Sinhala story Blog

ජූලි 20, 2011

අපි ජීවත්වන්නෝ -236 ආපසු මුණගැසෙමු, මිත්‍රයනි

Filed under: Uncategorized — sinhalashortstories @ 12:05 ප.ව.

“අයියෝ, බලන්න කොච්චර ප්‍රමාද වුනා ද කියල!

කොච්චර සතුටක් ගෙන දුන්නා ද කියතොත් මට වේලාව යනවා දැනුනෙත් නැහැ. මම ඉක්මණින් ගෙදර යන්න ඕනා. මම නැතිව කොකෝ දැන් දුකින් ඉන්නවා ඇති, අහිංසක දරුවා.”

ඇය තම අත්බෑගය හැරියාය. කුඩා කණ්ණාඩියක් එළියට ගත්තාය. එය දික් වූ ඇඟිලි දෙකකින් අල්ලා ගෙන සිහින් කරගත් ඇස් දෙකින් ඇයගේ මුහුණ පිරික්සා කර බැලුවාය. තද රතු පාට කුඩා බෝතලයක් එළියට ගත් ඇය එහි වූ ඩිංගිත්තන් බුරුසුවකින් දම්පැති පැල්ලමක් තොල් මත තැවරුවාය.

“සතුට වඩවන බඩු,” කීරාට බෝතලය පා ඇය පැහැදිලි කරන්නීය. “ලිප්ස්ටික් වලට වඩා අනේක වාරයකින් අගේ වැඩි. මම දකිනවා ඔයා තොල් ආලේපන පාවිච්චි නොකරන බව, කීරා ඇලෙක්සැන්ඩ්‍රව්නා. මම ඒක ඉතා තදින් අනුමත කරනවා. කාන්තාවක් විසින් තවත් කාන්තාවකට කියන්නෙ. අයෙක් තම පෙනුම කිසි විටෙක නොසලකා හැරිය යුතු නැහැයි කියල. ඔයා දන්නවානේ, විශේෂයෙන්ම,” ඇය සිනාසුනාය. හිතවත්‍ විලසකින් වඩාත් ළඟින් ඇසුරු කරන්නියක ලෙසින් සිනාසුනාය, “විශේෂයෙන්ම, කෙනෙකුට මේ වගේ වටිනා වස්තුවක් ආරක්ෂා කරගන්නට තියෙද්දී.”

දොර එළිපත්තේ දී ඇන්ටෝනියා පැව්ලොව්නා ලියෝ වෙත හැරුණාය: “මේ එන හේමන්තය ගැන කරදර වෙන්න එපා, ලියෝ. මගේ දැන හැඳුනුම්කම් එක්ක … කොකෝ, සහතිකයෙන්ම, දන්නවා ඉහළම ඉන්න .. ඇයි, මම බයයි එයා දන්න සමහර නම් රහසින් වත් කියන්න … කොකෝ මගේ අතේ ඇඹරෙන ගුලියක් වගේ. ඔයා එයාව හමුවෙන්න ඕන, ලියෝ. අපිට ඔයාට ගොඩක් දේවල් කරලා දෙන්න පුළුවන්. ඔයා වගේ මහේශාක්‍ය තරුණ පිරිමියෙක් මේ සෝවියට් ගොහොරුවේ අතරමං නොවී ඉන්නට වග බලා ගැනීම මගේ කාර්ය භාරය කරගන්නවා මම.”

“ස්තූතියි, ටෝනියා. ඔයාගෙ ආරාධනාව මම අගය කරනවා. ඒත් මම හිතනවා මම තාම අතරමං නැහැ කියල.”

“එයාගෙ තනතුර මොකක් ද?” හදිසියේම කීරා ඇසුවාය.

“කොකෝ? එයා ආහාර පදනමේ සහායක කළමනාකාරවරයා. ඒ නිල වශයෙන්.” ඇන්ටෝනියා පැව්ලොව්නා හඬ බාල කර උගුර යටින් කෙටි හිනාවක් පිට කර, අද්භූත ලෙසකින් ඇසක් වැසුවාය. විදුලි බල්බයේ එළියෙන් දීප්තිය විහිදූ දියමන්තියේ දිස්නයක් පිට කරන අත් වැනිල්ලකින් පසු ඇය ප්‍රංශ බසින් “ආපසු මුණගැසෙමු, මිත්‍රයනි” කියා පිටව ගියාය.

දොර මතින් දම්වැල දමා ගසමින් කීරා හුස්මක් ඉහළට ඇද්දේ පිටතට ඇහෙන්නට ය.

“ලියෝ, මට පුදුමයි!”

“මොකකින් ද?”

“ඒ වගේ කතා කරන්නට වත් නුසුදුසු චරිතයක් සමඟ ඔයාට ආශ්‍රය කරන්න හැකි වූවාට.”

“මම ඔයාගෙ යහළුවෝ ගැන අදහස් දක්වන්න යන්නෙ නැහැ.”

ඔවුන් මරීෂාගේ කාමරය පසු කරමින් යති. ජනේලය අසල කොනක මරීෂා පොතකින් හිස ඔසවයි. ලියෝගේ අමුතු කටහඬ ඇසී ඔහු දිහා කුතුහලයෙන් බලයි. ඔවුන් කාමරය පසු කරති. ලියෝ ඒ දොර හඬනඟා වසා දමයි.

“අඩු ගානේ ඔයාට පොඩ්ඩක් ආචාරශීලී වෙන්න තිබුණ,” ලියෝ කියා සිටියේය.

“මොකක් ද ඔයා කියන්නේ?”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: