Sinhala story Blog

අගෝස්තු 20, 2011

අපි ජීවත්වන්නෝ -260 පවෙල් සියරොව්ට දැන් ඕන දෙයක් ගන්න පුළුවන්!

Filed under: Uncategorized — sinhalashortstories @ 8:32 පෙ.ව.

පවෙල් සියරොව් තම කාමරයේ ජනෙල් තිර තුන පහතට හෙළා ඇත.

කවුදෝ කෙල්ලක් ලාම්පු කවරය උඩින් තැඹිලි පැහැති සාටකයක් එළා ඇත. ඒ නිසා ඇතුලත අඳුරු ය. අමුත්තන්ගේ මුහුණු පුටු උඩින්, දිවාන් උඩින් හා පොළවට උඩින් පෙනෙන්නේ සුදු පැල්ලම් ලෙසිනි. ‘අනගි ආහාර’ කඩෙන් ගෙනා චොකලට් කේක් බන්දේසියක් පොළව මැද ය. කවුදෝ කේක් ගෙඩිය උඩින් පයක් තබා ඇත. සියරොව්ගේ නිදි යහනේ වූ කොට්ටයේ බිඳුණු බෝතලයකි. වික්ටර් සහ මරීෂා ඇඳේ වාඩි වී සිටිති. දිවානය අසලින් බිමට වැටී ඇත්තේ වික්ටර්ගේ තොප්පියයි. එය සිගරැට් අළු දමන්නට හැමෝම පාවිච්චි කරති.

ග්‍රැමෆෝනයකින් ‘ජෝන් ග්‍රෙ’ වාදනය වෙයි. තැටිය හිර වී ඇත. එය එක තැනම කරකැවෙමින් එකම බැරෑඬි, සූරන හඬ නැවත නැවත පතුරවයි. එය කාටවත් නිනව් නැත. තරුණයෙක් පොළවේ නිදි යහනේ හිස් ඇන්දට පිට දී වාඩි වී සිංදු කියන්නට තැත් දරමින් සිටියි. තම කොලරයට ඔහු තනු නොමැති දුක්ඛිත වූ මැතිරිල්ලක් ගයන්නට උත්සාහයක් ගන්නා ඔහු වරින් වර හඬ තියුණු කරමින් කෑ ගැහිල්ලක් පිට කරයි. එවිට වට පිටාවේ අය වෙව්ලා යමින් අයෙක් ඔහු වෙත කොට්ටයකින් දමා ගසා කෑ ගහයි: “ග්‍රීෂ්කා, කට වහපන්!” එවිට ඔහු නැවතත් හිස පාත් කර ගනියි. පඩික්කමක් අසලින් වැතිර ගත් කෙල්ලක් නින්දට ගොසිනි. දහදියෙන් තෙත් වී ඇති ඇයගේ කොණ්ඩට මුහුණට ඇල වී ඇත.

කාමරය මැදින් පවෙල් සියරොව් හිස් බෝතලයක් වනමින් තමන් ද වැනෙමින් ඇවිදියි. “කාට ද ඕනා මත්පැන් පොදක් … කාට ද ඕනා? … කාට හරි ඕනා ද කට ගාන්න පොදක්? ..”

අඳුර මැදින් කවුදෝ කෙනෙක් “ඒයි, පවෙල්, ඔබේ බෝතලය හිස් ..” යැයි හඬ ගෑ ය.

ඔහු නැවතිණ. වැනුනි. බෝතලය එළියට ඇල්ලුවේ ය. කෙළ පිඬක් ගැහුවේ ය. බෝතලය ඇඳ යටට විසි කළේය. “ඉතින්, ඔබ හිතන්නෙ මට වෙන නැහැයි කියලා ද?” ඔහු මිටි මොළවාගත් අත කාමරය දෙසට වැනුවේ භයංකාර ලෙසකිනි. “මම ලෝභයෙක් කියල හිතුව ද? .. ඇතිවෙන්න වොඩ්කා දෙන්න බැරි කුණු ලෝභයෙක් කියලා හිතුවා ද? .. එහෙනම් මම පෙන්වන්නම්. .. මම පෙන්වන්නම් කාට ද මේවා ගන්න වත්කම නැත්තෙ කියල .. මම පෙන්වන්නම් ..”

ඔහු මේසයක් යට වූ පෙට්ටියක් ඇර ගත්තේ ය. ඔළුවට උඩින් තවමත් ඇර නොමැති බෝතලයක් ඔසවා ගෙන වැනි වැනී නැඟිට ගත්තේ ය. ඔහු සිනාසුනි. “මට දරා ගන්න බැරි වියදමක් කියලා හිතුවා ද?” ඔහු සිනාසුණි. කළින් ඇහුණු හඬ ආ පැත්තට ඔහු වැනි වැනී ගියේය. තමන් දිහා බලන්නට හැරුණු සුදු පැල්ලම් දිහා බලා ඔහු සිනාසුනේ ය. දැවැන්ත රවුමකින් වටයක් කරකවා ඔහු පොත් රාක්කයක් මතට බෝතලයෙන් ගැහුවේ ය. කෙල්ලක් මහ හඬින් කෑ ගැසීය. වීදුරු කැඩී බිඳී ගියේ හීන් හඬ හැම තැනම පතුරුවමිනි. පුරුෂයෙක් ප්‍රචණ්ඩ ලෙසකින් කුණුහරුපයක් කීය.

“මගේ කකුල් ආවරණ, පවෙල්, මගේ කකුල් ආවරණ!” කෙල්ල හඬා වැටුනේ වොඩ්කා වලින් තෙමී ගිය තම කකුල් වලට උඩින් සාය අදිමිනි.

පුරුෂයෙකුගේ දෑත් අඳුරෙන් ඇයව ඇද ගත්තේ “කමක් නෑ, කෙල්ලෙ කමක් නෑ, ගලවලා දාන්න ඒවා,” කියමිනි.

ජයග්‍රාහී ලෙසින් සියරොව් කෙකර ගෑවේ “ඉතින්, මට දරා ගන්න බැහැ වියදම්? එහෙමයි ද කියන්නෙ? … මට බැහැ? පවෙල් සියරොව්ට දැන් ඕන දෙයක් ගන්න පුළුවන්! .. මේ මහ පොළවේ තියන ඕන දෙයක්! .. ඔහුට පුළුවන් ඔයාලා සියල්ලවම මිල දී ගන්න, බොකු බඩවැල් සහ හදවත් එක්ක!”

කවුදෝ මේසය යටින් බඩ ගා ගොස් පෙට්ටිය ඇතුලත තවත් බෝතල් ඇත්දැයි සොයන හඬක් ඇසේ.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: