Sinhala story Blog

අගෝස්තු 5, 2011

අපි ජීවත්වන්නෝ -248 මම දැන හිටියෙ නැහැ, එදා, මේකයි මට සිද්ධ වෙන්නෙ කියල

Filed under: Uncategorized — sinhalashortstories @ 5:49 පෙ.ව.

ඇය ඔහු දෙස බැලුවාය.

විදුලි බල්බයක නොසෙල්වෙන ප්‍රතිබිම්බය දීප්තිමත් පුපුරු දෙකක් ලෙසින් ඇයගේ ඇස් දෙකින් දිස්වෙයි. එය ඇයගේ හම් කොලරයේ කුඩා අණ්ඩාකාර ආලෝකයක් පතුරවයි. “ඇයි ඔයා එහෙම අහන්නෙ?”

“මම දැක්ක ඔයාගෙ ඥාතියා, වික්ටර් ඩුනේව්, සමිතියේ රැස්වීමක දී. එයා කිව්ව මට ලියෝ කොවැලෙන්ස්කි ආපහු ඇවිත් කියල. එහෙම කියද්දී එයා හිනාවක් දැම්ම හරියට ඒ ප්‍රවෘත්තියෙන් මට මොනවා හරි දැනෙන්න ඕන විදියට. කොවැලෙන්ස්කි කොහේ හරි ගියා ද කියල මම දැනගෙන හිටියෙ වත් නැහැ.”

“ඔව්. ඔහු ආපසු ඇවිත්. ඔහු ක්‍රිමියාවේ කොහේ දෝ තැනක ගිහින් හිටියෙ සනීපාරක්ෂාවට, මම හිතන්නෙ. මම දන්නෙ නැහැ ඔහු මාත් එක්ක ආදරයෙන් වෙළිලා ද කියල. ඒත් වික්ටර් එක කාලයක් මට ආදරය කළා. ඒකට එයා මට කවදාවත් සමාව දුන්නෙ නැහැ.”

“මට පේනවා. මම ඒ මිනිහාට කැමති නැහැ.”

“වික්ටර්?”

“ඔව්. ඒ වගේම ලියෝ කොවැලෙන්ස්කිටත් කැමති නැහැ. මම පතනවා ඔයා එයාව වැඩිය දකින්නෙ නැතිවෙයි කියල. ඒ වගේ මිනිහෙක් මම විශ්වාස කරන්නෙ නැහැ.”

“ඔහ්, මම ඉඳ හිටලා එයාව දකිනවා.”

සංගීත කණ්ඩායම වාදනය නවතා ඇත.

“අන්ද්‍රෙ, එයාලගෙන් ඉල්ලන්න මා වෙනුවෙන් සංගීතයක් වාදනය කරන්න කියල. මම කැමති එකක්. ඒක හැඳින්වෙන්නෙ ‘කැඩුණු වීදුරුවේ සිංදුව’ කියලයි.”

නැවතත් සංගීතය පැතිරෙද්දී ඔහු ඇය දෙස බලා සිටියේය. කැඩී බිඳී හැම අතකම ශබ්දය දුවයි. ඔහු අසා ඇති ප්‍රීතිමත්ම වූ සංගීතය එයයි. නමුත් ඇයගේ දෑස්වල වූ ශෝකය ඔහු ඇය වෙතින් කිසිදා දැක නොතිබුණකි. ඇය ඇස් අයාගෙන, බලාපොරොත්තු සුන් වූ ලෙසකින් නොසෙල් වී වාඩි වී සිටියාය. ඇයගේ දෑස් දුකින් පිරී තිබුණි. අතරමං වූවෙකු ගේ බැල්මකිනි.

“මේක, මේ සංගීතය හරි ලස්සනයි, කීරා,” ඔහු රහසින් කීවේය, “ඇයි ඔයා ඒත් ඔය විදියට බලාගෙන ඉන්නෙ?”

“ඒක මම කැමැති වූවක් … ගොඩාක් ඈත අතීතයක දී .. මම පොඩි කාලේ … අන්ද්‍රෙ, ඔයාට හිතෙනවා ද පුංචි කාලේ ඔයාට මොනවා හරි පොරොන්දු වෙලා තිබුණ කියල කවද හරි. දැන් ඔයා දිහා බලල ඔයා හිතනවා ‘මම දැන හිටියෙ නැහැ, එදා, මේකයි මට සිද්ධ වෙන්නෙ කියල’ -ඒක අමුතුයි, විකටයි, ඒ වගේම ටිකක් දුකයි?”

“නැහැ. මට කවදාවත් මුකුත් පොරොන්දුවක් ලැබිලා නැහැ. ඒ කාලේ මම නොදත් බොහෝ දේවල් තිබුණ. ඒවා අද දැන ගන්න ලැබීම හරි අමුත්තක් .. ඔයා දන්නවානෙ, මම මෙතැන්ට ඔයාව එක්ක ගෙන ආපු පළමු දවස. මට ඇතුලට එන්න ලැජ්ජා හිතුන. මම හිතුවා මේක පක්ෂයේ කෙනෙකුට නුසුදුසු තැනක් කියල. මම හිතුවා …” ඔහු සුමුදු ලෙසින් සිනා වූයේය, සමාව අයදින ලෙසින් සිනා වූයේය, “මම හිතුවා මම ඔයා වෙනුවෙන් පරිත්‍යාගයක් කරනවා කියල. ඒත් දැන් මම මෙතැනට කැමතියි.”

“ඇයි?”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: