Sinhala story Blog

අගෝස්තු 1, 2011

අපි ජීවත්වන්නෝ -245 බැරි ද මට දුරකතන ඇමතුමක් දෙන්න?

Filed under: Uncategorized — sinhalashortstories @ 7:41 ප.ව.

“ඒක ඔයාගෙම වැරැද්ද, කීරා,”

ලිඩියා කීවාය, “ආගමෙන් ලැබෙන සැනසිල්ල ප්‍රතික්ෂේප කරන නිසා හැමදාම ‍දුකින් ඉඳීවි.”

“කවුද කිව්වෙ දුකින් ඉන්නවා කියලා කිසිම විදියකින්?” කීරා ඇහුවේ තියුණු වූ මහත් හඬකිනි. උරහිස් ගසා දමමින් ඇය නැඟිට්ටාය. සිගරැට්ටුවක් ගෙන නැවී ප්‍රයිමසයේ දැල්ලකින් එය අවුළුවා ගත්තාය.

“කීරාව කිසි දවසක ආම්බාම් කරගන්න බැරිවුණා,” ගලීනා පෙට්‍රොව්නා කීවාය, “මේ වගේ කාලයක දී වත් ඉන්න හීන ලෝකයකින් පෘතුවියට බහිවී කියලා කෙනෙක් හිතයි.”

“හේමන්තයේ දී ඔබේ සැලසුම් මොනවා ද?” හදිසියේම ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච් ඇසුවේ පිළිතුරක් බලාපොරොත්තු නොවන, එය කිසිවකු ගණනකට නොගනු ඇතැයි සිතන විදියකට ය.

“කිසිත් නැහැ,” ලියෝ කීවේය, “මේ හේමන්තයටත් ඉදිරියට එන කිසිම හේමන්තයක් සඳහා වත් කිසිම සැලසුමක් නැහැ.”

“මම හීනයක් දැක්ක,” ලිඩියා කීවාය, “කපුටෙක් සහ හාවෙක් ගැන. හාවා පාර පැන්නා. ඒක අවාසනාව ගැන පෙර නිමිත්තක්. ඒත් කපුටා ගහක් උඩ හිඳගෙන හිටියා. ඒ ගහ ‍දැවැන්ත සුදු පල්ලියේ ගුරුලේත්තුවක්.”

“ඔන්න අරගන්න මගේ ඥාති පුත්‍රයා වික්ටර්ව,” ගලීනා පෙට්‍රොව්නා කීවාය. “අන්න ඉන්නවා හරියාකාර නූතන තරුණයෙක්. එයා මේ සිසිරයේ විද්‍යායතනයෙන් උපාධිය ලබනවා. දැනටමත් විශිෂ්ඨ රස්සාවක් හදාගෙන තියෙන්නෙ. එයාගෙ මුළු පවුලම රකිනවා. එයාට නැහැ කිසිම දෙයක් ගැන හැඟීම් වලට වහල් වෙන හැදියාවක්. ඔහු තමන්ගෙ ඇස් ඇරගෙන ඉන්නෙ නූතන සත්‍යයට. එයා ගොඩක් දුර යයි, ඒ කොල්ලා.”

“ඒත්, වසිලි රැකියාවක් කරන්නෙ නැහැ,” ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච් තමාටම කියා ගන්නා ලෙසකින් කියා සිටියේ මොට වූ වැඩි හඬක් පිට නොකරන පුදුමයකිනි.

“වසිලි කවදාවත් ප්‍රායෝගික වුනේ නැහැ,” ගලීනා පෙට්‍රොව්නා සඳහන් කර සිටියාය.

“ඔයා හැඳ සිටින්නේ හරි ලස්සන රතු ගවුමක්, කීරා.” ඇලෙක්සැන්ඩර් ඩිමිට්‍රියෙවිච් හදිසියේ ම කතාවට අදාල නොවන ‍දෙයක් කියා සිටියේය.

“ස්තූතියි, පියාණෙනි.” කීරා සිනාවක් පෑවේ විඩාබරිතව ය.

“ඔයා එච්චර සුවයකින් ඉන්න බව පේන්නෙ නැහැ දරුවෝ. මහන්සි ද?”

“නැහැ, විශේෂ මහන්සියක් නැහැ. මම හොඳින් ඉන්නවා.”

එවිට ප්‍රයිමසයේ බුර බුරා නැඟෙන දැල්ලේැ හඬ යටපත් කරමින් ගලීනා පෙට්‍රොව්නා හඬ නැඟුවාය. “ … ඉතින්, ඔයා දන්නවානේ, බිත්ති පුවත්පතේ පැසසුමට පාත්‍ර වෙන්නෙ හොඳම ගුරුවරු පමණයි. අපේ සිසු සිසුවියෝ හරි දැඩි හදවත් තියන …”

එදා රාත්‍රියේ, අමුත්තෝ පිටත් වී ගිය පසු, නාන කාමරයට ලියුම රැගෙන ගිය කීරා එය විවෘත කළාය. එහි වූයේ පේලි දෙකකි.

කීරා ප්‍රියාදරිය,
ලිවීම ගැන මට කරුණාකර සමාව දෙන්න. ඒත් ඔබට බැරි ද මට දුරකතන ඇමතුමක් දෙන්න?
අන්ද්‍රෙ
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: