Sinhala story Blog

ජූනි 22, 2011

අපි ජීවත්වන්නෝ -219 වෙන කොහෙද?

Filed under: Uncategorized — sinhalashortstories @ 9:18 පෙ.ව.

ඔහු කුඩා පෙට්ටියක් මේසයේ ලාච්චුවකින් එළියට ඇද ගත්තේ ය.

එය ඇයගේ අල්ලට තද කළේය. කරකියා ගත නොහැකිව ඇය එය ප්‍රතික්ෂේප කළාය. “අන්ද්‍රෙ ඔයා මෙහෙම කරන්න එපා. මම කියලා තියනවා මෙහෙම කරන්න එපා කියල. මට කොච්චර ඔයා කරලා තියනවා ද, මටත් සහ …”

“මම ඔයාට මුකුත් කරලා දීලා නැහැ. ආත්මාර්ථකාමී නැත්තෙක් විදියට මම ඔයාව දකින්නෙ. හැම තිස්සෙම ඔයා කරන්නෙ ඔයාගෙ පවුලට. ඔයා එක්ක කොච්චර රණ්ඩු අල්ලන්න වුනා ද ඔයාට මේ ගවුම අරන් දෙන්නම.”

“ඒකට අමතරව, කකුල් ආවරණ, සිගරැට් ලයිටරය, ඊ ළඟට … අනේ අන්ද්‍රෙ, මම ඔයාට ගොඩාක් ස්තූතිවන්ත වෙනවා, ඒත් ..”

“ඒත් ඕක අරින්න බය වෙන්න එපා.”

කුඩා පැතලි එය අව්‍යාජ ප්‍රංශ සුවඳ විලවුන් පිරි බෝතලයකි. ඇය හුස්මක් ඉහළට ඇද්දා ය. විරෝධය පා එපා කියන්නට ඇයට උවමනා වුණි. ඒත් ඔහුගේ සිනාව දුටු ඇයට හැකිවූයේ සතුටු සිනාවක් පාන්නට පමණි. “අනේ, අන්ද්‍රෙ!”

ඔහුගේ අත එහා මෙහා දිව ගියේය. ඇය අල්ලන්නේ නැතිව ඇයගේ බෙල්ලේ හැඩය, පපුව, ඇඟ ප්‍රවේසමින්, සාවධානව, ප්‍රතිමාවක් අඹන ලෙසකින් ඔහු අතින් තමා ඉදිරියෙන් වායුවේ ඇන්ඳේ ය.

“ඔයා මොකක් ද කරන්නෙ අන්ද්‍රෙ?”

“මතක තියාගන්නට උත්සාහයක්.”

“මොකක් ද?”

“ඔයාව. ඔය විදියට හිටගෙන ඉන්න ඔයාව. දැන් මේ විදියට. සමහර විටෙක මම තනියම ඉන්න කොට, මම මෙහෙම ඔයාව වායුවේ අඳින්න උත්සාහ ගන්නවා. හරියට ඔයා මා ඉස්සරහ හිටගෙන ඉන්නවා වගේ.”

ඔහුට ළං වූ ඇය තදින් ඔහුගේ සිරුරට හේත්තු වූවාය. ඇයගේ දෑස් අඳුරු විය. ඇයගේ සිනාව සෙමෙන් හා බරින් යුතු විය. සුවඳ විලවුන් බෝතලය පා ඇය “ඔයා අරින්න මේක. මුල් බිංදුව ඔයා දෙන්න මට. ඔයාගෙ අතින්,” යැයි කීවාය. ඇ‍ඳේ ඇය සිටි පැත්තට ඇය ඔහුව ඇද ගත්තා ය. “කොහේ ද ඔයා ඒක තියන්නෙ?” ඇය ඇසුවා ය.

තවත් ලෝකයකින් ආ සිත වියවුල් කරන සුවඳින් වූ තෙත ඇඟිලි තුඩින් ඔහු ලැජ්ජාශීලිව ඇයගේ කොණ්ඩයේ එය රැඳවූවාය.

අකීකරු විලසින් ඇය “වෙන කොහෙද?” යැයි ඇසුවා ය.

ඔහුගේ ඇඟිලි තුඩු ඇයගේ තොල් පිරිමැද්දේ ය.

“වෙන කොහෙ ද?”

ඔහුගේ අත ඇයගේ උගුර දිගේ පහළට සුමුදු ලෙසින් ඉරක් ඇඳ කළු හම් කොලරය අසල නැවතිණ.
ඇයගේ දෑස් ඔහුගේ දෑස් හා හමුව තියෙද්දී, ඇය කොලරය ගස්සා බොත්තම් හැර ගවුම විවෘත කළාය. “වෙන කොහෙ ද?”

ඔහු රහසින් කොඳුරයි. ඔහුගේ තොල් වූයේ ඇයගේ ළැමැඳ මත ය. “අනේ කීරා, කීරා, මට ඔයාව ඕනා ..මෙහෙ .. අද රෑට.”

ඇය පිටුපස්සට හේත්තු වුවාය. ඇයගේ මුහුණ අඳුරු ය. සමාව නොදෙන ලෙසකින් හා අභියෝග කරන ලෙසකින් ඇයගේ කටහඬ බාල විය. “මම මෙතැන, දැන්”

“ඒත් ..”

“ඇයි එපා.”

“ඔයාට ඕන නැත්නම් ..”

“ඕන නිසා තමයි ආවේ.”

ඔහු නැඟිටින්නට තැත් දරද්දී ඇය ඔහුගේ අතින් ඇද ඔහුව පහතට ගෙන්වා ගත්තී ය. “ඇඳම් ගලවන්න කාලෙ වැය කරන්න එපා. මට එච්චර කාලයක් නැහැ.”
*

Advertisements

එක් ප්‍රතිචාරයක් »

  1. රෙස්ලින් බලන්න කෑමතිනම් මෙහෙ එන්න පොස්ට් එක හොදයි http://wrestlingsl.blogspot.com

    ප්‍රතිචාර විසින් ගිනි අව් සහ ගිනි කෙලි — ජූනි 22, 2011 @ 2:47 ප.ව.


RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: