Sinhala story Blog

අගෝස්තු 10, 2011

අපි ජීවත්වන්නෝ -251 හැකි ඉක්මණින් මම එතැනින් පැන ගත්ත

Filed under: Uncategorized — sinhalashortstories @ 10:47 පෙ.ව.

IV

සුනංගු නොවී ඔවුන් වහලේ උද්‍යානයෙන් පිටවූහ. තමාව ගෙදර ගෙනිහින් බස්සන්න යැයි කීරා අන්ද්‍රෙ ගෙන් ඉල්ලා සිටියාය. ඇයට වෙහෙස ය. ඔහු දිහා ඈ නොබැලුවාය.

“සහතිකයෙන් ම, ප්‍රියාදරිය,” කියූ ඔහු ටැක්සියක් කැඳවූයේය. ඇයට නිහඬව තම උරහිසට ඔළුව තියාගෙන ඉන්නට ඔහු ඉඩ දුන්නේ ය. ඇයගේ අත අල්ලා ගෙන, කතාබහින් කරදර නොකර ඔහු සිටියේය.

ඇයගේ දෙමාපියන්ගේ නිවස අසල දී ඔහු ඇයව බස්සා ගියේය. අඳුරු තරප්පු පෙළ අගක හිටගෙන සිටිය ඇය ඔහුගේ ටැක්සිය පිටත් වී යනවා අහගෙන සිටියාය. තවත් මිනිත්තු දහයක කාලයක් ඇය එතැන අඳුරේ, සීතල වීදුරු ‍ජනේල පියනකට හේත්තු වී රැඳී සිටියාය. ‍ජනෙල් පියනට ඔබ්බෙන් වායුව ගලා යෑමට නිම වූ සිහින් කුහරයකි. එක ජනේලයක් තිබි ගඩොල් බිත්තියකි. ඒ ජනේලයෙන් ඇයට වෙව්ලමින් ගැහෙන කහ ඉටිපන්දම් දැල්ලක් පෙනේ. කිසිත් අරමුණක් නැතිව කාන්තව‍කගේ අතක දැවැන්ත සෙවනැල්ලක් ඉහළට පහළට වැටෙනවා පෙනේ.

මිනිත්තු දහයකින් පසුව කීරා පහතට පැමිණ ඉක්මණින් ට්‍රෑම් රථයක් සොයා ගියාය.

මරීෂාගේ කාමරය හරහා යද්දී ඇයට දොර වැසි තමන්ගේ කාමරයෙන් අමුත්තෙකුගේ කටහඬක් ඇසිණ. හෙමින් කියන, ගැඹුරු වූ, පුරසාරම් බසකින් වූ කටහඬ ප්‍රවේසමින් නැවති නැවතී ගලා යයි. හැම ‘ඔ’ අකුරක්ම බටර් ගාන ලද සරණේරු වලින් රෝල් වී යනවා සේ ඇසෙයි. ඇය දොර පියන් හැරියාය.

ඇය මුලින් ම දැකි පුද්ගලයා ඇන්ටෝනියා පැව්ලොව්නා ය. ඇය කොළ පැහැති තලප්පාවක් හිස පැළඳ සිටියාය. ඇයගේ නිකට විමසිල්ලෙන් ඉදිරියට නෙරා ඇත. අනතුරුව ඇය ලියෝව දැක්කා ය. ඊ ළඟට ඇය දැක්කේ පුරසාරම් කටහඬන් යුතු මිනිහාව ය. ඇයගේ නෙත් ගල් ගැහිණ. ඔහු පෙරලෙමින් සේ ඇය වෙත ළඟා වූයේ ඇයව තක්සේරු කරන හා සැක කරන බැල්මෙන් යුතුව ය.

“ඉතින්, කීරා, මම හිතුව ඔයා අද රාත්‍රිය මඟ පෙන්වන අය එක්ක ගත කරනවයි කියල. ඔයා කිව්ව ඔයා ඉක්මණින් එනවා කියලත්,” ලියෝ ඇයව පිළිගත්තේ තියුණු කටහඬිනි.

ඇන්ටෝනියා පැව්ලොව්නා ඇද පැද කිව්වේ “සුබ සැන්දෑවක්, කීරා ඇලෙක්සැන්ඩ්‍රව්නා.”

“මට සමාවෙන්න. හැකි ඉක්මණින් මම එතැනින් පැන ගත්ත,” කීරා පිළිතුරු දුන්නීය. ඇයගේ දෑස් අමුත්තාගේ මුහුණ දිහා අයාගෙන ඇත.

“කීරා, මම හඳුන්වා දෙන්නම් ද? කාර්ප් කාර්පොවිච් මොරොසොව් -කීරා ඇලෙක්සැන්ඩ්‍රව්නා ආර්ගුනෝවා.”‍

කාර්ප් කාර්පොවිච්ගේ විසල් අත ඇයගේ අතට අත දෙනවා ඇයට දැනුනේ නැත. ඇය බලාගෙන සිටියේ ඔහුගේ මුහුණ දෙස ය. ඔහුගේ මුහුණේ බ්ලොන්ඩ් පැහැති ගෝමර තිබිණ. ලා පැහැති සිහින් ඇස් විය. රතු පැහැති ලොකු මුවකි. පැතලි කෙටි මුක්කම් නැහැයකි. ඇය ඒ මුහුණ මීට පෙර දෙවතාවක් දැක ඇත්තකි. නිකොලවෙස්කි දුම්රිය ස්ථානයේ කාල්පනිකයා ඇයට සිහිවිය. කඩපොලේ හිටිය ආහාර වෙළෙන්ඳා ඇයට මතක් විය.

ඇය තම කබාය නොගලවා සිටගෙන සිටියාය. වදනක් පිට නොකර සිටගෙන සිටියාය. හදිසියෙන් දැනුන හඳුනාගත නොහැකි ගැස්මකින් ඇය බිරන්ත වූ සීතල හැඟීමකින් සිටියාය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: