Sinhala story Blog

අගෝස්තු 18, 2011

අපි ජීවත්වන්නෝ -258 දුම්රිය මාර්ග කම්කරු රාජ්‍යක රුධිර නාල වෙති

Filed under: Uncategorized — sinhalashortstories @ 11:10 පෙ.ව.

දුම්රිය ස්ථානයේ වූ කාර්යාලය තුල ලේකම්වරියක් මේසයක් අසල වාඩි වී සිටියාය.

කෙටි ලී පටි වලින් තැනූ අත්වැලක් පිටුපසකින් තිබි ටයිප් රයිටරයක ඇඟිලි දුවවයි. ඇයගේ ඉහළ තොල ඇතුලට ඇදගෙන පහත තොල විකමින් ඇය තම කාර්යයට මුළු අවධානය යොමු කරමින් සිටින්නී ය. ලී අත්වැලට පිටතින් අතු නොගෑ පොළවක් හා පුටු දෙකකි. අමුත්තන් හය දෙනෙක් සංසුන්ව බලාගෙන සිටිති. ඉන් දෙදෙනෙක් අසුන් ගෙන ය. ලේකම්වරියට පිටුපසින් වූ දොරේ මෙසේ ලියා ඇත: “සියරොව් සහෝදරයා.”

සියරොව් සහෝදරයා දහවල් ආහාරයෙන් පසු ආපසු පැමිණියේය. ඔහු කාර්යාලයේ පිටත සිට ඇතුල් කාමරයට ඉක්මණින් ඇවිද්දේ ය. ඔහුගේ හොඳට හරියන, දිලිසෙන මිලිටරි බූට් සපත්තු කිරිස් කිරිස් ගාමින් අඩි වදිනවා ඇසිණ. අමුත්තන් හය දෙනාගේ ඔළු ගැස්සී, නොසන්සුන් බවින් ඔහුගේ ගමන දිහා යටහත් පහත් ලෙසින්, ආයාචනා සහිත ඇස් වලින් යොමු විණ. ඔහු කාමරය පසු කළේ එය හිස් ව තිබි ලෙසකට ය. ලේකම්වරිය ඔහු පසුපසින් ඇතුල් කාමරයට ගියාය.

ඇතුල් කාමරයේ බිත්තියේ ලෙනින්ගේ පින්තූරයක් එල්ලා ඇත. එයට පහතින් වූයේ අළුත් පළල් මේසයකි. එක පැත්තකින් අළුත් දුම්රිය මාර්ග වල ප්‍රගතිය සලකුණු කරන සටහනකි. අනිත් පැත්තෙන් රතු අකුරින් මෙසේ ලියා තිබුණි: සහෝදරවරුනි, ඔබගේ කාර්යය කෙටියෙන් කියන්න. කම්කරු කාර්යක්ෂමතාවය නම් සාම සමයේ අරගලය ගොඩනඟන හික්මීම වන්නේ ය.”

පවෙල් සියරොව් පැතලි රත්තරන් සිගරට් පෙට්ටියක් තම සාක්කුවෙන් එළියට ගත්තේ ය. සිගරැට්ටුවක් දල්වා ගෙන, මේසය අසලින් වාඩි වී එහි තිබූ ලිපි ගොණු දිහා බැලුවේ ය.

ලේකම්වරිය බලාගෙන සිටියේ බයාදු ලෙසය.

ඔහු හිස ඔසවා “ඇයි මොකද?” කියා විමසීය.

“අර පුරවැසියන් එළියෙ ඉන්නවා, සියරොව් සහෝදරයා, ඔබ හමුවෙන්න ඇවිත් ඉන්නෙ.”

“මොකක් ගැන ද?”

“වැඩිපුරම රස්සාවල් ගැන.”

“අද කාවවත් දකින්න බැහැ. තව පැය භාගයකින් සමාජ රැස්වීමකට යන්න තියනවා. ‘දුම්රිය මාර්ග කම්කරු රාජ්‍යක රුධිර නාල වෙති’ කියන මගේ වාර්තාව ටයිප් කළා ද?

“ඔව්, සියරොව් සහෝදරයා. මෙන්න.”

“හොඳයි.”

“අර ඉන්න පුරවැසියන්, ‍සියරොව් සහෝදරයා, ඔවුන් පැය තුනක් බලාගෙන හිටියා.”

“යකාට ගියාවේ. එයාලට හෙට එන්න පුළුවන්. වැදගත් දෙයක් ආවොත්, මට කතා කරන්න. මම ඉන්නේ දුම්රිය සේවකයන්ගේ වෘත්තීය සමිති මූලස්ථානයේ. සමාජ රැස්වීමෙන් පස්සෙ එතැන … ඉතින්, ආ අනිත් කාරණය, මම හෙට එනකොට පොඩ්ඩක් පරක්කු වෙයි.”

“ඔව්, සියරොව් සහෝදරයා.”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: