Sinhala story Blog

අගෝස්තු 23, 2011

අපි ජීවත්වන්නෝ -263 ලෙව් කොවැලෙන්ස්කි, ආහාර නිෂ්පාදන

Filed under: Uncategorized — sinhalashortstories @ 10:04 පෙ.ව.

V

ලිපිකරුවා තම අත්ලේ පිටිපැත්තෙන් නාසය පිස දැම්මේ ය. අනතුරුව බටර් රාත්තලක් පත්තර කඩදහියක එතුවේ ය. තමන් ඉදිරිපිට කවුන්ටරයක වූ බැරලයක් මත ඒ කහ පැහැති රවුමකින් වූ ‍පෙඟවී ගිය බටර් කුට්ටියෙන් කෑල්ල කපා අනතුරුව ඔහු කළින් දවසක සුදු පාටින් වූ උඩවැස්මේ පිහිය පිහ දැම්මේ ය. ඔහුගේ සුදුමැලි ඇස් වලින් කඳුළු ගලයි. තැලී පොඩි වී ගියා සේ පෙනෙන මුහුණක තොල් ඇතුලත නෙරා ගොස් ය. පරණ නිල් ජර්සියක් ඇඳ සිටි ඔහුගේ කැහැටු සිරුරට සරිලන නොතරම් උසින් වූ කවුන්ටරයේ දිගට ඇදුනු නිකට නොසන්සුන්කමකින් දිස් වේ. ඔහු හොටු උඩට අදියි. කැඩී ගිය කහට පැහැති දත් දෙකක් පෙන්වා චෙරි ගෙඩි දෙකකින් සුන්දර වූ නිල් පැහැති තොප්පියකින් සැරසුන ලස්සන පාරිභෝගිකයා වෙත හිනාවක් පෑ ය.

“නගරයේ හොඳම බටර්, පුරවැසියෙනි, නගරයේ ඉතාම හොඳ බටර්.”

කවුන්ටරය උඩ පිරමිඩයක් සේ ගොඩ ගැසුණු හතරැස් පාන් ගෙඩි වෙති. කළු දුහුවිලි පාටින් හා අළු සුදු පාටින් යුතු විය. කවුන්ටරයට උඩින් සලාමි කිහිපයක් ද, බේගල් පාන් හා වියළි හතු ද විය. තෙල් බැඳි පරණ පිත්තල තරාදියන් මතින් මැස්සෝ පියාඹා ගොස් එහි වූ එකම පටු ජනේල පියනේ වැදෙති. ජනේලයට උඩින් සැප්තැම්බරයේ ප්‍රථම වැස්සෙන් පාට දිය වී ගිය නාම පුවරුවකි:

ලෙව් කොවැලෙන්ස්කි, ආහාර නිෂ්පාදන

රිදී කාසි කිහිපයක් කවුන්ටරය මතට විසි කර දමා පාරිභෝගිකයා තම පාර්සලය රැගෙන පිටත් වී යන්නට හැරුනා ය. මොහොතකට ගල් ගැසී, කඩයට ගොඩ වැදි තරුණයා දිහා බැලුවා ය. ඔහු කඩේ අයිතිකරු බව ඇය නොදනියි. එහෙත් පෙට්‍රොගෑඩයේ වීදි අතරින් එවැනි තරුණයෙක් දැක ගන්නට අවස්ථාවන් බොහොමයක් තමනට නැති බව ඇය දනියි. ලියෝ හැඳ සිටියේ නව විදේශීය කබායකි. ඔහුගේ සිහින් ඉනවටා බෙල්ට් පටියක් තදින් ඇද තිබුණි. විදේශීය අළු පැහැති ෆෙල්ට් තොප්පියක් ඔහුගේ හිසේ වූයේ එක කොණක් අහංකාර ලෙසින් පෙනෙන මුහුණ ‍ප්‍රදර්ශනය කරන්නට මෙනි. මුවේ කොණක හිර වූ සිගරැට්ටුව දිලිසෙන තදට හිරවුනු විදේශීය අත්වැසුම් පිරි දිගු ඇඟිලි දෙකකින් අල්ලා ගෙන සිටියේය. මෙවැනි වස්ත්‍ර සඳහා ම ඉපදුන අයෙක් සේ ඔහු පා තැබුවේ දැඩි ආත්ම විශ්වාසයකින් යුතුව ය. තමන් අවධානයක් නොදැක් වුව ද තම සිරුර චාරිත්‍රානුකූල හැසිරෙන බව දැන, එනිසා එය සොයා නොබලා ය. හරියට තම සිරුරට සරිලන රාජාගර්භ ලොම් ඇති සතෙක් සේ ය. හරියට විදේශීය විලාසිතා නිරූපකයෙක් සේ ය.

කෙල්ල ඔහු වෙත එක එල්ලේ වූ සුමුදු එහෙත් අභියෝගයකින් වූ බැල්මක් පෑවා ය. ඔහු පිළිතුරු වශයෙන් හෙලුවේ එකවර ආරාධනයක් ද, අවඥා සහගත අපහාසයක් ද, යාන්තම් පොරොන්දුවක් ද විය හැකි බැල්මකි. ඉන්පසු ඔහු හැරී කවුන්ටරය වෙත පිය නැඟුවේ ය. ඇය හෙමිහිට දොරෙන් පිට වී ගියා ය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: