Sinhala story Blog

ජූලි 5, 2011

අපි ජීවත්වන්නෝ -225 සයිබීරියාවේ ඉන්ඳැද්දී

Filed under: Uncategorized — sinhalashortstories @ 11:01 පෙ.ව.

“වික්ටර් ඔබට පුළුවන් ද …” වසිලි ඉවානොවිච් පටන් ගත්තේ ය.

“පියාණෙනි, මම මේ ගෙදර අයට කන්න දෙන තාක් කල්, මගේ අදහස් වලට ගරු කරන අපේක්ෂාව ඉල්ලා සිටින්න …”

“ඔයා කන්න දෙන්නෙ කාට ද?” තියුණු ස්වරයක් අනික් කාමරයෙන් ඇසිණ. ආසියා දොර අසලින් දිස්විය. ඇයගේ කකුල් ආවරණ වළලුකර අසලින් එල්ලා වැටේ. පිටු කැඩී ගිය පරණ සඟරාවක් ඇයගේ එක අතකත් කතුරක් අනික් අතේ ද විය. “මම කැමතියි කවුරු හරි කාට හරි කන්න දෙනවා නම්. මට තාම බඩගිනියි. අරීනා මට එක සුප් කෝප්පයකට වඩා දුන්නෙ නැහැ.”

“පියාණෙනි, මේ දරුවා ගැන මොකක් හරි කරන්න යැයි මම අපේක්ෂා කරනවා.” වික්ටර් කීවේය. “ඇය හැදෙන්නෙ නිකමෙක් වගේ. ඇය දරුවන්ට තියන සංවිධානයකට බැඳුනොත්. පුරෝගාමීන් සංවිධානය වගේ …”

“වික්ටර්, අපි ඒ ගැන ආයෙ කතා කරන්නෙ නැහැ.” වසිලි තදින්, පහත් හඬින් ඔහුට බාධා කළේය.

“කාට ද ඕන ගඳ ගහන පුරෝගාමියෙක් වෙන්න?” ආසියා ඇසීය.

“ආසියා, යන්න ඔයාගෙ කාමරයට,” අරීනා අණ දුන්නා ය, “නැත්නම් මම ඔයාව ඇඳට ගිහින් දානවා.”

“ඔයයි වෙන කවුරු කවුරු ද?” කියූ ආසියා දොර ගසා වසා දමමින් නොපෙනී ගියාය.

“අනේ ඇත්තටම,” වික්ටර් කියයි, “මට පුළුවන් නම් හරියට පාඩම් කරන්න, රස්සාව කරගන්න, මේ පවුලට කන්න දෙන්න සිද්ධ වෙද්දී. මට වැටහෙන්නෙ නැහැ ඇයි අරීනාට එක මැරවර දරුවෙක් හරියට හදා ගන්න බැරි ඇයි කියල?”

කිසිවෙක් පිළිතුරු නොදුන්හ.

තමන් කැටයම් දමමින් සිටි ලී කැබැල්ල මතින් වසිලි ඉවානොවිච් නැඹුරු වූයේය. පරණ මේස රෙද්ද මත හැන්ඳකින් අරීනා පින්තූර ඇන්ඳාය. වික්ටර් නැඟිට සිටියේය: “සමාවෙන්න කීරා, දුර්ලභ අමුත්තෙක් අතරමං කර දමා යන්නට සිද්ධ වීම ගැන. මට රාත්‍රී ආහාර හමුවක් තියනවා.”

“සහතිකයෙන්ම,” අරීනා කීවාය, “පොඩ්ඩක් හොයලා බලන්න ඔයාට ආරාධනා කළ තැනැත්තිය කීරාගෙ කාමරයෙන් හැඳි ගෑරුප්පු නොගෙන ඉන්නවා දැයි කියල.”

වික්ටර් පිට වී ගියේය. වසිලි ඉවානොවිච්ගේ රැළි වැටි දෑත්වල රැඳි මෙව්ලම් වේවලන බව කීරා දිටී ය.

“අන්කල් වසිලි, ඔයා මොනවා ද කරන්නෙ?”

“රාමුවක් හදනවා,” ඔළුව උස්සා වසිලි ඉවානොවිච් කීවේ ආඩම්බරයෙන් තම අත්කම පෙන්වමිනි, “අරීනාගේ පින්තූරයකට. ඒවා හොඳ පින්තූර. ලාච්චුවක පොඩිවෙලා තැලිලා යන්න දෙන්න නරකයි.”

“හරි ලස්සනයි අන්කල් වසිලි. මම දැනගෙන හිටියෙ නැහැ ඔයාට පුළුවන් කියල.”

“ඔහ්, මට හොඳට පුළුවන් කම තිබුණ. වසර ගණනාවකින් කරල නොතිබුණාට. ඒ වුනාට ඉස්සර කාලේ දී මට හොඳට හැකියාව තිබුණ. ඉස්සර … මම තරුණ කාලේ දී. සයිබීරියාවේ ඉන්ඳැද්දී.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: