Sinhala story Blog

අගෝස්තු 8, 2011

අපි ජීවත්වන්නෝ -249 හදිසියේ ම සියල්ල වෙනස් විදියකින් මට පේන්න පටන් ගෙන

Filed under: Uncategorized — sinhalashortstories @ 10:26 පෙ.ව.

“මම කැමතියි මට වාඩිවෙලා ඉන්න කිසිම හේතුවක් නැති තැනක ඉන්න.

මේසයට එහා පැත්තෙ තියන ඔයාගෙ මුහුණ දිහා බැලීම ඇරෙන්න වෙන කිසිම හේතුවක් නැතිවීම. ඔයාගෙ කොළරයට වැටිච්ච ආලෝකය දකින්න. ඔයාගේ බුරුලක් දයාවක් නැති මුව දිහා බලන්න -මම ඒකට ආසයි- ඒත් ඔයා අර සංගීතයට ඇහුම් කන් දෙද්දී, ඔයාගෙ මුව ප්‍රීතියෙන්, හරියට මුවින් අහගෙන ඉන්නවා වගේ. ඔය සේරම මේ ලෝකේ වෙන කිසිම කෙනෙකුට ඇති වැදගත්කමකින් නැහැ, ඒත් මට වැදගත්. ඉතින්, මම ජීවත් වෙලා තියෙන්නෙ හැම පැයක ම කුමක් හෝ අරමුණක් තිබිය යුතු ජීවිතයක. හදිසියේ ම මට සොයාගන්න ලැබෙනවා, කාටවත් වැදගත් නැති, මට පමණක් වැදගත් වූ අරමුණක් ගැන හැඟීමක් අත්විඳින්න. ඒක කොතරම් පවිත්‍ර වූ අරමුණක් ද යන්න මට හදිසියේම වැටහිලා. ඒ නිසා මට වාද කරන්න පවා බැහැ, මට සැක කරන්න බැහැ, මට සටන් කරන්න බැහැ, ජීවිතය ගෙවන්න පුළුවන් වෙන්නෙ මගේ සතුට වෙනුවෙන් සාධාරණීය වූවොත් පමණක් යැයි කීමට විරුද්ධව. හදිසියේ ම සියල්ල වෙනස් විදියකින් මට පේන්න පටන් ගෙන.”

ඇය කෙඳුරුවාය: “අන්ද්‍රෙ , ඔයා ඔය විදියට කතා කරන්න හරි නැහැ. එතකොට මට හිතෙන්නෙ මම ඔයාව ඔයාගෙ ජීවිතයෙන් වෙනතක අරන් යනවා කියලයි. ඔයාගෙ ජීවිතය වූ සියල්ලෙන් ම වෙනතක ගෙනියනවා කියල.”

“ඔයාට එහෙම හිතන්න අවශ්‍ය නැද්ද?”

“ඒත්, ඒක ඔයාව බියට පත් කරන්නෙ නැද්ද? සමහර විටෙක ඒ නිසා ඔයාට අයිතියක් නැති තීරණයක් ගන්න ඔයාව පොළඹවයි කියලා හිතෙන්නෙ නැද්ද?”

ඔහු පිළිතුරු දුන්නේ නිහඬ වූ ස්ථිර අවබෝධයකින් යුතු වදනකිනි. එය සැහැල්ලුවෙන් පිට කෙරුණකි. උනන්දුවකට එහායින් වූ සංසුන් බවකින් යුතු වූවකි. “නැහැ.” මේසය හරහින් ඔහු ඇය වෙත නැඹුරු විය. ඔහුගේ දෑස් ශාන්ත ය. කටහඬ මෘදුය. නියත ය. “කීරා, ඔයා බයවෙලා වගේ. ඒත් ඇත්තෙන් ම, ඔයා දන්නවා, ඒක වැදගත් ප්‍රශ්නයක් නෙවෙයි. මගේ ජීවිතයේ මුහුණ දෙන්න මට වැඩි ප්‍රශ්න තිබුනෙ නැහැ. මිනිස්සු තමන්ගෙ ප්‍රශ්න හදා ගන්නවා. එයාලා කෙළින් බලන්න අකමැතියි. කරන්න තියන ‍එකම දේ තමයි කෙළින් පාර දිහා බලන එක. ඒක දැක්කම, ඒ දිහා බලාගෙන වාඩි වෙලා නිකම් නොසිටීම -ඇවිදීම. මම පක්ෂයට බැඳුනේ මම නිවැරදි කියා දැන සිටිය නිසා. මම ඔයාට ආදරය කරන්නෙ මම නිවැරදි කියා මම දන්න නිසා. එක විදියකින් බැලුවොත්, ඔයත් මගේ වැඩත් එකම දෙයක්. සියල්ල හරි සරලයි.”

“හැම තිස්සෙම එහෙම නැහැ අන්ද්‍රෙ. ඔයා දන්නවා ඔයාගෙ පාර මොකක් ද කියල. මම ඒ පාරට අයිති නැහැ.”

“ඔයා මට කියල දීපු විදියට ඒක ගැලපෙන්නෙ නැහැනෙ.”

ඇය කරකියා ගත නොහැකි ලෙසකින් රහසින් ඇසුවාය: “මොකක් ද මම ඔයාට කියලා දුන්නෙ?”

වාදක කණ්ඩායම ‘කැඩුණු වීදුරුවේ සිංදුව’ වාදනය කරති. කිසිවෙක් එය ගැයුවේ නැත. අන්ද්‍රෙ ගේ කටහඬ ඒ සංගීතයේ වදන් සේ ඇසිණ. “ඔයාට මතක ද? දවසක් ඔයා කිව්වා අපි දෙන්නාටම එක මූලයක් කොහේ හෝ තැනක තියනවා කියල? මොකද අපි දෙන්නම ජීවිතය ගැන විශ්වාස කරන නිසා? ඒක දුර්ලභ හැකියාවක්. ඒක කියා දෙන්න බැහැ කාටවත්. ජීවිතය කියන වචනය ඇහෙද්දී ඒක පන්සලක්, මිලිටරි පා ගමනක්, සර්ව සම්පූර්ණ ශරීරයක පිළිරුවක් වැනි දෙයක් දකිද්දී දැනෙන හැඟීමක් හා සමාන වූවක් බව නොදැනෙන කෙනෙකුට ඒක පැහැදිලි කර දෙන්න බැහැ. අන්න ඒ හැඟීම දැනිච්ච නිසා තමයි මම පක්ෂයේ සාමාජිකයෙක් වුනේ. ඒ මම බැඳිච්ච කාලේ ඒ නිසා මාව සයිබීරියාවට යැවෙන්න තිබිච්ච කාලේ. ඒ හැඟීම නිසා තමයි මට කිසිම තේරුමක් නැති, ඵලක් නැති මිනිස් ජීවිතය ඉදිරියෙන් සිටගත් යකෙක් ඉදිරියේ සටන් වදින්න උවමනාවක් ඇති වුනේ. අද අපි මනුෂ්‍යත්වයේ දේශපාලනය කියලා කියන්නේ ඒකට. ඉතින් එදා මගේ සම්පූර්ණ පැවැත්ම වූයේ සටන හා අනාගතය වෙනුවෙන්. ඔයා තමයි මට අද ගැන කියලා දුන්නෙ.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: