Sinhala story Blog

ජූලි 18, 2011

අපි ජීවත්වන්නෝ -234 මගේ හදවත ඇස්බැස්ටෝස් වගේ

Filed under: Uncategorized — sinhalashortstories @ 8:40 පෙ.ව.

“කොච්චර ගැඹුරු සත්‍යයක් ද!

සහතිකයෙන් ම, අද සංස්කෘතියේ නූතන කාන්තාවට කිසිත් නොකර සිටීමේ හැකියාවක් කොහෙත්ම නැහැ. මේ එන හේමන්තයේ දී මම මා කළ යුතු වැඩ සටහනක් සටහන් කරගෙන ඉන්නෙ. මම ඉගෙන ගන්න සූදානම්. මම බලාපොරොත්තු වෙනවා පුරාණ ඊජිප්තුව ගැන පරතෙරකට හදාරන්න.”

“මොනවා?” කීරා ඇසුවාය.

“පුරාණ ඊජිප්තුව,” ඇන්ටෝනියා පැව්ලොව්නා කීවාය. “ඒකේ ජවය සම්පූර්ණයෙන්ම නැවත අල්ලා ගන්න මට ඕන. මේ ඈත එපිට සංස්කෘති වල ගැඹුරු වැදගත්කමක් තියනවා. නූතනය හා බැඳි අභිරහස් වූ බැඳීමක්. මේ නූතන අපි ඒක මුළුමනින් අගය කරන්නෙ නැහැ. පහුගිය ආත්මයක දී මට විශ්වාසයි …. ඔයා සියළු ආගම්වල තියනවා යැයි කියන පරම සත්‍යයක් ගැන දැන ගන්න උවමනාවක් තියෙන අයෙක් නෙවෙයි නේද, නේද ලියෝ?”

“නැහැ.”

“මට ඔයාගෙ දැක්ම අගය කරන්න පුළුවන්. සහතිකයෙන් ම. ඒත් මම ඒ ගැන ගොඩාක් හොයලා බලලා ගොඩක් හිතලා තියෙනවා. එතැන ලෝකෝත්තර සත්‍යයක් තියනවා. අපේ පැවැත්මේ තියන වටහා ගන්නට නොහැකි දේවල් බොහොමයකට උත්තර සපයන. ඔව්, මම ඒ අභිරහස් දේ සොයන්න කැමති විදියෙ කෙනෙක්. කොහොම වුනත්, ඔයා මම පරණ තාලේ කෙනෙක් කියා හිතන්න ඕන නැහැ. ඔයා පුදුම වෙන්නත් ඕන නැහැ මම දේශපාලන ආර්ථිකය හදාරන බව කිව්වොතින්.”

“ඔයා එහෙම කරනවා ද, ටෝනියා? ඇයි?”

“තමන්ගේ කාලයෙන් බැහැරක ඉන්නත් කෙනෙකුට බැහැ, ඔයා දන්නවානෙ. විවේචනය කරන්න නම් අපි අවබෝධයක් ලබන්න ඕන. මම ඉන් පුදුම සතුටක් ලබන්නෙ. ශ්‍රමිකයන් සහ වෙළඳපොල සහ යන්ත්‍ර ගැන වූ රොමැන්තික අමුත්තක් තියනවා. ඒ ගැන කියද්දී මතක් වුනේ, ඔය වැලෙන්ටිනා සර්කිනාගේ අළුත්ම පද්‍ය වෙළුම කියවා තියෙනවා ද?”

“නැහැ, මම කියවා නැහැ.”

“ඉතාමත් රසවත්. හරි ගැඹුරු ආවේගයන්. ඒත් සහමුලින්ම නූතන වූවක්, විශේෂයෙන් ම නූතන වූවක්! එක පද මාලාවක් තියනවා .. කොහොම ද ඒක? මගේ හදවත ඇස්බැස්ටෝස් වගේ, මගේ ආවේගයන් ගිනි උදුනක උණුසුමකින් තියෙද්දී ඊට සිසිලසක් ‍ගෙන දෙන්නා වැනි වූ. ඔන්න ඔහොම පද මාලාවක්. ඒක හරි ලස්සනයි.”

“මම කියන්න කැමැතියි මම නූතන කාව්‍ය කියවන්නෙ නැහැයි කියල.”

“මම ඒ පොත ඔයාට ගෙනැත් දෙන්නම්, ලියෝ. මම දන්නවා ඔයා ඒක අවබෝධ කරගෙන ඒක අගය කරාවි කියල. ඒ වගේම මට විශ්වාසයි කීරා ආර්ගුනෝවාත් ඒකෙ රස විඳියි කියල.”

“ස්තූතියි,” කීරා කීවාය, “ඒත් මම පද්‍ය කවදාවත් කියවන්නෙ නැහැ.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: