Sinhala story Blog

අගෝස්තු 20, 2011

අපි ජීවත්වන්නෝ -261 සමහර අය දන්නෑ ඔයාව හරියට අගය කරන්න

Filed under: Uncategorized — sinhalashortstories @ 8:36 පෙ.ව.

කවුදෝ දොරට තට්ටු කළේය.

“එන්න ඇතුලට!” සියරොව් ගුගුලේ ය. කිසිවෙක් ඇතුල් වුනේ නැත. නැවතත් තට්ටු කරන හඬ ඇසුණි. “යකාට ගියාවේ! මොකක් ද ඕනා?” ඔහු වැනි වැනී ගොස් දොර හැරියේය.

ඔහුගේ අසල්වැසියා, තරබාරු සුදුමැලි කාන්තාවක්, ෆ්ලැනල් වලින් නිමැවූ දිගු රාත්‍රී ඇඳුමකින් සැරසී වෙව්ලමින් කොරි‍ඩෝවේ සිටගෙන සිටින්නී ය. ඇයගේ දෙවුර මත පරණ සාළුව ඇය අත් දෙකින් ම කිටි කිටියේ අල්ලා ගෙන ය. ඇය තම නිදිමත දෙනෙත් මත වැටි තඹවිට කෙස් පිහදමින් සිටියාය.

තම අප්‍රසාදය පළ කරන්නට ඇය කෙඳිරි ගෑවාය. “සියරොව් පුරවැසියා, මේ සද්දය නතර කරන්න කරුණාකරලා බැරි ද? බලන්න කොච්චර රෑ වෙලා ද? .. ඔයාලා වගේ තරුණ අයට දැන් කිසිම ලැජ්ජාවක් නැහැ. .. මේ දවස්වල … දෙවියන්ට බය නැහැ .. නැහැ ..”

“යන ගමනක යන්න, ආච්චි අම්මේ, යන ගමනක යන්න!” සියරොව් අණ දුන්නේ ය. “කොට්ටය යටට රිංගලා ඔය කාලකණ්ණි කට වහගෙන ඉන්න. නැත්නම් ඔබට ඕනා ද රහස් පොලීසිය පැත්තෙ ගිහින් එන්න?”

කුරුසියේ සලකුණ තබමින් ස්ත්‍රිය ඉක්මණින් හැරී කකුල් අද්දමින් පිටත් වී ගියාය.

ජනෙල් කොණක් අසලින් හිඳගත් සෝනියා සහෝදරිය සිගරැට්ටුවක් ඉරුවාය. තමන් වෙනුවෙන් ම මහන ලද කාකි ඇඳුම් කට්ටලයක් ඇඳ සිටි ඇයගේ උකුල හා පපුව අසල පොකැට්ටු තිබිණ. එය විදේශීය රෙද්දකින් නිම කරන ලද්දකි. එහෙත් ඇය අතින් තම සායේ සිගරැට් අළු හැලුණි.

කෙල්ලකගේ කටහඬ යාප්පුවෙන් ඇය අසලින් ඇසිණ. “කියන්න සෝනියා, ඇයි ඔයා දාශ්කාව රස්සාවෙන් පහ කළේ? ඇයට රස්සාවක් අවශ්‍යයයි. ඇය අවංක සේවයක් කළා .. ඇය ..”

“මම කාර්යාල කටයුතු කාර්යාල ‍වේලාවෙන් පස්සෙ කරන්නෙ නැහැ.” සෝනියා සහෝදරිය කීවේ හිත්පිත් නැති විලසකිනි. “අනික, හැම විටම මගේ ක්‍රියාවක් සඳහා මුල් වෙන්නෙ සාමූහිකත්වයේ යහපත.”

“ඔහ්, සහතිකව ම, ඒ ගැන මම සැක කරන්නෙ නැහැ, ඒත් මේ අහන්න, ‍සෝනියා …”

දොර අසල පවෙල් සියරොව් වැනෙනවා සෝනියා සහෝදරිය දුටුවාය. ඇය නැඟිට ඔහු වෙත ඇවිද්දේ තමන් හා කතා කරමින් සිටි කෙල්ලකගේ වාක්‍ය මැද දී ය.

“මෙහෙ එන්න, පවෙල්,” සෝනියා සහෝදරිය කීවාය, ඇයගේ ශක්තිමත් බාහුව ඔහුව වත්තන් කර ගත්තේ ය. ඔහුව පුටුවක් කරා ගෙන යන්නට ඇය සමත් වූවාය. “ඔබ මෙහි වාඩි වෙන එක හොඳයි. ඉන්න මම ඔබට හිඳ ගැනීම පහසු කරන්නම්.”

“ඔයා මිතුරියක්, සෝනියා,” ඔහු මිමිණුවේ ය. ඔහුගේ උරහිස් මැද්දෙන් ඇය කොට්ටයක් රැඳවීය. “ඔයා නියම මිතුරියක්. දැන් ඔයා මට කෑ ගහන්නෙ නැහැ නේද, මම පොඩ්ඩක් කෑ ගැහැව්වට, නෑ නේද ඔයා?”

“නැහැ කිසිම විදියකින් නැහැ.”

“ඔයා හිතන්නෙ නැහැ නේද මට වොඩ්කා පොඩ්ඩකට වැය දරන්න බැහැ කියල. මෙතැන ඉන්න සමහර සත්තු හිතන විදියට? එහෙම හිතන්නෙ නැහැ නේද සෝනියා?”

“කිසි විදියකින් නැහැ, පවෙල්. සමහර අය දන්නෑ ඔයාව හරියට අගය කරන්න.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: