Sinhala story Blog

ජූලි 22, 2011

අපි ජීවත්වන්නෝ -238 අද රෑට මට එළියට යන්න ඕනෑ

Filed under: Uncategorized — sinhalashortstories @ 8:40 පෙ.ව.

“ඔයාගෙ බුඩාපෙස්ට් වල ඉන්න මාමාට වහාම ලියන්න.

එයාට ස්තූති කරලා කියන්න අපිට තවත් සල්ලි එවන්න එපා කියල. මට දැන් හොඳයි. අපි තනියම වෙහෙසෙමු. ඔයා මට එව්ව හැම සතයක්ම මම සටහන් කරගත්ත. මම කියපු විදියට මෙහෙ දී ඔයා වියදම් කරපු ගණන් ඔයා ලියා තියාගත්ත ද? එයාට අපි ආපහු ගෙවන්න පටන් ගන්න ඕන. එයා පොඩ්ඩක් බලාගෙන ඉන්න කැමති නම්, කවුද දන්නෙ, රාක්ෂයා හැරෙන්න කොච්චර කාලයක් යයි ද කියලා ඒකට.” ඒ ලියෝ කියූවකි.

“ඔව්, ලියෝ.” ඒ ඇය ඔහු දෙස නොබලා රහසින් කොඳුරන ලද්දකි.

ඇයගේ අතේ වූ රත්තරන් අත් ඔරලෝසුව දැක ලියෝ ඇස් බැමි රැළි කළේය: “කොහෙන් ද ඒක ආවේ?”

“ඒක තෑග්ගක්. අන්ද්‍රෙ ටැගනොව් ගෙන්.” ඇය කියා තිබුණා ය.

“ආ .. ඇත්තටම? එහෙනම් ඔයා එයා දෙන තෑගි ගන්නවා?”

“ලියෝ!” ඇය එරෙහි වන ලෙසින් කරකැවී හැරුණත් ලියෝ දිහා බලා යාප්පු වූවාය: “ඇයි එපා, ලියෝ? ඒ මගේ උපන් දිනය දා. මට ඔහුගේ හිත නරක් කරන්න හිතුනෙ නැහැ.”

ඔහු දැඩි අකමැත්තකින් දෙවුර හැකිළීය: “අයියෝ, මට කමක් නැහැ. ඒක ඔයාගෙ වැඩක්. පුද්ගලිකව කිව්වොත්, රහස් පොලීසියේ සල්ලි වලින් ගෙව්ව දෙයක් පළඳින්න මට නම් හිත ඉඩ දෙන්නෙ නැහැ.”

ඇය සිගරට් ලයිටරයත්, සිල්ක් කකුල් ආවරණත්, සුවඳ විලවුන් බෝතලයත් සඟවා තැබුවාය. රතු ගවුම ඔහුගෙ පැමිණීම සඳහා ගත් බව ඇය කීවාය. එහෙත් ඇය එය පළඳින්නේ නැත්තේ ඇයි දැයි ඔහු කල්පනා කළේය.

හේමන්ත මාලිගයේ ශාලාවන් ඇතුලත ඇය වැඩි දවසක් ගෙවා දැමුවාය. එහි පැමිණෙන සංචාරකයන්ට “.. ඒක තමයි හැම වගකීමක් ඇති පුරවැසියෙකුගෙම යුතුකම. අපේ අරගලයේ ඉතිහාසය ගැන දැනුවත් වීම. ඒකෙන් අපිට පුහුණුවකින් යුතු බුද්ධිය ඇති අරගල සටනකින් ලෝක අරගලයක් ඇති කරන්න පුළුවන්. ඒකයි අපේ ඉහළ පරමාර්ථය,” යැයි දේශන පැවැත්වූවාය.

සන්ධ්‍යා සමයේ දී, ඇය ලියෝට කියන්නට උත්සාහ දැරුවේ “මම අරීනාට පොරොන්දු වුනා, අද රෑට මට එළියට යන්න ඕනෑ …” කියා හෝ “මම අද රෑ යන්නම ඕනා. සංචාරක මඟපෙන්වන්නන්ගේ හමුවක් අද,” යනාදියට ය. එහෙත් ඔහු ඇයව නිවසේ නතර කරගත්තේය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: