Sinhala story Blog

ජූලි 21, 2011

අපි ජීවත්වන්නෝ -237 ඇයට බලන්න දෙන්න, එයින් මට රිදෙන්නෙ නැහැ

Filed under: Uncategorized — sinhalashortstories @ 9:07 පෙ.ව.

“හැම පැය දෙකකට සැරයක් වත් ඔයාට වචනයක් දෙකක් කියන්න තිබුණ.”

“ඇය ආවේ මම කතා කරනවා අහන්න නෙමෙයි.”

“මම ඇයට ආරාධනා කළේ නැහැ. ඇය මගේ යෙහෙළියක් ද නොවේ. ඒ ගැන ඔච්චර දොම්නස් විදියට හැසිරෙන්න අවශ්‍ය නැහැ.”

“ඒත්, ලියෝ ඔයා කොහෙන් ද ඒක අහුල ගත්තෙ?”

“එකම සනීපාරක්ෂක ස්ථානයේ ම තමයි ‘ඒක’ තිබුණෙ. විදේශීය පොත් තිබුණු තැන. සෝවියට් කබල් කියවමින් ඉන්න සිද්ධ වෙච්ච කාලයේ ඒක දුර්ලභ වාසනාවක්. එහෙමයි අපි හමුවුනේ. ඒකෙ වැරැද්දක් තියනවා ද?”

“ඒත්, ලියෝ, ඔයා දකින්නෙ නැද්ද ඇය හඹා එන්නේ මොකට ද කියා?”

“ඇත්තටම දකිනවා. ඇයට එය ලැබේවි කියා ඔයාට බය ද?”

“ලියෝ!”

“එහෙනම් ඉතින්, ඇයි මට බැරි ඇය එක්ක කතා කරන්න? ඇය හානියක් නොකරන මෝඩියක්. යම් තත්වයකට එන්න උත්සාහ ගන්න කෙනෙක්. ඒ වගේම එයාට විශේෂ දැන හැඳුනුම්කම් තියනවා.”

“ඒත් ඒ වගේ කෙනෙක්ව ආශ්‍රය කරන්න …”

“මේ දවස්වල ආශ්‍රය කරන්න සිද්ධ වෙන රතු කුණ ගොඩවල් වලට වඩා වැඩි වෙනසක් නැහැ ඇයගෙ. අඩු ගානේ ඇය රතු නැහැ.”

“ඉතින් එහෙනම්, ඔයාගෙ කැමැත්තක්.”

“අමතක කරලා දාන්න, කීරා. ඇය කිසිදාක ආයේ මෙහෙ එන්නෙ නැහැ.”

ඔහු ඇය වෙත හැරී සිනාවෙයි. හදිසියේ ම ඔහුගේ ඇස් දීප්තියෙන් බැබළෙයි. කිසිත් සිද්ධ නොවූවා සේ ය. ඇය ඊට අවනත වූවාය. ඇයගේ දෑත් ඔහුගේ උරහිස මත ය. “ලියෝ, ඔයා දකින්නෙ නැද්ද? ඒ වගේ අය ඔයා දිහා බලන්නත් බය වෙන්න ඕන.”

ඇයගේ කම්මුලකට තට්ටු කරමින් ඔහු සිනාසුනේය: “ඇයට බලන්න දෙන්න, එයින් මට රිදෙන්නෙ නැහැ.”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: