Sinhala story Blog

අගෝස්තු 15, 2011

අපි ජීවත්වන්නෝ -255 මම ඒ තරම් දෙයක් පරදුවට තියලා නැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 10:46 පෙ.ව.

ලියෝ මඳක් පිටුපස්සට හේත්තු වූයේ ඇය දිහා කෙළින් බලාගෙන ය.

“ඔය විදියට මට කතා කරන්න කවදා ද ඔයා පටන් ගත්තෙ?”

“ලියෝ! මේ සියදිවිනසා ගන්නා නව ක්‍රමයක් නම් ඊට වඩා සරල ක්‍රම බොහොමයක් තියනවා!”

“ඇත්තටම, කීරා ඇලෙක්සැන්ඩ්‍රව්නා, ඔයා අනවශ්‍ය විදියට ඒ ගැන ශෝක වෙනවා.” ඇන්ටෝනියා පැව්ලොව්නා කියා සිටියේ ගණනකට නොගෙන ය.

“අනේ, අනේ, කීරා ඇලෙක්සැන්ඩ්‍රව්නා, මගේ ආත්මය,” මොරොසොව් හිතවත් බව පෑවේය, “වාඩි වෙලා සංසුන් වෙන්නකෝ. අපි හිමිහිට ඒ ගැන කතා කරමු. කලබල වෙන්න දෙයක් නැහැ.”

“ලියෝ, ඔයාට පේන්නෙ නැද්ද එයාලා මොකක් ද කරන්නෙ කියලා? ඔයා ඔවුනට ජීවත්වන ආවරණයක් පමණයි! ඔවුන් ආයෝජනය කරන්නෙ සල්ලි. ඔයා ආයෝජනය කරන්නෙ ඔයාගෙ ජීවිතය!” කීරා හඬ ගෑවාය.

“ජීවිතයෙන් යම් ප්‍රයෝජනයක් හොයා ගන්න පුළුවන් වීම සතුටට කාරණයක්.” ලියෝ කියුවේ හඬ වෙනස් නොකරමිනි.

“ලියෝ, මේ අහන්න, මම සංසුන් වෙන්නම්. මෙන්න. මම වාඩි වෙන්නම්. මම කියන දේ අහන්න. මේ වගේ දෙයක් ඇස් වසාගෙන කරන්න හොඳ නැහැ. බලන්න ඒ දිහා. හිතලා බලන්න. මේ දවස්වල ජීවිතය කොතරම් දුෂ්කර ද කියා ඔබ දන්නවා. ඒක තවත් දුෂ්කර කරගන්න ඕන නැහැ නේද? අපි මුහුණ දෙන ආණ්ඩුව මොකක් ද කියලා ඔබ දන්නවා. එකේ රෝද වලට අහු නොවී සිටීම විතරක් කොච්චර අමාරු ද? ඔයාට ඕනා ද ඒකට ඇවිත් පාගලා කුඩු පට්ටම් කරගෙන යන්න ආරාධනා කරන්න? කූට, අපරාධ කාර කාල්පනිකයෙක් අහු වුනොත් ලැබෙන දඬුවම වෙඩි තබා මරා දැමීම බව ඔබ දන්නවා නේද?”

“මම හිතන්නෙ ලියෝ පැහැදිලිවම කිව්වා එයාට අවවාද අවශ්‍ය නැහැයි කියල,” ඇන්ටෝනියා පැව්ලොව්නා තම සිගරැට්ටුව විලාසිතා නිරූපනයක් ලෙස මඳක් ඉහළින් අල්ලා ගෙන කීවාය.

“කීරා ඇලෙක්සැන්ඩ්‍රව්නා,” මොරොසොව් යාප්පු වෙයි, “ඇයි ඔච්චර දරුණු වචන පාවිච්චි කරන්නේ කිසි කරදරයක් නැතිව ඉඩක් ලැබෙන අනුමතයක් ගන්න පුළුවන් වගේ තියන සරල ව්‍යාපාර අදහසක් ගැන කතා කරද්දී .. සහ …”

“ඔබ නිහඬ වෙන්න,” ලියෝ ඔහුට බාධා කළේය. ඔහු කීරා දෙසට හැරුනේ ය.

“මේ අහන්න කීරා, මම දන්නවා මේක කුණු වෙච්ච කෛරාටික වූ අදහසක් බව. ඒ වගේම මම දන්නවා මම උගස් කරන්නෙ මගේ ජීවිතය බවත්. මට ඒක කරන්න ඕන. ඔයාට වැටහෙනවා ද?”

“මම ඔයාට වැඳලා කිව්වොත් එපා කියල?”

“ඔයා කියන කිසිම දෙයකින් මගේ අදහස වෙනස් වෙන්නෙ නැහැ. ඒක ජරා, පහත්, ලැජ්ජා විය යුතු ව්‍යාපාරයක්. සහතිකයෙන් ම. ඒත් කවුද මාව ඒකට බලහත්කාරයෙන් යොමු කලේ? ඔයා හිතනවා ද මම මගේ ඉතිරි ජීවිතය රස්සාවක් හොයා ගන්න බඩ ගා ගෙන, යාප්පු වී වැඳ වැටෙමින් ගෙවා දායි කියල. හාමතෙන් ඉඳියි කියල. හිමිහිට මැරෙයි කියල? මම ආපහු ඇවිත් සති දෙකක්. මට කරන්න වැඩක් නැහැ. මට රස්සාවකට පොරොන්දුවක් වත් නැහැ. ඉතින් එයාලා ආහාර කාල්පනිකයන්ට වෙඩි තියා මරා දානවා. ඇයි ඔවුනට බැරි අපට වෙනත් දෙයකට ඉඩක් දෙන්න? ඔයා කැමති නැහැ මම මගේ ජීවිතය පරදුවට තබනවාට. ඒත් මගේ ජීවිතය කියන්නෙ මොකක් ද? මට රස්සාවක් නැහැ. මට අනාගතයක් නැහැ. මට දඬුවම් කරන්න තෙල් කල්දේරමක දාලා තැම්බුවත් මට බැහැ වික්ටර් ඩුනේව් කරන දේ කරන්න! මගේ ජීවිතය පරදුවට තියද්දී මම ඒ තරම් දෙයක් පරදුවට තියලා නැහැ.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: