Sinhala story Blog

අගෝස්තු 9, 2011

අපි ජීවත්වන්නෝ -250 ඒත් එහෙමයි කියලා අපි ඒකට සූදානම් වෙන්න ඕනා ද?

Filed under: Uncategorized — sinhalashortstories @ 10:26 පෙ.ව.

ඇය ඉතා දුෂ්කර වෑයමකින්, හෙමින්, ඔහු දිහා බලාගෙන

“අන්ද්‍රෙ, ඔයා මට ආදරෙයි කියල මුල් වතාවේ කියද්දී, ඔයා ගින්නක හිටියෙ. මට උවමනා වුනේ ඒ ගින්න නිවන්න.”

“එතකොට, එච්චරයි ද?”

“ඔව්, එච්චරයි.”

ඔහු හඬ බාල කරමින් සිනා වූයේය. කොච්චර පහත් හඬකින් ද යැයි කිව්වොත් ඇය උත්සාහය හැර දැමුවාය. “ඔයා කියන්නෙ මොනවා ද කියල ඔයා දන්නෙ නැහැ, කීරා. ඔයා වගේ කාන්තාවෝ ඒ විදියට විතරක් ආදරය කරන්නෙ නැහැ.”

“මම වගේ කාන්තාවෝ, ඒ කොයි වගේ ද?”

“පංසල් වගේ අය, මිලිටරි පා ගමන් වගේ අය, සහ …”

“අපි මොනවා හරි බොමු, අන්ද්‍රෙ?”

“ඔයාට බොන්න ඕනා?”

“ඔව්, දැන්.”

“හා හොඳයි.”

ඔහු මත්පැන් ඇණවුම් කළේය. වීදුරුව ඇයගේ තොල් ගැටෙනා විට පැතිර ගිය ආලෝකය දිහා ඔහු බලාගෙන සිටියේය. වීදුරුවේ වූ වෙව්ලන තීරුවකින් වූ රත්තරන් පැහැති බීමෙන් එහි රැඳි ඇයගේ දිගු සිහින් ඇඟිලි ද රත්තරන් පැහැයෙන් පෙනුණි. “අපි සව්දිය පුරමු මට මේ වගේ තැනක මිස වෙන කොහේවත් පිට තැනක දී සව්දිය පුරන්න නොහැකි දෙයකට. මගේ ජීවිතයට.” ඔහු කීවේය.

“ඔයාගෙ අළුත් ජීවිතයට?”

“මගේ එකම ජීවිතයට.”

“අන්ද්‍රෙ, ඔයාට ඒක නැතිවුනොත්?”

“ඒක මට නැතිකරගන්න බැහැ.”

“ඒත් කොච්චර දේවල් සිද්ධ වෙන්න පුළුවන් ද. ඔයාගේ ජීවිතය මගේ අතේ රඳවාගන්න මම කැමති නැහැ.”

“ඒත් ඔයා රඳවාගෙනයි ඉන්නෙ.”

“අන්ද්‍රෙ, ඔයා හිතන්න ඕන … ඉඳ හිටක වත් … සමහර විට වෙන්න පුළුවන් … මට මොකක් හරි වුනොත් කියල?”

“ඒ ගැන ඇයි හිතන්නෙ?”

“ඒත් ඒක වෙන්න පුළුවන්.”

හදිසියේ ම ඔහුගේ පිළිතුර රැගත් වදන් සමූහය කිසිදිනෙක තමනට කඩා දැමිය නොහැකි යදම් වැලේ පුරුක් ලෙසින් ඇයට දැනිණ. “අපි හැම කෙනෙකුට ම මරණ දණ්ඩනයකට මුහුණ පාන්නට සිද්ධ වෙන්න පුළුවන් කවදා හරි දවසක. ඒත් එහෙමයි කියලා අපි ඒකට සූදානම් වෙන්න ඕනා ද?”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: