Sinhala story Blog

අගෝස්තු 28, 2011

අපි ජීවත්වන්නෝ -268 මට හරි ම සතුටක්, මගේ ප්‍රියාදර දරුවා

Filed under: Uncategorized — sinhalashortstories @ 7:36 පෙ.ව.

ඩුනේව් කෑම කාමරයේ භාජනයක් තුල බහාලූ ඇස්ටර් මල් පොකුරකි.

කෑම මේසයට අසල වූ රාක්කයේ ඩේසි මල් පොකුරකි. දැවැන්ත පියානෝව උඩ නැස්ටර්ට්‍රියම්ස් මල් පොකුරකි. පියානෝව කුලියට ඉන්නා අයගෙන් ඉල්ලා ගත්තකි. එය දොරෙන් ඇතුලට ගෙනා පාර පෙන්වන සලකුණු කාපට් මත සටහන් වී ඇත.

තද පැහැති නිරංහකාර සූට් කට්ටලයකින් සැරසී සිටි වික්ටර් තුරුණු විය පිළිබිඹු කරවන නිරහංකාර බැල්මකින් මුහුණ සරසා ගෙන සිටියේ ය. හැමට අතට අත දෙමින්, සිනා පාමින්, ස්තූති පූර්වක ව කඳ නවා ආචාර කරමින් තමන් වෙත පුද කරන සුබ පැතුම් පිළිගත්තේ ය. මරීෂා හැඳ සිටියේ චාම් වුලන් ගවුමකි. එය දම් පැහැති ය. ගවුමේ උරහිසේ ඇය සුදු රෝස මලක් පැළඳ සිටියා ය. නුපුරුදු තැනකට තමන් ඇද දමා ඇතැයි බැල්මක් ඇය වෙතින් දිස්වුණි. වික්ටර් හැසිරෙන ආකාරය දිහා ඇය බලාගෙන සිටියේ බයාදු වූ ද, විස්මයෙන් යුතු වූ ආඩම්බරයකිනි. සුබ පැතුම් පිළිගන්වන අමුත්තන් හා ඇය අතට අත දුන්නේ ඒ කාගේ අත දැයි නොදැන ය. ඇය කෝල බවින් මුහුණ රතු පැහැ වී ඉක්මණින් හිස වනන්නට ද වූවා ය. ඇයගේ ආදරයෙන් හා කාන්සියෙන් පිරි දෑස් නිතර ම සොයා ගියේ වික්ටර් කොහේ දැයි කියා ය.

අමුත්තන් එකින් එකා ඇතුලට ආහ. සුබ පැතුම් මතුරා නොසන්සුන් ලෙසින් වාඩි ගත්හ. පවුලේ හිතවතුන් වූයේ අපහසුවෙනි, සැකයෙනි, ප්‍රවේසමිනි. පක්ෂ සාමාජිකයනට ආචාරශීලී හැසිරීම් පමණට වඩා දක්වමිනි. පක්ෂ සාමාජිකයන් වූයේ නුහුරු බවින් හටගත් නොසන්සුන්කමිනි. වික්ටර්ගේ අතීත බුර්ජුවාසී මිතුරන් ට ඔවුන් අවිනිශ්චිත ලෙසින් හා කරකියා ගත නොහැකි ලෙසින් ආචාරශීලී බව පෙන්වූහ. කුදු වී පැත්තක හුන් විසිලි ඉවානොවිච් තුලින් නිහඬ, තරහ මුසු ප්‍රශ්නාර්ථ බැල්මක් දෑස් වල හිර වී ඇති බවත්, තැන තැන එළලූ තමන් සතු හොඳම ගවුම පැළඳි අරීනා ගැස්සෙන ඉරියව් වලින් හා කර්කශ කටහඬින් නැති සතුටක් මවා පාද්දී සතුටෙන් ඉන්නා බව පෙන්වන්නට හඬ නඟමින් කතාබහෙන් අමුත්තන් ගත් උත්සාහයන් ස්වභාවික බවින් තොර විය.

පුංචි ආසියා තදින් ඇදුණ කෙස් වැටියක රෝස පැහැති බෝ පටියක් පැළඳ සිටියා ය. එය නිතර ම පහළට ලිස්සමින් ඇයගේ නාසය අසලට වැටේ. වරින් වර අමුත්තෙකු දිහා බලමින්, ඇඟිලි පුරුක් මූට්ටුව හපමින්, ඇය විටෙක කෙකර ගාන්නී ය. ආචාරශීලී නොවන කුතුහලයකින් ඇය මරීෂා දිහා බලා සිටියා ය. විවාහ මංගල්‍යයට ලැබි තෑගි තැන්පත් කර තිබූ මේසය අසලින් ඇය එහා මෙහා ගියේ ඒවා මොනවාදැයි බලන්නට ය. එහි වූයේ අමුතු එකතුවකි: ලෝකඩ ඔරලෝසුවක්, හිස්කබලක හැඩයෙන් තැනූ සිගරට් අළු දමන චීන භාජනයක්, අළුත් ප්‍රයිමසයක්, රතු කඩදාසියෙන් ඔතන ලද ලෙනින්ගේ සම්පූර්ණ කෘති කට්ටලයක් යනාදියයි. රාක්කයේ ඇර තිබූ පස්තෑල වෙතින් ඇදගෙන යන්නට හැකි පරිදි අරීනා නිතර ම සිටියේ ආසියා දෙස ඇස ගසා ගෙන ය.

වික්ටර් පසුපසින් ගලීනා පෙට්‍රොව්නා ඇදුනේ ඔහුට ඉස්පාසුවකට ඉඩ නොදෙමින් නොකඩවා ඔහුගේ උරහිසට තට්ටු කරමින්, “මට හරි සතුටුයි, මට හරි ම සතුටක්, මගේ ප්‍රියාදර දරුවා!” යැයි නැවත නැවතත් කියමිනි. වික්ටර් ගේ මුහුණේ මාංශ පිඬු ඔහුගේ දිළිසෙන සුදු දත් වලට ඉහළින් පළල් හිනාවකින් සැරසී තිබුණි. ඔහුට හිනාවක් පාන්නට සිද්ධ නොවීය. ඉරියව්වේ කිසිත් වෙනසක් නැතිව හිස ඇය දෙසට හරවා වැනීම පමණක් ප්‍රමාණවත් විය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: