා පාමින් පවතී. ඔවුන් අතරට එන සෝනියාට ඔහු ඔවුනට මෙසේ රහසින් කියනවා ඇසුණි: “.. ඔව්, මට ආඩම්බරයි මගේ බිරියගේ පවුල හා එයාලගේ විප්ලවීය පසුබිම ගැන. ඇයගේ පියා -ඔබ දන්නවා ද- ඔහුව සාර් විසින් සයිබීරියාවට පිටත් කර යැවූ අයෙක්.”

“ඩුනේව් සහෝදරයා දක්ෂ පිරිමියෙක්.” සෝනියා සහෝදරිය අදහසක් පළ කළා ය.

වික්ටර් හෝ සියරොව් හෝ ඇය අදහස ප්‍රකාශ කළ කට හඬට කැමැත්ත දැක්වූයේ නැත. සියරොව් විරෝධය පාන්නට වූයේය: “වික්ටර් අපේ කම්කරුවෝ අතර හොඳ ම අයෙක්, සෝනියා.”

“මම කිව්වෙ ඩුනේව් සහෝදරයා දක්ෂ යැයි කියා,” ඇය නැවතත් කියුවා ය. ඉක්බිතිව ඊට එකතු කරමින් “මම ඔහුගේ පංති පක්ෂපාතීත්වය විමසන්නේ නැහැ. මට විශ්වාසයි ඔහුට අර අතන ඉන්න කුලීනයෙක් යැයි සැලකෙන කොවැලෙන්ස්කි පුරවැසියා වැන්නෙක් සමඟ සමානකමක් නැති බව කිසි ලෙසකින්.”

රීටා එක්ස්ලර් වෙත නැවුනු ලියෝගේ උස සිරුර දිහා පවෙල් සියරොව් සමාධානයට වැදි ලෙසකින් බලා සිටියේ ය. “කියන්න වික්ටර්, අර මිනිහාගේ නම – ඒක ලෙව් කොවැලෙන්ස්කි, නේද?” ඔහු ඇසුවේ ය.

“ලියෝ කොවැලෙන්ස්කි, ඔව්. ඔහු මගේ ඥාතී සහෝදරියගේ ප්‍රියාදර හිතවතෙක්. ඇයි?”

“ඔහ්, කිසිත් නැහැ. කිසිත් ලෙසකින් නැහැ.”

කීරා හා අන්ද්‍රෙ ජනෙල් බැම්මක් මත එකිනෙකා අසලින් වාඩි වී සිටිනා ආකාරය ලියෝ දුටුවේ ය. ඔහු රීටා වෙත කඳ නවා ආචාර කළේය. රීටා එය නොඉවසිල්ලෙන් ගස්සා දැම්මා ය. ඔහු කීරා හා අන්ද්‍රෙ වෙත සෙමෙන් පිය නැඟ්ගේ ය.

“මම බාධා කරනවා ද?” ඔහු ඇසුවේ ය.

“කිසිත් ලෙසකින් නැහැ,” කීරා උත්තර දුන්නා ය.

ඔහු ඇය අසලින් වාඩි ගත්තේ ය. ඔහු තම රත්තරන් සිගරැට් රඳවනය එළියට රැගෙන එය විවෘත කර ඇය වෙත එය පෑවේ ය. ඇය හිස සලා එපා යැයි කීවා ය. ඔහු එය අන්ද්‍රෙ වෙත පෑවේ ය. අන්ද්‍රෙ සිගරැට්ටුවක් ගත්තේ ය. ලියෝ සිගරැට්ටුව දල්වන්නට කීරා මැදින් නැවී අන්ද්‍රෙ වෙතට නැඹුරු වූයේ ය.

“සමාජ අධ්‍යයනය, ඔබේ පක්ෂයේ ප්‍රියතම විද්‍යාව වෙද්දී,” ලියෝ කීවේ ය, “මේ විවාහ මංගල්‍ය ඔබට විශේෂ උනන්දුවක් ඇති කරන අවස්ථාවක් වී ඇත් ද, අන්ද්‍රෙ සහෝදරයා?”

“ඇයි, කොවැලෙන්ස්කි පුරවැසියාණෙනි?”

Advertisements

එක් ප්‍රතිචාරයක් »

  1. Good work, continue.

    ප්‍රතිචාර විසින් W.A. Wijewardena — අගෝස්තු 30, 2011 @ 10:14 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: