Sinhala story Blog

ජූලි 9, 2011

අපි ජීවත්වන්නෝ -228 රුසියාවට දීර්ඝ අරගල ඉතිහාසයක් තියනවා

Filed under: Uncategorized — sinhalashortstories @ 11:44 පෙ.ව.

“සහතිකයෙන්ම, මට වැටහෙනවා දරුවො.

හිත කරදර කරගන්න එපා… ඒත් ඒ යුරෝපය ඔබට. විදේශය. ඒක තමයි මිනිස් ජීවිතයක් මිනිහෙක්ට කරන දේ. මට හිතෙන්නෙ අපිට දුෂ්කරයි හඳුනාගන්න මොකක් ද කරුණාවන්ත කම කියල. මොකක් ද ආචාර ධර්ම කියලා හැඳින්වුනේ කියල. මේ මුරුග සටනේ දී අපි හැමෝම මෘගයන් බවට පත්වෙලා. ඒත් අපි බේරෙයි. ඒක අපිව අල්ල ගන්න කළින් අපි බේරෙයි.”

“අපිට වැඩි කාලයක් බලා ඉන්න වෙන්නෙ නැහැ,” සාෂා කීවේය.

බැගෑපත් වූ ද, බියෙන් පිරි වූ ද බැල්මක් අරීනාගේ දෑස්වල පැතිර ගිය බව කීරා දුටුවාය.

කීරා සහ සාෂා පිටත් වී යන්නට නැඟිට්ට විට දී රෑ බෝ වී තිබුණි. ඔහු වාසය කළේ නගරයේ අනිත් පැත්තේ ඈතක ය. එහෙත් වීදි අඳුරු නිසා ඇයව ගෙදර හැරලවා යන්නට ඔහු ඉදිරිපත් විය. ඔහු පරණ කබායක් හැඳ සිටියේය. හිස හා උරහිස් එල්ලා වැටෙද්දී ඔහු කඩිනමින් ගමන් කළේය. සුමුදු විනිවිද පැතිර යන රාත්රිනයක් මැදින් ඔවුන් දෙදෙනා ඉක්මණින් ඇවිද්දහ. පදිකවේදිකාවේ හා ගඩොල් වීදි යටින් කොහේදෝ තැනකින් හමන උණුසුම් පස් සුවඳක් ඔවුනට දැනිණ.

“අරීනා සතුටකින් නොවේ ඉන්නෙ,” ඔහු හදිසියේම කිව්වේය.

“නැහැ,” කීරා කීවාය, “ඇය සතුටින් නෙමේ, කවුරුත් සතුටින් නෙමේ ඉන්නෙ.”

“අපි ජීවත්වෙන්නෙ දුෂ්කර කාලයක. ඒත් තත්වය වෙනස් වෙයි. දැනටමත් වෙනස් වෙමින් තියෙන්නෙ. තවමත් පිරිමි ඉන්නවා නිදහස කියන්නෙ පෝස්ටර් වලට විතරක් සීමා වෙච්ච දෙයකට වඩා වැඩි දෙයක් බව දන්න.”

“ඔයා හිතන්නෙ එයාලට අවස්ථාවක් ලැබෙයි කියල ද, සාෂා?”

ඔහුගේ කටහඬ පහත් විය. තදින් විශ්වාස කරන්නක් ගැන කියද්දී මෙන් තියුණු විය. ඔහු තුල වූයේ නිහඬ ශක්තිමත් බවකි. ඔහු බයාදු යැයි තමා සිතුවේ ඇයි දැයි කීරා කල්පනා කළාය. “ඔයා හිතන්නෙ රුසියානු ශ්‍රමිකයා තමන්ගෙ මනසට පහර වදින කොට වියගහ ලෙවකන මෘගයෙක් කියලා ද? මැරවර කල්ලියක් ලොකු සද්දයක් දැම්ම නිසා රැවටෙන්නෙක් කියලා ද? ඔයා දන්නවා ද ඔහු කියවන්නේ මොකක් ද කියලා? කම්හල්වල හංඟල තියන පොත්පත් මොනවා ද කියලා ඔයා දන්නවා ද? අත් රාශියක් තුලින් එහාට මෙහාට පැතිර යන්නෙ මොන පත්‍රිකා කියලා ද දන්නෙ? ඔයා දන්නවා ද ජනතාව නැඟිටිනවා කියල සහ …”

“සාෂා,” ඇය කතාවට බාධා කළාය, “ඔයා කරන්නෙ හරිම භයානක සෙල්ලමක් නේද?”

ඔහු පිළිතුරු නොදුන්නේ ය. කිරි මෙන් පෙනෙන නිල් පැහැයකින් වූ ආකාස පසුබිමක නගරයේ දිස්වන පරණ පියස්සන් දිහා ඔහු බලාගෙන සිටියේය.

“ජනතාව,” කීරා කීවාය, “නාමයෙන් දැනටමත් ජීවිත ගණනාවක් බිලි අරගෙන -ඔයා වගෙ අයව.”

“රුසියාවට දීර්ඝ අරගල ඉතිහාසයක් තියනවා,” ඔහු කීවේය. “ඔවුන් ඒක දන්නවා. ඔවුන් ඒක එයාලගෙ පාසැල් වලත් උගන්වනවා. ඒත් එයාල හිතන්නෙ ඒක නතරවෙලා කියල. නතර වෙලා නැහැ. මේ පටන් ගැන්ම විතරයි. භයානක කම ගැන නොසිතූ මිනිස්සු රුසියාවට කවදාවත් අඩු වුනේ නැහැ. සාර් හිටපු කාලෙත් එහෙමයි -අනිත් හැම කාලයක දී ත් එහෙමයි.”

ඇය නැවතී අඳුරෙන් දිස්වන ඔහු දෙස බැලුවා ය. පැය කිහිපයකට පෙර මුල් වතාවට ඔහු මුණගැසි බව අමතක කරමින් ඇය අසරණ විලාසයකින් මෙසේ කීවාය: “අයියෝ, සාෂා, ඒක ප්‍රමාණවත් ද ඔයා ගන්න අවදානමට?”

ඔහු ඇයට වඩා බෙහෙවින් උස ය. ඔහු පැළඳි පරණ කැප් තොප්පියෙන් බ්ලොන්ඩ් හිසකෙස් රොදක් එළියට පැන ඇත. ඉහළට එස වූ කබා කොලරයෙන් උඩ වූ ඔහුගේ මුවේ සිනාවක් පැතිර ඇත. “සිත් කරදර කරගන්න එපා කීරා, අරීනාත් බයවෙන්න නරකයි. මම අවදානමක නෙමේ ඉන්නෙ. එයාලට මාව අල්ල ගන්න බැහැ. එයාලට වෙලාවක් නැහැ.”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: