Sinhala story Blog

ජූලි 4, 2011

අපි ජීවත්වන්නෝ -224 අවදානම් බැහැරලන එක ඔය දෙන්නටම පොදු වූ හැදියාවක්

Filed under: Uncategorized — sinhalashortstories @ 10:59 පෙ.ව.

“සාෂා, මේක ඔයාට ලැබෙන දුර්ලභ අවස්ථාවක්.” අරීනා කීවාය. “දුර්ලභ අමුත්තෙක්. පෙට්‍රොගෑඩ සමාජයෙන් හුදකලා වී සිටි‍න්නෙක් දැක ගන්න ලැබෙන අවස්ථාවක්.”

“ලෙනින්ග්‍රෑඩ් වල.” වික්ටර් හරි ගැස්සුවේ ය.

“පෙට්‍රොගෑඩ් වල.” අරීනා නැවත කියුවාය. “කීරා, ඔයා කොහොම ද? මම පිළිගන්න අකමැතියි ඒත් ඔයාව දැකීම මට කොච්චර සතුටක් ද කියල.”

“ඔයාව මුණ ගැහෙන්න ලැබීම මටත් සතුටක්,” සාෂා මිමුණුවේ ය, “මමත් ඔයා ගැන ගොඩක් අහලා තියනවා.”

“කිසි සැකයක් නැහැ,” වික්ටර් කීවේය, “කීරා තමයි මේ නගරයේ වැඩිය කතාබහට ලක්වන කාන්තාව -පක්ෂ අය අතරත්.” කීරා ඔහු දෙස තියුණු බැල්මක් හෙලුවා ය. එහෙත් ඔහු ප්‍රසන්න සිනාවකින් මුව සරසා ගෙන සිටියි. “අගය ගැන රහස් කොඳුරන අයට පාලනය කරගත නොහැකි මාතෘකාවක් තමයි මනහර කාන්තාවෝ. හරියට මැඩාම් පොම්පඩූර් වගේ. රමණීය බවින් මාක්ස්වාදය නිෂ්ප්‍රභා වෙනවා. මනහර බව පංති‍ භේදයක් දන්නෙ නැහැ.”

“කට වහපන්,” අරීනා කීවාය. “මම දන්නෑ මොනවා ද මේ කියන්නෙ කියලා. ‍ඒත් මට හොඳටම විශ්වාසයි මොකක් හරි කුණු කතාවක් බව.”

“නැහැ,” කීරා පහත් හඬින් කීවේ වික්ටර්ගේ දෑස් දිහා එක එල්ලේ බලාගෙන ය. “වික්ටර් හොඳක් කියන්නෙ, ටිකක් වැඩියෙන් අතින් දාලා වුනාට.”

නොසන්සුන් බවකින්, අප්‍රගල්භ ලෙසකින් සාෂා කීරාට පුටුවක් ඇද පිරිනැමුවේ නිහඬව අතක් පා අසරණ හිනාවකිනි.

“සාෂා ඉගෙන ගන්නෙ ඉතිහාසය,” අරීනා කියා සිටියාය, “ඒ කිව්වෙ එයා ඉගෙන ගනිමින් හි‍ටියෙ ඉතිහාසය. එයාව දොට්ට දාලා විශ්ව විද්‍යාලයෙන්. නිදහස් සිතුවිලි තියන රටක දී හිතන්න උත්සාහ ගත්තට.”

“මම ඔයාට තේරුම් කරලා දෙන්නම් අරීනා,” වික්ටර් කියුවේ ය, “මම ඔය වගේ කතා මගේ ඉදිරියේ දී ඉවසා නොසිටින වග. පක්ෂයට ගෞරව කිරීම මම අපේක්ෂා කරනවා.”

“අයියෝ, රඟපෑම නවත්වන්න!” අරීනා කඩා පැන්නා ය. “පක්ෂ එකමුතුවට ඔයාව ඇහෙන්නෙ නැහැ.”

සාෂාගේ දීර්ඝ වූ නිහඬ බැල්ම වික්ටර් වෙත එල්ල වී ඇති සැටි කීරා දුටුවාය. සාෂාගේ තද නිල් පැහැති ඇස්වල බයාදු ගතියක් හෝ මිත්‍රශීලී බවක් නොවීය.

“විශ්ව විද්‍යාලය ගැන මගේ කණගාටුව සාෂා.” කීරා කියා සිටියාය. හදිසියේම සාෂාට තමා කැමති බව කීරාට වැටහිණ.

“ඒකට මට කමක් නැහැ.” සාෂා කිව්වේ ප්‍රත්‍යක්ෂයෙන් යමක් වටහා ගත් අයෙකුගේ හඬකිනි. “ඒක ඇත්තටම එච්චර අවශ්‍ය වූවක් නොවේ. ඒකාධිපති බලයකට පාලනය කළ හැකි පිටස්තර දේවල් තියනවා. ඒත් සමහර අගැයුම් වලට අත ගහන්නත් යටත් කරගන්නත් ඊට බැහැ.”

“ඔයා හොයා ගනිවී, කීරා,” වික්ටර් සීතල සිනාවක් පා කියයි, “ඔයාත් සාෂාත් එකවගේ කියල. අවදානම් බැහැරලන එක ඔය දෙන්නටම පොදු වූ හැදියාවක්.”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: