Sinhala story Blog

ජූලි 12, 2011

අපි ජීවත්වන්නෝ -230 කීරා, ඔබ පුංචි මෝඩි!

Filed under: Uncategorized — sinhalashortstories @ 10:17 පෙ.ව.

ඇය ගෙදරට පැමිණෙද්දී කාමරය හිස් ය.

“නැහැ,” මරීෂා කීවාය, “ඔහු තවම ආවේ නැහැ.”

“නැහැ,” ගොරෝසු කටහඬ දුරකතනයෙක් කීය, “දුම්රිය තාම ඇවිත් නැහැ. ආයෙත් ඒ ඔබ ද පුරවැසියෙනි? මොකක් ද ඔබට වෙලා තියෙන්නෙ? දුම්රිය දුවන්නේ ඔබේ පුද්ගලික පහසුවට නොවේ. ඒක අද රෑ වෙනතෙක් ඒ යැයි අපි බලාපොරොත්තු වෙන්නෙ නැහැ.”

ඇය තම කබාය ගැලෙව්වාය. අත උස්සා අත් ඔරලෝසුව දිහා බැලුවාය. ඉස්සූ අත එහෙමම තියෙද්දී ඇය ගල් ගැසුණි. කවුරුන් තෑගි දුන් අත් ඔරලෝසුව යන්න ඇයට මතක් විණ. අත් ඔරලෝසුව ගලවා ඇය එය ලාච්චුවකට විසි කළාය.

ජනේලය අසල වූ ඇඳි පුටුවක ගුලි වූ ඇය පුවත්පතක් කියවන්නට උත්සාහයක් ගත්තාය. පුවත්පත බිමට හැලුණි. අතක ඔළුව රඳවා ගත් ඇය නිශ්චලව සිටියාය.

පැයක් ගෙවී ගිය පසු දොරට එහා පැත්තෙන් අඩි සද්දයක් ඇයට ඇසිණ. තට්ටුවක් නොදමා දොර පියන් හැර දැමුණි. ඇය මුලින් ම දැක්කේ දුහුවිලි පිරි සූට්කේසයකි. අනතුරුව ඇය සිනාව දැක්කාය. අතක මතුපිට කටට තබා නැඟිට ගත් ඇය එතැනින සෙලවෙන්නට බැරිව සිටගෙන සිටියාය.

“අලෝ, කීරා.” ඔහු කීවේය.

ඇය ඔහුව සිපගත්තේ නැත. උරහිස් වල තැබූ අත් බාහු දිගේ ලිස්සා පහළට ගියේය. ඇයගේ මුළු බර ඒ ඇඟිලි වලය. ඇයගේ කකුල් පණ නැතිවිය. ඇයගේ මුහුණ ඔහුගේ ළැමෙන් පටන් ගෙන ඔහුගේ කබාය දිගේ පහලට ඇදෙන්නට විය. ඇය‍ගේ ඔළුව උස්සන්නට ඔහු තැත් කළේය. මුව ඔහුගේ අතට හිර කරගත් ඇය එය වෙනතකට නොගත්තාය. ඇයගේ දෙවුර දෙදරයි. ඇය හඬා වැටුණි.

“කීරා, ඔබ පුංචි මෝඩි!”

ඔහු සොඳුරු ලෙසකින් සිනහා වෙයි. ඔහුගේ ඇඟිලි ඇයගේ කෙස්වැටිය අස්සෙන් දිවෙයි. ඒ ඇඟිලි වෙව්ලති. අත් වලින් ඇයව උස්සා ගත් ඔහු ඇය කළින් හිඳගෙන සිටි ඇඳි පුටුව වෙත ඇය ගෙන ගියේය. ඇයව තම ඔඩොක්කුවේ තබාගෙන ඔහු පුටුවේ හිඳගත්තේ ය. තම තොල් හා මුණ ගැහෙන්නට ඇයගේ තොල් නතු කරගත්තේය.

“මේ කවදාවත් අඬන්නෙ නැති ශක්තිමත් කීරා නේන්නම්. මාව දකින්න ඔච්චර සතුටු වෙන්න ඕන නැහැ, කීරා .. නවත්තන්න, කීරා …ඔබ පුංචි මෝඩි .. මගේ ප්‍රියාදරිය, ප්‍රියාදරිය.”

ඇය නැඟිටින්නට උත්සාහ ගත්තීය. “ලියෝ … ඔයා කබාය ගලවන්න ඕන. ඊට පස්සෙ ..”
“හෙලවෙන්න එපා.”

ඔහු ඇයව දෑතේ රඳවාගෙන සිටියේය. ඔහුට බර දුන් ඇයට අතක් හෝ ඔසවන්නට තරම් ශක්තියක් ඉතිරි වී නැති බව දැනුණි. ගැහැණු හැසිරෙන ආකාරය නිතරම නීච යැයි සැලකූ කීරා දීප්තිමත්, දයාන්විත, විශ්වාස කරන හිනාවකින්, ගැහැණියකටත් වඩා දුර්වල වූ හිනාවකින්, අතරමං වූ දරුවෙක් පාන හිනාවකින්, කඳුලින් තෙත් වූ දිළිසෙන ඇස් පිහාටු වලින් සිනාසුනාය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: