Sinhala story Blog

ජූලි 11, 2011

අපි ජීවත්වන්නෝ -229 උත්කර්ෂණීය බිල්ල

Filed under: Uncategorized — sinhalashortstories @ 9:36 පෙ.ව.

එදින උදෑසන කීරා වැඩට යා යුතු විය.

රැකියාවක් කළ යුතුම යැයි ඇය පෙරැත්ත කළාය. අන්ද්‍රෙ ඇයට රැකියාවක් සොයා දුනි. ඒ විප්ලවයේ කෞතුකාගාරයට විනෝද චාරිකා එන අය සඳහා මඟ පෙන්වන්නියක් හා දේශකවරියක් ලෙස ය. චාරිකා කේන්ද්‍රයෙන් දුරකතන ඇමතුමක් එන තෙක් නිවසට වී බලාගෙන සිටීම රැකියාවේ අංගයකි. ඔවුන් කතා කළ විට ඇය කෞතුකාගාරයට ඉක්මණින් යන්නීය. ඉස්සර දවසක හේමන්ත මාලිගය වූ තැන අද තිබෙන කෞතුකාගාරයේ විපිලිසර බවින් ඇවිදි පිරිස් ඇය පිටුපසින් ගමන් කළහ. හැම චාරිකාවකින්ම ඇයට රූබල් කිහිපයක් ලැබුණි. ඇයගේ නිවසේ උප්‍රව්ඩම් අතින් ඇය සෝවියට් සේවිකාවක් යැයි ලැයිස්තුවට ඇතුලත් විය. ඉන් බුර්ජුවාසි යැයි සැක කිරීමෙන් හා ඉතා අධික කුලී වලින් ගැලවෙන්නට ඇයට හැකියාව ලැබිණ.

එදින උදෑසන ඇය නිකොලෙව්ස්කි දුම්රිය නැවතුම් පළට දුරකතන ඇමතුමක් දුන්නී ය. ක්‍රිමියාවේ සිට එන දුම්රිය සවස්කාලය වනතෙක් පැමිණේ යැයි බලාපොරොත්තුවක් නැත. අනතුරුව චාරිකා කේන්ද්‍රය ඇය ඇමතූ කළ ඇයට යන්නට සිදුවිය.

අරගලයේ නායකයන්ගේ පාට දිය වී ගිය ඡායාරූප හේමන්ත මාලිගයේ ශාලාවන් හි ප්‍රදර්ශනය කෙරුණි. කහ පැහැති වී ගිය ආඥාවන්, සිතියම්, සටහන්, සාර් යුගයේ සිරකරුවන් පිළිබිඹු කරන රූප, මලකඩ කෑ තුවක්කු, යදම් වල කැබලි යනාදිය ද ප්‍රදර්ශනය කෙරුණි. කම්කරුවන් තිස්දෙනෙක් මාලිගාවේ ඉදිරිපස ‘මඟ පෙන්වන සහෝදරිය’ එනතකේ බලාගෙන සිටියහ. මේ ඔවුන්ගේ නිවාඩු කාලයයි. නමුත් ඔවුන්ගේ අධ්‍යාපන සමාජය මෙම චාරිකාව සැලසුම් කර ඇත. එය සලකා නොසිටිය හැකි ආඥාවකි. ඔවුන් තම කැප් තොප්පි ඉවත් කළේ ගෞරවයෙනි. කකුල් එහාට මෙහාට ඇද්දේ යටහත් පහත් ලෙසිනි. කීරා පිටුපසින් කීකරු ලෙසින්, ඇය කියන්නට සාවධානව ඇහුම් කන් දෙමින්, තම ඔළු කසමින් ඔව්හු ප්‍රදර්ශනය නැරඹූහ.

“…ඊ ළඟට මේ ඡායාරූපය, සහෝදරවරුනි, ඔහුගේ මරණ දණ්ඩයට පෙර ගත්තක්. සාර්ගෙ එක හෙංචයියෙක් වූ කෲර පාලකයෙක් මරා දැමුවාට ඔහුව එල්ලා මැරුව. ශ්‍රමික-ගම්බද අරගලයේ වංකගිරි‍ ගමනේ දී එහෙම අවසානයක් තමයි තවත් උත්කර්ෂණීය බිල්ලකට අයත් වූයේ.”

“ … මේ කටු සටහන, සහෝදරවරුනි, මේක අපිට පැහැදිලි දෘශ්‍ය නිදර්ශනයක් දෙනවා සාර්ගෙ රුසියාවේ වර්ජන ව්‍යාපාරය ගැන. 1905 න් පසුව රතු ඉර බහින බව ඔබට හොඳට පෙනෙනවා ඇති …”

කීරා තම දේශනය කට පාඩමින් යාන්ත්‍රික ලෙස නැවත නැවත කියන්නට දත්තීය. එහි වචන ගැන ඇයට තව දුරටත් කිසිම හැඟීමක් නොතිබුණි. මතකයේ තබාගත් හඬවල් සමූහයක් වැනි ය. හැම එකක්ම පසු පසින් එන්න ඇදගෙන යනවා වැනි ය. උත්සාහයක් අවශ්‍ය නොවිණ. තමන් කියන්නට යන්නේ කුමක් දැයි ඇය ‍‍නොදත්තා ය. ඇයගේ අත ඉස්සී කියන වචනයකට සරිලන පින්තූරය පෙන්නුම් කරන බව ඇය දත්තා ය. තමන් කියන කුමන වචනයක දී මේ අළු පැහැති පැල්ලම වන පිරිස හිනා වෙනවා ද, කුමන වචනයක දී ඒ පිරිස සමාජීය වූ කෝපයක් පිට කරමින් අප්‍රසාදය පළ කරනවා දැයි ඇය දැන සිටියාය. අහගෙන හිටන්නෝ තමන් ඉක්මන් කරනවාට කැමති බවත් චාරිකා කේන්ද්‍රය තමන් දේශනය දිගු හා විස්තරාත්මකව කරනවාටත් කැමති බව ඇය දැන සිටියාය.

“… ඊ ළඟට මේක, සහෝදරවරුනි, තුන්වැනි ඇලෙක්සැන්ඩර් ගමන් කළ, ඔහුව මරපු දවසේ ඔහු ගමන් කළ සත්‍ය අශ්ව කරත්තය තමයි මේ. ආසනේ ඉරිලා තියෙන්නේ … අත් වලින් දාපු බෝම්බය …”

එහෙත් ඇය සිත දිව ගියේ ක්‍රිමියාවෙන් එන දුම්රිය වෙතට ය. එය සමහර විට පැමිණ ඇති. ඇයට එපා වී තිබි පාළු කාමරය දැන් වන්දනා ස්ථානයක් වී ඇති.

“මඟ පෙන්වන සහෝදරිය, ඔබට කියන්න පුළුවන් ද තුන්වැනි ඇලෙක්සැන්ඩර්ට ගෙව්වෙ අන්තර්ජාතික කුමන්ත්‍රණකාරී අධිරාජ්‍යයවාදීන් ද කියලා?”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: