Sinhala story Blog

ජූලි 19, 2011

අපි ජීවත්වන්නෝ -235 පිරිමි ඔයාලා හරි අමුතු සත්තු ජාතියක්

Filed under: Uncategorized — sinhalashortstories @ 10:42 පෙ.ව.

“ඇත්තටම. හරි අමුතුයි!

මට විශ්වාසයි ඔබ සංගීතය ප්‍රිය කරනවා කියල?”

“ෆොක්ස් ට්‍රොට්ස්,” කීරා කීවාය.

“ඇත්තටම?” ඇන්ටෝනියා පැව්ලොව්නා හෑල්ලුවට ලක් කරන සිනාවක් පෑවාය. ඇය සිනා වෙද්දී ඇයගේ නිකට තවත් ඉදිරියට දික් වී ගියේය. ඇගේ නළල තවත් පස්සට ගියේය. අපහසුවෙන් අරිනවා මෙන් ඇයගේ තොල් මඳක් විවර විය. “සංගීතය ගැන කිව්වොත්, ඇය ලියෝ වෙත හැරී කියුවේය, “ඒක මගේ හේමන්ත වැඩ සටහනේ තවත් එක වැදගත් අංගයක්. ජාතික ෆිල්හාමොනික් සමාජය පවත්වන හැම සංගීත ප්‍රසංගයක දී ම කෝකො මට පොරොන්දු වෙලා තියෙන්න ‍නරඹන කාමරයක් දෙන්න! ඔහු ඇතුලතින් හරි කලා ළැදියෙක්. එයාගෙන් අහන්න කෙනෙක් දන්නවා නම්. ඒත් අවසනාවන්ත පුංචි කාලයක් ඔහුට තිබි නිසා ඔහුට කවුරුත් පුරුදු කරලා නැහැ ෆිල්හාමොනික් සංගීතය අගයන්න. මට වෙන්නෙ කාමරයේ තනියම ඉන්න. ආ – අන්න සතුටු සිතුවිල්ලක්! -ඔයාට පුළුවන් මා එක්ක ඒක බෙදා ගන්න ලියෝ. කීරා ආර්ගුනෝවාටත් පුළුවන් සහතිකයෙන් ම.” ඇය කීරා වෙත හිස වනා නැවතත් ලියෝ වෙත හැරුණා ය.

“ස්තූතියි ඔයාට, ටෝනියා,” ඔහු පිළිතුරු දුන්නේ ය, “ඒත් අපිට ඒකට වෙලාවක් තියන එකක් නැහැ මේ හේමන්තයේ දී.”

“ලියෝ, මගේ ප්‍රියාදරය!” ඇය අත් විහදා අනුකම්පාව බෙදා ගන්නා හැසිරීමක් පිළිබිඹු කළාය. “මම දන්නෙ නැහැ කියලා හිතනවා ද? ඔබගේ ආර්ථික තත්වය ගැන … මේ කාලය ඔබ වැනි අයට නොවේ. කොහොම වෙතත් ධෛර්යය අත්හරින්න එපා. මගේ දැන හැඳුනුම්කම් එක්ක … කොකෝට බැහැ මට කිසිවක් දෙන්න බැහැයි කියන්න. එයාට හරි දුකයි මම ක්‍රිමියාවට ගිය ගමන ගැන. එයාට මා නැතිව හරි පාළුයි. ඔයා විශ්වාස කරන එකක් නැහැ මාව ආපහු දකින්න ඔහු කොතරම් සතුටු වුනා ද කියල. මගේ සැමියා වූවා නම් ඔහුට ඊට වඩා කැපවීමක් කරන්න බැහැ. ඇත්තෙන්ම කිව්වොත්, එයා තරම් කැපවීමක් ඇති අයෙක් නැහැ. විවාහය කියන්නෙ යල් පැන ගිය අදහසක් -ඔය දන්නවානෙ.” ඇය සිනා සී කීරා දෙස බැලුවාය.

“මට විශ්වාසයි ක්‍රිමියාව ඔයාගෙ සෞඛ්‍යයට උදව් කරලා තියන වග,” ලියෝ කීවේ ඉක්මණින්, කරුණාවකින් තොරව.

“අයියෝ, ඒ වගෙ වෙන කිසිම තැනක් නැහැ! ඒක පුංචි පරාදීසියක්. අඳුරු වෙල්වට් වගේ අහස. දියමන්ති වගේ තරු. මුහුද. අර දිව්‍යලෝකෙ වගේ හඳ එළිය! ඔයා දන්නවා ද, මම කල්පනා කළා ඇයි ඔයා ඒකෙ ඉන්ද්‍රජාල කාන්තියෙන් වෙනස් නොවී හිටියේ ඇයි කියල. මම හිතුවා ඔයා රොමැන්තික නැහැ කියල. දැන් තමයි මට හේතුව වටහා ගන්න පුළුවන්.”

ඇය කීරා දෙස බැල්මක් යොමු කළාය. ඒ බැල්ම ගැසුණි. කීරාගේ ඇස් එය අල්ලා ගෙන තියා ගත්තා වැනි ය. ඉක්බිතිව ඇන්ටෝනියා පැව්ලොව්නාගේ තොල් අමුතු හිනාවකින් පිරී ගොස් ඇය සුසුම් හෙලමින් වෙනතක හැරුනේ ය. “පිරිමි ඔයාලා හරි අමුතු සත්තු ජාතියක්. ඔයාලව වටහා ගන්න එක විද්‍යාවක් මුළුමනින් හදාරනවා වගේ. හැම සත්‍ය කාන්තවකගේම මුල්ම යුතුකම වගේ. මම ඒක සහමුලින් වටහා ගෙන තියෙන්නෙ තිත්ත පංතියක අත්දැකීම් තුලින්!” ඇය විඩාවකින් මෙන් හුස්මක් පිට කළාය. අකැමත්ත ප්‍රකාශය කරන්නා සේ දෙවුර හෙළවූවාය. “මම දන්නවා සුදු හමුදාවේ වීර සෙබළු. මම දන්නවා අමානුෂික යකඩ හදවත් ඇති කොමිස්සාර්ලා.” ඇය උස් හඬින් සිනාසුනාය. “මම විවෘතව කියනවා. ඇයි නැත්තෙ? මෙතන අපි සේරම නුතන අදහස් ඇති අය .. මාව වැරදි විදියට වටහා ගත්ත බොහොමයක් මම දන්නවා. ඒත් මට කමක් නැහැ. මම එයාලට සමාව දෙනවා. ඔයා දන්නවානේ -වැදගත් අය වැදගත් විදියට හැසිරෙන්න ඕන නිසා.”

කීරා වාඩි වී සිටියේ පුටු ඇන්දක ය. ඔවුන් කතා කරද්දී ඇය ඇයගේ පරණ පාවහන් තුලින් පෙනෙන කකුල්වල ඇඟිලි දිහා බලමින්, ඇයගේ අතේ නියපොතු දිහා බලමින් සිටියාය. ඇන්ටෝනියා පැව්ලොව්නා තම දියමන්ති ඇල්ලූ අත් ඔරලෝසුව දිහා බලද්දී ජනේලයට පිටතින් අඳුර පැතිර ඇති බව පෙනුණි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: