Sinhala story Blog

ජූලි 14, 2011

අපි ජීවත්වන්නෝ -232 ඇන්ටෝනියා පැව්ලොව්නා ප්ලැ‍ටොෂ්කිනා

Filed under: Uncategorized — sinhalashortstories @ 8:49 පෙ.ව.

III

දවස් තුනකට පසු, සවස් කාලයක ගෙදර සීනුව නාද විය. කීරා ඒ කවුදැයි බලන්නට ගියාය.
දම්වැලකින් ආරක්ෂිත වූ දොර ඇය බාගෙට හැරියාය. පඩිපෙළ මුදුනේ දොර අසළ තරබාරු කාන්තාවක් වටිනා වූ අළුත්ම මාදිලියේ කබායකින් සැරසී සිටගෙන ය. කැපී පෙනෙන දිගු නිකටින් ඉහළට ඇදුන ඇයගේ මුහුණ පුහුණු කරන ලද හැසිරිල්ලකින් ඉහළට එස වී ඇත. එයින් ඇයගේ පලල් සුදු බෙල්ල, ඇයගේ දම් පැහැති වත්සුණු තැවරුණ පිරුණු තොල් බාගෙට ඇරී මනා සුදු දත් කුට්ටමක් ඇති බව පෙනෙයි. ඇයගේ අත පලල් වූ කොළ සිල්ක් සළුවක මැදින් තබාගෙන ය. තමන් දැනගෙන ම කරුණාබරිත කටහඬකින් කතා කරන විලාසයකින් ඇය “ලියෝ කොවැලෙන්ස්කි ජීවත්වන්නේ මේ ගෙදර ද?” යි විමසුවාය.

කෙටි සුදු ඇඟිලි වල දිළිසෙන දියමන්ති මුදු දිහා කීරා බැලුවේ වික්ශිප්තයෙනි. “ඇයි … ඔව්.” ඇය පිළිතුරු දුනි.

ඇය දම්වැල ගැලවූයේ නැත. ඇය ස්ත්‍රිය දෙස ගල් ගැහී බලාගෙන සිටින්නී ය. වෙනස් බස් උච්චාරණයකින් සේ තවත් කරුණාවෙන් වදන් පිට කළ ඇය “මට ඔහුව හමුවන්න උවමනායි,” කීවාය.

කීරා ඇයට ඇතුල්වන්නට ඉඩ දුන්නා ය. ස්ත්‍රිය කීරා දෙස බැලුවේ කුතුහලෙයනි, ඇය කවුදැයි දැන ගන්නට උවමනාවෙනි, ඇස් මඳක් පුංචි කරමිනි.

ඔවුන් දෙදෙන කාමරයට ඇතුල් වූ විට ලියෝ පුදුමය පෑ රැවිල්ලකින් අසුනෙන් නැඟිට්ටේ ය. නාට්‍යයක රඟපාන්නාක් මෙන් තම අත් දෙකම ලියෝ වෙත පා ස්ත්‍රිය ඔහු ඇමතුවා ය. “ලියෝ! ඔයාව නැවත දකින්නට ලැබීම කොතරම් භාග්‍යයක් ද! මම මතක් කරගත්තා ඔයාව හොයාගන්නවා යයි මම කියපු තර්ජනය. කරදරයක් වෙන්න තමයි මගේ ඉතා තද බලාපොරොත්තුව!”

ඇය සිනහාවෙමින් බලාපොරොත්තු වූ තම සිනාව ලියෝ පෑවේ නැත. ඔහු කඳ නවා ආචාර කළේය. එකිනෙකා හඳුන්වා දුන්නේ ය. “කීරා, මේ තමයි ඇන්ටෝනියා පැව්ලොව්නා ප්ලැ‍ටොෂ්කිනා – කීරා ඇලෙක්සැන්ඩ්‍රව්නා ආර්ගුනෝවා.”

“ඔහ්! .. ආර්ගුනෝවා? … ඔහ් …” ඇන්ටෝනියා පැව්ලොව්නා කීවාය. හරියට ලියෝගේ නම කීරාගේ නම හා සමාන නොවන බව දකිනා ලෙසකිනි. ඉන් සතුටට පත්වන ලෙසකිනි. ඇය කෙළින් දික් කරපු අතක් කීරා වෙත පෑවාය. ඇයගේ ඇඟිලි පහතට නැවී තිබුණි. ඇය අත පෑවේ පිරිමියෙකුට අත පානා පරිදි ය. හරියට ඒ අත චුම්භනය කරතැයි බලාපොරොත්තුවකින් මෙනි.

“ඇන්ටෝනියා පැව්ලොව්නා සහ මම එකම සනීපාරක්ෂක ස්ථානයේ අසල්වැසියෝ.” ලියෝ පැහැදිලි කළේය.

“ඔහු තමයි කිසිම කරුණාවක් නොපෙන්වපු එකම අසල්වැසියා. මම පැමිණිලි කරන්න ඕන.” ඇන්ටෝනියා පැව්ලොව්නා සිනාසුනේ උඟුර බැරෑඬි වූ හඬකිනි. “මට ඔයා ආපහු යන දුම්රියේ ම එන්න කොතරම් ඕන වුනා ද. ලියෝ, ඔයා මට ඔයාගෙ ගෙදර අංකය දුන්නෙ නැහැ. ‍මට කොච්චර දුෂ්කර වුනාද ඔයා ඉන්න තැන උප්‍රව්ඩම් ගෙන් දැනගන්න. අපේ යුගයේ ඉන්න නොසලකා හැරිය නොහැකි කරදරයක් තමයි උප්‍රව්ඩම්ලා. බුද්ධිමත් අපිට පුළුවන් එකම දෙයයි කරන්න ඒ ගැන, හිනාවකින් කරදරය උහුලගන්නයි.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: