Sinhala story Blog

අගෝස්තු 17, 2011

අපි ජීවත්වන්නෝ -257 එයා තමයි වැරැද්ද පටවන්න පුළුවන් නියම කෙනා, ජනතා ද්‍රෝහී රදළයෙක්

Filed under: Uncategorized — sinhalashortstories @ 9:41 පෙ.ව.

කාර්ප් මොරොසොව් පුරවැසියා පවෙල් සියරොව් පුරවැසියා අවන්හලක දී හමුවූයේය.

ඔවුන් අඳුරු කොනක මේසයක වාඩි වූහ. මොරසොව් පුරවැසියා ගෝවා සුප් ඇණවුම් කළේය. සියරොව් පුරවැසියා ප්‍රංශ පස්තෑල සහ තේ ඇණවුම් කළේය. සුප් හුමාලය මැදින් මොරසොව් පුරවැසියා රහසින් කෙඳුරුවේය. “ඔක්කොම හරි, පවුලූෂා. මම මිනිහා අල්ල ගත්ත. ඊයේ එයාව හමුවුනා.”

පවෙල් සියරොව් තේ කෝප්පය තම තොල් අසලට ළං කළේය. ඔහුගේ සුදුමැලි තොල් හෙලවුනේ යාන්තමට ය. ඉතින් මොරසොව්ට වචන ඇහුනා‍ට වඩා සියරොව් ඇසූ ප්‍රශ්නය ඔහු අනුමාන කළේය: “කවුද?”

“ලෙව් කොවැලෙන්ස්කි තමයි නම. තරුණයි. පිත්තල කාසියක් වත් නැහැ සන්තකේට. කිසි ගාණක් නැහැ. ජීවිතයේ බලාපොරොත්තු සුන් වූ කෙනෙක්. ඕනැම දෙයක් කරන්න සූදානම් කෙනෙක්.”

සුදුමැලි තොල් හෙලවුනේ වදනක් පිට නොකරමිනි: “විශ්වාස කරන්න පුළුවන් ද?”

“ගොඩක්.”

“පාලනය කරගන්න පුළුවන් ද?”

“දරුවෙක් වගේ.”

“කට පියාගෙන ඉඳියි ද?”

“සොහොනක් වගේ.”

මොරසොව් තම මුවට පුරවා ගත් හැන්දකින් ගෝවා ගොඩක් දා ගත්තේ ය. එක කෑල්ලක් කටේ එල්ලුණි. සුරුස් ගා හඬ පිට කරමින් ඔහු එය කට තුලට ඇද ගත්තේ ය. ඔහු ළං වී හුස්ම පිට කරමින් මෙසේ කීවේය. “අනික් එක, එයාට සමාජ පසුබිමක් තියනවා. අරගල විරෝධී වූ නිසා තාත්තාව වෙඩි තබා මරා දාපු කෙනෙක්. මොකක් හරි වුනොත් … එයා තමයි වැරැද්ද පටවන්න පුළුවන් නියම කෙනා, ජනතා ද්‍රෝහී රදළයෙක්, ඔබ දන්නවානේ.”

සියරොව් රහසින් කියයි: “එහෙනම් හරි.” ඔහුගේ හැන්ද චොකලට් ඉක්ලෙයාර් එකක් මැදින් වැදිණ. සුමුදු කහ පැහැති කස්ටර්ඩ් එළියට පැන පිඟාන පුරා පැතිර ගියේය. ඔහු තම සුදුමැලි තොල් අතරින් පිට කළේ පහත් හඬින් වූ වදන් කිසිත් මුහුණේ වෙනසක් නොමැතිව ය. “මේ අහන්න. මගේ කොටස මට කළින් ඕන -හැම ලොරියකින් ම. කිසිම පරක්කු වීමක් බැහැ. ආයේ දෙපාරක් අහන්න ‍ඉඩ තියන්න එපා.”

“දෙවියන්ගේ උදව්වෙන්, පවුලූෂා, ඔයාට ලැබෙනවා. ඔයා මට කියන්න ඕන නැහැ, ඔයා …”

“තවත් එකක්, මට ඕනා ප්‍රවේශම් වෙන්න. ‍වැටහෙනවා ද? ප්‍රවේසම. අද හිටන්, ඔබ මාව හඳුනන්නෙ නැහැ. දැක්ක ද? අපි අහම්බෙන් මුණ ගැහුනොත් -අපි නාඳුනන අය. ඇන්ටෝනියා මට මුදල් ගෙනැවිත් දෙන්නෙ අපි කතා කරගත්ත අර ගණිකා නිවසේ දී.”

“සහතිකයෙන් ම, සහතිකයෙන් ම. මට සේරම මතකයි, පවුලූෂා.”

“අර කොවැලෙන්ස්කි රස්තියාදුකාරයාට කියන්න ඈතකට වෙලා ඉන්න කියල. මට එයාව හමුවෙන්න උවමනාවක් නැහැ.”

“සහතිකයෙන් ම, ඔබ අවශ්‍ය නැහැ.”

“කඩේ ගත්තා ද?”

“අද කුලියට ගන්නෙ.”

“හොඳයි, හොඳයි. දැන් ඔහොම ඉන්න. මම කළින් යන්නම්. ඔබ මෙතැන මිනිත්තු විස්සක් විතර වාඩිවෙලා ඉන්න. වැටහුනා ද?”

“සහතිකයෙන් ම. අපිට දෙවියන්වහන්සේගේ ආශීර්වාදය ලැබේවා!”

“ඒක ඔබට තියාගන්න. සුබ දවසක්.”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: