Sinhala story Blog

අගෝස්තු 13, 2011

අපි ජීවත්වන්නෝ -254 ඔයාගෙ සිහිය සම්පූර්ණයෙන් නැතිවෙලා ගිහින් ද?

Filed under: Uncategorized — sinhalashortstories @ 10:09 පෙ.ව.

“අනික එයාට ඒක එච්චර අපහසු දෙයකුත් නෙමෙයි.”

මොරොසොව් කියුවේ ඇහෙන නොඇහෙන තරම් හඬ බාල කර රහසිනි. “දුම්රිය මාර්ග වල මොකක් දෝ ඉංජි‍නේරු තනතුරකුත් එයාට තියනවා. අතු ගලා යන ගංඟාවක වගේ හැම පැත්තකටම විහිදුන බලය තියනවා. ආහාර ගබඩාවක් පොඩ්ඩක් නරක් කරන්න විතරයි ඔහුට තියෙන්නෙ -බිමට වැටිලා, ටිකක් තෙත් වෙලා වගේ මොකක් හරි- එහෙම වෙලා ඒක නුසුදුසු යැයි ප්‍රකාශ කරන්න. එච්චරයි. ඉතිරිය සරලයි. ඒ ගබඩාව සද්ද බද්ද නැතිව අපේ කුඩා කඩ කාමරයේ යට තියන බිම් කාමරයට යනවා -‘ලෙව් සර්ගියෙවිච්. ආහාර නිෂ්පාදන.’ ඒකෙ කිසිම සැක කළ යුතු දෙයක් නැහැ. තියෙනවා ද? කඩයට එන බඩු පමණයි. රජයේ සමූපාකාර වල බඩු ගොඩක් හිඟයි. හොඳ පුරවැසියන්ට තමන්ගෙ සලාක පත්‍ර වලට ගන්න සමාවට හේතු සහ පොරොන්දු හැරෙන්න වෙන දෙයක් නැහැ. අපි සති කිහිපයක් බලාගෙන ඉඳල ගබඩා කරගත්තුවා කොටස් වලට බෙදලා අපේ පා‍රි‍භෝගිකයෝ අතරෙ බෙදා හරිනවා. කලාප තුනක ඉන්න පුද්ගලික ව්‍යාපාරිකයෝ අතරෙ. ලොකු සංවිධානයක්. තතු දන්න, රහස්‍ය බව දන්න පිරිසක්. මා ළඟ සියළු ලිපිනයන් තියනවා. එච්චරයි. කාට ද කියන්න ඕන? කවුරු හරි කඩය අස්සෙ රහස් හොයන්න ආවොත් -එතකොට, අපිට පුළුවන් තරුණ ලිපිකරුවෙක් තියන්න එතැන. එයා විකුණයි බටර් රාත්තල් භාගයක් ඉල්ලුවොත්, ඔවුන් දන්න තරමින් එච්චරයි අපි කරන්නෙ -සුළු බඩු වෙළඳාම. ඒක විවෘතයි. නීතියෙන් කරන්න පුළුවන්.”

“තව දුරටත් කිව්වොත්,” ඇන්ටෝනියා පැව්ලොව්නා රහසින් කිව්වේය, “මොකක් හරි වැඩක් වැරදුනොත්, ඒ තරුණ කොමියුනිස්ට්කාරයාට තියනවා ..”

“ඔව්,” මොරොසොව් රහසින් කියා වටපිට බැලුවේ සැක කටයුතු කිසිවෙක් ළඟ පාතක අසාගෙන සිටිනවා දැයි කියාය, දොරට එහායින් ඇහෙන හඬක් ඇත්දැයි කියා විපරමින් මඳක් නිහඬ විය. කිසිවෙක් නැතැයි කියා සහනයට පත් වී ලියෝගේ කනට ඔහුගේ තොල් ළං කළේය. “ඔහුට රහස් පොලීසිය හා සබඳතා තියනවා. බලයැති යාළුවෙක් සහ ආරක්ෂකයෙක් ඉන්නවා. එයාගෙ නම කියන්නත් මට බයයි.”

“ඔහ්. ඒ පැත්තෙන් අපි ආරක්ෂා වෙයි,” ලියෝ කීවේ සමච්චල් විලසකිනි, “අපිට ඇති තරම් සල්ලි තියේ නම්.”

“සල්ලි? ඇයි, ලෙව් සර්ගියෙවිච්, මගේ ආත්මය පල්ලා, අපිට කොච්චර සල්ලි තියේවි ද කිව්වොත් ඔබ රූබල් දහයේ නෝට්ටු රෝල් කරයි සිගරට් හදන්න. අපි කොටස් තුනකට බෙදනවා, ඔයට වැටහෙනවා නේද, මම, ඔයා සහ කොමියුනිස්ට් මිතුරා. එයාගෙ දුම්රිය මාර්ග මිතුරාටත් ටිකක් දෙන්න වෙනවා, එතකොට උප්‍රව්ඩම්ට, සහ අපි ඔයාගෙ මෙහෙ කාමර කුලිය ගෙවමු, ඒ සියල්ල වියදම් යටතේ. ඒත් ඔයා මතක තියාගන්න ඕන, පිටතින් බැලුවම ඔයා තමයි සම්පූර්ණ අයිතිකාරයා. ඒක ඔයාගෙ නමින් පැවැත්වෙන ඔයාගෙ කඩය. මට මගේ ජාතික ආහාර පදනමේ තනතුර ගැන හිතන්න වෙනව. මගේ නමින් පුද්ගලික කඩයක් ලියා පදිංචි කරලා තිබ්බොත්, එයාලා මාව තනතුරෙන් පහ කරයි. මට ඒ රස්සාව තියා ගන්න ඕන. ඔයාට පේනවානෙ ඒක අපිට කොච්චර ප්‍රයෝජනවත් වෙනවා ද කියල.”

ඔහු ලියෝ දිහා හැරී ඇසක් වැසුවේය. ලියෝ පිළිතුරු සිනාවක් පෑවේ නැත. නමුත් “ඔබ කරදර වෙන්න එපා. මම බය නැහැ,” යැයි කීවේය.

“එහෙනම් අපි එකඟයි, නේද? ඇයි, මිතුරා, තව මාසයකින් ඔබ කවදාවත් විශ්වාස කරන එකක් නැහැ ඔබ මෙහෙම ජීවත් වුනා කියල. ඔබේ ඔය වල ගැහිලා තියන කම්මුල් වල තව මස් ටිකක් පිරේවි. කීරා ඇලෙක්සැන්ඩ්‍රව්නාට ලස්සන ඇඳුම් ටිකක්, දියමන්ති වලල්ලක් දෙකක්, තව මෝටර් රථයක් එහෙම ..”

“ලියෝ ඔයාට පිස්සු ද?”

කීරාගේ පුටුව බිත්තියේ වැදී පෙරළී ගියේය. ලාම්පුව එහාට මෙහාට වැනී සිහින් වීදුරු ගැටෙන හඬක් නඟා නතර විය. ඇය නැඟිට්ටා ය. ඔවුන් තුන් දෙනා ඇය දිහා බැලූහ.

“මේක ඔයා මට කරන විහිළුවක් ‍එහෙම නෙවෙයි නේද? නැත්නම් ඔයාට ඔයාගෙ සිහිය සම්පූර්ණයෙන් නැතිවෙලා ගිහින් ද?”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: