Sinhala story Blog

අගෝස්තු 2, 2011

අපි ජීවත්වන්නෝ -246 ඔයා පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 5:08 ප.ව.

ඊ ළඟ දිනයේ ඇය සංචාරක ගමන් දෙකකට මඟ පෙන්වන්නිය වූවාය.

මඟ පෙන්වන අය සඳහා වූ රැස්වීමකට සහභාගී නොවූවොත් තමාව රැකියාවෙන් අස් කර දා හැකි බව ඇය එදින ගෙදර ඇවිත් ලියෝට කීවාය. තම රතු ගවුම ඇඟලා ගත්තී ය. තරප්පු පෙළ අග දී ඇය ලියෝව යාන්තමින් සිප ගත්තා ය. පඩි මතින් පැන දුවන ඇය යන දිහා බලාගෙන සිටි ඔහුට සතුටු සිනාවකින් සංග්‍රහ කරන්නට සමත් වූයේ බර හදවතකිනි. වීදි කොණක නැවතුන ඇය තම පසුම්බිය හර ඉන් එළියට ඇද ගත් සුවඳ විලවුන් කුප්පියෙන් බිංදු කිහිපයක් කෙස් කළඹේ තවරා ගත්තී ය. සම්පූර්ණ වේගයෙන් ඇදී යන ට්‍රෑම් රථයකට ඈ දුවගොස් ගොඩ වී එහි හම් පටියේ එල්ලී සිටගෙන ගමන් ගත්තී ය. පසුකර ගෙන යන විදුලි එළි දිහා ඇයගේ නෙත් යොමු වී ‍තිබිණ. ට්‍රෑම් රථයෙන් බැස්ස ඇය පක්ෂ සමාජය පිහිටි මාලිගාව වෙත ඇවිද්දේ සැහැල්ලුවෙන් ය. ඉක්මණින් ය. දැඩි වූ හිතකින් ය. තියුණු අධිෂ්ඨානයකින් ය.

මණ්ඩපයේ වූ කඩා වැටෙන ගරුඬ පාෂාණ තරප්පු පෙල ඇය කිසිත් සද්දයකින් තොරව නැඟ්ඟා ය. දොරට තියුණු හඬකින් තට්ටු කළාය.

අන්ද්‍රෙ දොර විවෘත කළ විට ඇය සිනා වූවාය. ඔහුව සිප ගත්තා ය. “මම දන්නවා, මම දන්නවා, මම දන්නවා … කියන්න එපා … ඉස්සර වෙලා මට සමාව දෙන්න, ඊට පස්සෙ මම පැහැදිලි කරන්නම්.”

ඔහු සතුටින් කෙඳිරී ය: “ඔයාට සමාව දෙනවා. ඔයා පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ.”

ඇය පැහැදිලි නොකළාය. ඔහුට පැමිණිල්ලක් කරන්නට ඉඩක් නොතිබ්බා ය. ඇය කාමරය පුරා කැරකුනා ය. ඔහු ඇය අල්ලා ගන්නට තැත් දැරීය. ඇයගේ කබායෙන් ඔහුගේ අතට දැනුනේ සීතල බවකි. ගිම්හාන රාත්‍රියේ සුවඳෙන් හා සීතල බවෙන් ය. ඔහුට කියාගත හැකිවූයේ “ඔබ දන්නවා ද දැනට සති දෙකක් කියලා එදාට පස්සෙ …” ඔහු වාක්‍යය අවසන් නොකළේය.

ඔහු වීදියට බහින්න සූදානම් වස්ත්‍රයෙන් සැරසී සිටින බව ඇය දුටුවේ එවිට ය. “ඔයා කොහෙ හරි යන්න ලැහැස්ති වෙලා ද හිටියෙ අන්ද්‍රෙ?”

“ඔහ් .. ඔව්, මම යන්නයි ලැහැස්ති වුනේ, ඒත් ඒක වැදගත් නැහැ.”

“ඔයා කොහෙද යන්න ලැහැස්ති වුනේ?”

“පක්ෂ බිලයේ රැස්වීමකට විතරයි.”

“පක්ෂ බිලයේ රැස්වීමකට? ඒත් ඔයා කියනවා ඒක වැදගත් නැහැ කියලා? නමුත් ඔයාට ඒක මඟ හරින්න බැහැ.”

“ඔව්, මට පුළුවන්. මම යන්නෙ නැහැ.”

“අන්ද්‍රෙ, මම වඩා කැමතියි හෙට එන්න. අද ඔයාට යන්න …”

“නැහැ.”

“එහෙනම් ඉතින්, අපි දෙන්නා යමු කොහේ හරි. මාව එක්කගෙන යන්න යුරෝපීය වහළට.”

“අද රෑට?”

“ඔව්. දැන්.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: