Sinhala story Blog

ජූනි 26, 2011

අපි ජීවත්වන්නෝ -223 දුර්ලභ පුදුමයක්

Filed under: Uncategorized — sinhalashortstories @ 6:16 පෙ.ව.

දොර හැරියේ අරීනා විසිනි.

ඇයගේ කෙස් කලාපය හැම අතකම විසිර ගොස් ය. ඇය කොණ්ඩය පීරා නැත. නමුත් ඇය කළු සුදු ඉරි වැටි තුනී කපු රෙද්දෙන් නිම වූ අළුත් ගවුමක් හැඳ සිටියාය. ඇයගේ විඩාබර මුහුණේ පව්ඩර් සීරුවට තැවරී තිබුණි.

“ඉතින්, කීරා! හැමෝම අතරින් බලාපොරොත්තු නොවූ අය. කොච්චර දුර්ලභ පුදුමයක් ද? එන්න ඇතුලට. ඔයාගෙ කබාය ගලවන්න. මට ඔයාට පෙන්වන්න දැයක් -කෙනෙක්- ඉන්නවා. කොහොම ද ඔයා මගේ අළුත් ගවුමට කැමති ද?”

හදිසියේම කීරා සිනහාවන්නට පටන් ගත්තා ය. ඇය තම කබාය ගැලවූවාය. ඇය හැඳ සිටියේ ද කළු සුදු ඉරි වැටි තුනී කපු රෙද්දෙන් නිම කරන ලද ගවුමකි. අරීනා පුදුමයෙන් හුස්මක් ඉහළට ඇද්දා ය: “අයියෝ … යකාට ගියාවේ .. ඔයා කවදා ද ගත්තෙ ඒක?”

“සතියකට කළින්.”

“මම හිතුවා මේ වගේ කළු සුදු ඉරි වැටිච්ච එකක් ගත්තොත් ඒකම අඳින අය වැඩිය දකින්න නොලැබෙයි කියල. මොනා කරන්න ද? ඇඳපු පළමු දවසේ දී ම මම දැක්කා මේ විදියම ගවුම් ඇඳපු කාන්තාවෝ තුන් දෙනෙක්. මිනිත්තු ප‍හළොවක් ඇතුලත දී .. ඉතින් වැඩක් නැහැනෙ? … ඉතින්, එන්න ඇතුලට!”

කෑම කාමරයේ ජනේල හැර දමා ඇත. කාමරය ඉඩ කඩ සහිත ලෙසින් දැනිණ. පාරේ වැදෙන අඩි පහර ද සුමුදු හඬින් ඇතුලට ගලා ආවේය. මේසය මත උපකරණ හා ලී කෑල්ලක් අත හරිමින් සිනාවක් පාමින් කඩිමුඩියේ නැඟිට සිටියේ වසිලි ඉවානොවිච්ය. වික්ටර් ද කඳ නවා ආචාර කරමින් නැඟිට සිටියේය. උස බ්ලොන්ඩ් හිසකෙස් ඇති තරුණයෙක් ගැස්සී නැඟිට සීරුවෙන් සිටගත්තේ ය. “සෝවියට් විනය පාසැලෙන් එන පුංචි නිවුන්නු දෙන්නෙක්! කීරා, ඔන්න මම අඳුන්නලා දෙන්නම් ඔයාට සාෂා චර්නොව්. සාෂා -මේ මගේ ඥාති සහෝදරිය, කීරා ආර්ගුනෝවා.”

සාෂාගේ අත හැඩිදැඩි ය. ශක්තිමත් ය. ඔහුගේ අතට අත දීම තදින් වැඩි ය. ඔහු ලැජ්ජාවෙන් මෙන් සිනාවක් පෑය. එය බයාදු වූ, අවංක වූ, අව්‍යාජ වූ සිනාවකි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: