Sinhala story Blog

ජූලි 7, 2011

අපි ජීවත්වන්නෝ -227 ඇය ලියෝගේ ජීවිතය බේරුවා

Filed under: Uncategorized — sinhalashortstories @ 9:53 පෙ.ව.

“දැන් ඉතින් අර තරඟය එනවා,” වසිලි ඉ‍වානොවිච් කිව්වේ දුකින් පිරි හඬකිනි.

“මොන තරඟය ද?”

අරීනා මේස රෙද්ද මත තේ හැලුවාය. “අන්තර් සාමාජීය තරඟයක්. කවුද වැඩිම, හොඳම රතුම රතු පෝස්ටරය හදන්නෙ කියල. හැමදාම වැඩියෙන් පැය දෙකක් වැඩ කරන්න ඕන -නොමිලේ- සමාජයේ කීර්තිය සඳහා.”

“සෝවියට් පාලනය යටතේ,” සාෂා කියයි, “සූරා කෑමක් නැහැ.”

“මම හිතුවේ,” අරීනා කීවාය, “මට දිනුම ලබන අදහසක් තිබුණ කියල. නියම කම්කරු මංගල්‍යයක්. ශ්‍රමිකයෙකුත් ගම්බද කාන්තාවකුත් ට්‍රැක්ටරයක් මත නැඟලා. හෙණ වැදියන් උන්ට! මට ඇහුණා රතු මුද්‍රණකරුවන්ගේ සමාජය සංකේතමය එකක් හදනවා කියල. ගුවන්යානයක් ට්‍රැක්ටරයකුත් එකතුව. හරියට විදුලිකරණය සහ ජාතික කම්කරු ඉදිකිරීම් පිළිබිඹු කරන්නක්.”

“අනික පඩිය,” වසිලි ඉවානොවිච් සුසුමක් හෙළීය. “අරීනා පහුගිය පඩිය මුළුමනින් වියදම් කළේ ආසියාට සපත්තු කුට්ටමක් අරන් දෙන්න.”

“ඉතින්, ඇය කොහොම ද සපත්තු නැතිව යන්නෙ?” අරීනා කීවාය.

“අරීනා, ඔයා වැඩ කරනවා වැඩියි. ඔයාගෙ රැකියාව වැඩියෙන් බාර ගන්නවා. මොකට ද ඔච්චර වෙහෙස වෙන්නෙ? ඕවා ඔක්කොම තාවකාලිකයි.”

“ඔව්, එහෙමයි.” වසිලි ඉවානොවිච් කීය.

“මම හිතනවා එහෙම වුනොත් හොඳයි කියල.” කීරා කීවාය.

“සාෂා තමයි මගේ ජීවිතය බේරගන්න එක්කෙනා.” වෙහෙස පිරි මුවකින් වෙව්ලන හිනාවක් සාවඥ විලසකින් පා අරීනා කීවාය. කටහඬට රිංගන ලද දයාන්විත බව වසන් කරන්නට ගත් උත්සාහයකි ඒ. “ඔහු මාව ගිය සතියේ නාට්‍යයක් බලන්න එක්ක ගෙන ගියා. ඊට කළින් සතියේ අපි තුන්වැනි ඇලෙක්සැන්ඩර්ගෙ කෞතුකාගාරය බලන්න ගියා. අපි පැය ගාණක් එතැන ඇවිද්දා. පින්තූර දිහා බල බල.”

“ලියෝ එනවා ආපහු හෙට.” හදිසියේම තව දුරටත් තියා ගත නොහැකි රහසක් ‍එළියට දමන ලෙසින් කීරා කීවාය.

“ඔහ්!” අරීනාගේ අතේ වූ හැන්ද බිමට පතිත විය. “ඔයා අපිට කිව්වෙ නැහැ. මට හරි සතුටුයි! එයාට දැන් හොඳටම හොඳයි ද?”

“ඔව්. එයා අද රෑ එන්නයි හිටියෙ. ඒත් දුම්රිය ප්‍රමාදයි.”

“කොහොම ද එයාගෙ බර්ලිනයේ ඉන්න නැන්දා?” වසිලි ඉවානොවිච් විමසීය. “තාම ඔයාට උදව් කරනවා ද? අන්න පවුල ගැන බැඳීමක් ඇති අයෙක් ගැන උදාහරණයක්. මම එයාව කවදාවත් දැකලා නැති වුනාට මට එයා ගැන ලොකු පැහැදීමක් තියනවා. ආරක්ෂාවෙන්, ඈතට වෙලා, නිදහසින් ඉන්න, ඒත් අපි ජීවතුන් අතර සිටිය දී ම මිහිදන්ගත වෙලා ඉන්න සෝවියට් සූසාන භූමිය ගැන හැඟීමක් තියෙන අයෙක් හොඳ අයෙක් වෙන්න ඕනෑ. ඇය ලියෝගේ ජීවිතය බේරුවා.”

“අන්කල් වසිලි,” කීරා කීවාය, “ඔයා ලියෝව දැක්කාම, ඒ ගැන කිසිම සඳහනක් නොකර ඉන්න මතක තියාගන්න පුළුවන් ද? නැන්දා දීපු උදව්ව ගැන, මම කියන්නෙ. මම කිව්වනෙ එයා කැමති නැහැ කියල නැන්දාට වුනත් ගැතිවෙලා ඉන්න සිද්ධ වීම ගැන. ඒ නිසා අපි ඒ ගැන එයාට මතක් නොකර ඉන්න ඕන, අපි පරිස්සම් වෙන්න ඕන, එහෙම පුළුවන් ද?”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: