Sinhala story Blog

අගෝස්තු 27, 2011

අපි ජීවත්වන්නෝ -267 කුණු ගොඩවල් වල යහපත පිණිස මම කුණු ගොඩක් විදියට හැසිරෙන්නෙ නැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 1:40 ප.ව.

“ඔයා තෑග්ග ගෙනාව ද?” කීරා ඇසුවා ය.

“ඔන්න තියෙනවා. ඒක අරින්න එපා. කැඩෙන බිඳෙන සුළු දෙයක්. අපි කාලා ඉම්මු. අපිට පරක්කු වෙයි.”

රාත්‍රී අහරින් පසු මෙහෙකාරිය පිඟන් කෝප්ප සෝදා දමා පිටත් වී ගියා ය. කීරා ඇයගේ කණ්ණාඩිය අසලින් වාඩි වූවාය. සත්‍ය ප්‍රංශ වත්සුණු කූරුවකින් ඇය තොල් අලේප කරන්නී ය.

“ඔයා ඔය ගවුම අඳින්න හෙම නෙවෙයි නේද ඉන්නෙ?” ලියෝ ඇසුවේ ය.

“ඇයි? ඔව්.”

“නැහැ. ඔයා අඳින්නෙ නැහැ. දාගන්න කළු වෙල්වට් ගවුම.”

“ඒත්, මට ඒක අඳින්න තරම් හිතෙන්නෙ නැහැ. වික්ටර්ගෙ විවාහයට. අන්කල් වසිලි නොවෙන්න මම යන්නෙත් නැහැ.”

“ඉතින්, අපි යන නිසා, මට ඕනා ඔයා හැකි තරම් හොඳින් ඉන්නවා දකින්න.”

“ඒත්, ලියෝ, ඒක නුවණැති වැඩක් ද? එයාගෙ පක්ෂ යහළුවෝ ගොඩක් සිටීවි. ඇයි අපි එයාලට පෙන්වන්නෙ අපිට සල්ලි තියනවා කියල?”

“ඇයි නොහැකි? සහතිකයෙන් ම, අපිට සල්ලි තියනවා. එයාලට පෙනිච්චාවේ අපිට සල්ලි තියනවා කියල. කුණු ගොඩවල් වල යහපත පිණිස මම කුණු ගොඩක් විදියට හැසිරෙන්නෙ නැහැ.”

“හරි එහෙනම්, ලියෝ. ඔයාගෙ කැමැත්තක්.”

ඇය ඔහු ඉදිරියේ හිට ගනිද්දී, ඔහු තක්සේරු කරන ලෙසින් ඇය දිහා බැලුවේ ය. ශතක දෙකකට එහා රදළ කාන්තාවක් සේ මනා හැසිරීමකින් ද, කන්‍යා සහෝදරියක් සේ බැරෑරුම් බවකින් ද වූ ඇ‍යගේ සිහින් ඉතා සුදු වූ අත් මෘදු කළු වෙල්වට් මත විය. ඔහු තම ප්‍රසාදය පළ කරන සිනාවක් පා රාජකීය උත්සවයක රදළ කාන්තාවක අතක් අල්ලා ගන්නා සේ ඇයගේ අත අල්ලා ගත්තේ ය. අල්ල සිප ගත්තේ ඇය අභිසරුලියකගේ සේ ය.

“ලියෝ, ඔයා එයාලට මොනව ද ගත්තෙ?” ඇය ඇසුවා ය.

“ඔහ්, මල් ‍පෝච්චියක් විතරයි. ඔයාට ඕන නම් ඔන්න බලන්න.”

ඇය පත්තර කඩදාසිය විවෘත කළ හුස්මක් ඉහළට ඇද්දා ය. “ලියෝ! ඒත් මේක … මේක කොච්චර වටින එකක් ද!”

“සහතිකයෙන් ම, ඒක සෙව්‍ර.”

“ලියෝ, අපිට බැහැ ඒක එයාලට දෙන්න. අපිට බැහැ ඔවුන්ට පෙන්වන්න අපිට මේකට වියදම් කරන්න තරම් සල්ලි තියනවා කියල. ඇත්තෙන් ම, ඒක භයානකයි.”

“මොන පිස්සු ද.”

“ලියෝ, ඔයා ගින්දර එක්ක සෙල්ලම් කරන්නෙ. ඇයි මේ වගේ තෑග්ගක් අරන් එන්නෙ සේරම කොමියුනිස්ට් අයට දකින්න?”

“අන්න ඒකට ම තමයි.”

“ඒත්, එයාල දන්නවා, සාමාන්‍ය පුද්ගලික වෙළෙන්ඳෙකුට මේ වගේ තෑග්ගක වැය දරන්න බැහැ කියල.”

“ඔහ්, මෝඩ විදියට හැසිරෙන එක නවත්තන්න!”

“ඒක ආපහු අරගෙන ගිහින් වෙන එකකට මාරු කරගෙන එන්න.”

“එහෙම කරන්නෙ නැහැ මම.”

“එහෙනම් මම උත්සවයට යන්නෙ නැහැ.”

“කීරා ..”

“ලියෝ, කරුණාකරලා!”

“ඔහ්, එහෙම නම්!”

ලියෝ මල් පෝච්චිය උස්සා පොළවේ ගැසුවේ ය. දිළිසෙන පතුරු ලෙසින් සී සී කඩ බිඳී ගියේය.

ඇය විමතියට පත් වී හුස්මක් ඇද්දේ ය. ඔහු සිනාසුනේ ය: “ඉතින්, එන්න. ඔයාට පුළුවන් අතරමඟ දී එයාලට සුදුසු දෙයක් ගන්න.”

ඇය සිටගෙන සිටි තැනින් නොසෙල් වී කැඩී ගිය බිඳිති දිහා බලාගෙන සිටියා ය. “ලියෝ, අර සල්ලි සේරම ..”

“ඔයා ඒ වචනය අමතක කරලා දාන්න බැරි ද? අපිට බැරි ද ජීවත් වෙන්න ඒ ගැන හැම තිස්සෙම හිත හිත ඉන්නෙ නැතිව?”

“ඒත්, ඔයා පොරොන්දු වුනා ඉතිරි කරනවා කියල. අපිට ඕනා වෙයි. මේ තියන විදියට හැමදාම තියෙන එකක් නැහැ.”

“මොන බොරු ද! අපිට ඕන තරම් කාලය තියනවා ඉතිරි කරන්න පටන් ගන්න.”

“ඒත් ඔයා දන්නෙ නැද්ද ඒකෙ තේරුම‍ මොකක් ද කියල. ඒ සියයක් වෙනුවෙන්, ඔය බිම තියන? ඔයාට මතක නැද්ද ඔයා හැම රූබලයකටම ඔට්ටු අල්ලන්නේ ඔයාගෙ ජීවිතය කියලා?”

“සහතිකයෙන් ම, මට මතකයි. මට මතක ඒක ම තමයි. කොහොම ද මම දන්නෙ මට අනාගතයක් තියෙනවා කියල? ඇයි ඉතිරි කරන්නෙ? මම ඒ අනාගතය කවදා වත් දකින එකක් නැහැ. මුදල් නිසා මම වේවලා ගිහින් ඇති. මට ඕන නම් විසි කරලා දාන්න ඇයි බැරි? මට පුළුවන් කාලේ දී?

“හරි එහෙනම්, ලියෝ, එන්න යමු, නැත්නම් අපි පරක්කු වෙයි.”

“යමු, රවන එක නවත්තන්න. ඔයා ලස්සන වැඩියි. රවන්න නරකයි.”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: