Sinhala story Blog

ජූලි 27, 2011

අපි ජීවත්වන්නෝ -241 කවුද ඔය ඔක්කොම ඔයාට ලියලා දුන්නෙ

Filed under: Uncategorized — sinhalashortstories @ 8:20 පෙ.ව.

“ඔව්, එය ආවේ අද.”

ලියුම් කවරයේ එවන්නාගේ ලිපිනයක් නොවිණ. එහෙත් කීරා අත් අකුරු හැඳින ගත්තාය. කිසිත් ගණනකට නොගෙන ඇය ලිපිය මේසය මතට දැම්මාය.

“ඔයා ඒක ඇරලා බලන්නෙ නැද්ද?” ලියෝ ඇසුවේය.

“හදිසියක් නැහැ,” ඇය කීවේ හඬ වෙනස් නොකර, “වැදගත් දැයක් නෙමේ.”

“ඉතින්, ලියෝ?” ගලීනා පෙට්‍රොව්නාගේ කටහඬ දෙදරුම් දෙයි. ඇයගේ කටහඬ තවත් තියුණු වී තවත් හඬ වැඩි වී තවත් පැහැදිලි වී යයි. “මොනවා ද ඔයාගේ හේමන්තයට සැලසුම්? මේක අපි පිවිසෙන වැදගත් වසරක්. කොච්චර අවස්ථා ද? විශේෂයෙන් ම තරුණ අයට.”

“කොච්චර අවස්ථා …. මොනවා ද?” ලියෝ ඇසුවේය.

“විවිධ වූ ක්ෂේත්‍රයන්හි පැතිර ගිය ක්‍රියාකාරකම්! දුක්ඛිත පුංචි පැවැත්ම සඳහා තමන්ගෙ මුළු ජීවිතයම කුඩා පඩියකට වහල්කමේ යෙදෙන මිනිස්සු ජීවත්වන, අභාවයට යන, පරිහානියට යන යුරෝපීය නගරවල වගේ නෙමෙයි. මෙහෙ -අපි හැමෝටම අවස්ථාවක් තියෙනවා ඵලදායී පුද්ගලයෙක් වෙන්න. උත්කර්ෂණීය සාමූහයක නිර්මාණශීලී සාමාජිකයෙක් වෙන්න. මෙහෙ -එක් අයෙකුගේ මෙහෙය තමන්ගේ කුඩා බඩ ගෙඩිය පුරවා ගන්න කරන නිශ්ඵල වෑයමක් පමණක් නෙමෙයි. ඒක මනුෂ්‍යත්වයේ අනාගතය ගොඩ නඟන දැවැන්ත උත්සාහයකට කරන සම්මාදමක්.”

“අම්මා,” කීරා ඇසීය, “කවුද ඔය ඔක්කොම ඔයාට ලියලා දුන්නෙ?”

“ඇත්තටම, කීරා,” ගලීනා පෙට්‍රොව්නා තම උරහිස් කෙළින් කර ගත්තීය, “ඔයා තමන්ගෙ අම්මට ගෞරවයක් දක්වන්නෙ නැතිවා පමණක් නෙවෙයි, මම හිතනවා ඔයා ලියෝගේ අනාගතයටත් නරක ආදර්ශයක් කියලා.”

“ඒ ගැන ඔබ හිත කරදර කරගන්න එපා, ගලීනා පෙට්‍රොව්නා,” ලියෝ කීවේය.

“ඔව් සහතිකයෙන්ම, ලියෝ, මම බලාපොරොත්තු වෙනවා ඔබ අපි අල්ලා ගෙන හිටපු අදහස් වලින් ඉවත් වෙලා යන අනාගතකයක ජීවත් වෙන්න තරම් නූතන වෙයි කියලා. අපි පිළිගන්න ඕනා සෝවියට් ආණ්ඩුව විතරයි ලෝකෙ එකම ප්‍රගතිශීලී ආණ්ඩුවකට තියෙන්නෙ කියල. ඒක තමන්ගෙ සම්පූර්ණ මනුෂ්‍ය සම්පත පාවිච්චියට ගන්නවා. බලන්න මා වගේ වයසක මනුස්සයෙක් වත්, තමන්ගෙ මුළු ජීවිත කාලයේ දී ම කිසිත් වැඩකට නැතිව සිටියෙකුට, අද නිර්මාණාත්මක සේවයක් කරන්න ඉඩකඩක් ලැබිලා. ඉතින්, ඔබ වගේ තරුණ අයට …”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: