Sinhala story Blog

ජූලි 6, 2011

අපි ජීවත්වන්නෝ -226 විනාශය තීන්දු වෙච්ච පුංචි දුප්පත් මෝඩයා

Filed under: Uncategorized — sinhalashortstories @ 7:32 පෙ.ව.

“කොහොම ද ඔයාගෙ රස්සාව, අන්කල් වසිලි?”

“දැන් නැහැ,” අරීනා කීවාය, “කොච්චර කාලයක් පුද්ගලික කඩයක් පවත්වාගෙන යන්න පුළුවන් කියලා ද හිතන්නෙ?”

“මොකක් ද වුනේ?”

“ඇයි ඇහුනෙ නැද්ද? පහුගිය බදු නොගෙව්වා කියල එයාල කඩේ වැහැව්ව. කඩේ අයිතිකාරය දැන් අපිට වඩා බංකොළොත්. ඔයාට තේ ඩිංගක් දෙන්න ද කීරා? මම හදන්නම්. අහල පහල අය ප්‍රයිමසය හොරකම් කරලා. ඒත් සාෂා මට උදව් කරාවි කුස්සියේ සැමොවාරය පත්තු කරගන්න. එන්න!” ඇය කිව්වේ ආඥාවක් නිකුත් කරන විලසකිනි. සාෂා නැඟිට ඇය පිටුපසින් හිට ගත්තේ කීකරු ලෙසිනි. “අනේ මන්දා මම එයාට උදව් කරන්න එන්න කියන්නෙ ඇයි කියල,” කීරා වෙත ඇසක් ගසමින් අරීනා කීවාය. “මෙයා තමයි වඩාත්ම කිසිවක් කරකියා ගන්න බැරි, වැඩකට නැති, හැම දෙයක්ම නුහුරු විදියට ඉපදිලා ඉන්න එකම අසරණයා.” එහෙත් අරීනාගේ දෑස් සතුටින් දිළිසෙයි. ඔහුගේ අතින් ඇදගත් ඇය කාමරයෙන් ඉවතට ඔහුව ඇදගෙන ගියේය.

එළියෙන් අඳුර කඩා හැලේ. හැරුණු ජනේලයෙන් පිටත තියුණු තද නිල් පැහැයක් පෙනේ. වසිලි ඉවානොවිච් ලාම්පුවක් පත්තු නොකළේය. ඔහු තම ලී කැටයම මතින් නැවී සිටියි.

“සාෂා හොඳ කොල්ලෙක්,” ඔහු හදිසියේ ම කීවේය, “මට බයයි.”

“ඇයි?” කීරා ඇසුවාය.

“ඔහු රහසින් කෙඳුරුවේ ය: “දේශපාලනය. රහස් සංවිධාන. විනාශය තීන්දු වෙච්ච පුංචි දුප්පත් මෝඩයා.”

“වික්ටර් සැක කරනවා ද?”

“මම හිතන්නෙ එහෙමයි.”

දුම් දමන සැමොවාරය රැගත් සාෂා ඉදිරියෙන් දිළිසෙන තේ කෝප්ප බන්දේසියක් රැගෙන ආ අරීනා විදුලි පහනක් දැල්වූවාය.

“මෙන්න තේ. බිස්කට් ටිකකුත් එක්ක. මමයි හැදුවේ. බලන්න ඔයා කැමති ද කියල කීරා. කලාකාරියක් හදපු කෑම.”

“කොහොම ද කලාව, අරීනා?”

“ඔයා අහන්නෙ රස්සාව ගැන ද? ඔහ්, මට තාම ඒක තියනවා. ඒත් මට කියන්න තියෙන්නෙ පෝස්ටර් අඳින්න මට කිසිම කුසලතාවයක් නැහැයි කියල. බිත්ති පුවත්පතෙන් මට කිහිප වතාවක් අවවාද කරලා තියනවා. ඔවුන් කියනවා මගේ ගම්බද කාන්තාවෝ හරියට කැබරේ නාට්‍යාංගනාවෝ වගෙයි කියල. මම අඳින ශ්‍රමිකයෝ ආචාර ශීලී වැඩියි කියල. මගේ බුර්ජුවාසි අදහස්නෙ, ඔයා දන්නවානෙ. ඉතින්, එයාලට ඕනා මොනවා ද? ඒක මගේ හැකියාව නොවෙයි. සමහර වෙලාවට මට කෑ ගන්න හිතෙනවා. ඒ යක්කුන්ගෙ පෝස්ටර් වලට මට කිසිම අදහසක් හිතට එන්නෑ.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: