Sinhala story Blog

ජූනි 21, 2011

අපි ජීවත්වන්නෝ -218 ඒක අද රෑට දෙන්න හිටියෙ

Filed under: Uncategorized — sinhalashortstories @ 7:47 පෙ.ව.

“ඒක නෙමෙයි කාරණය …

ආපු දවසේ ම … ඔන්න බලන්න … මට ඕනා ඔයාව බලන්න විතරයි … ඔයා මෙහෙ ආපු දවසෙ ම … සමහර වෙලාවට ඔයා ගිහින් මිනිත්තුවකින් පස්සෙ. ඔයා ගියා කියන හැඟීම. මට ඔයාට කතා කරන්න විදියක් නැහැයි කියන හැඟීම. ඔයාව හොයාගෙන එන්න බැරි, ඔයා ජීවත්වන ගෙදරට එන්න කිසිම අයිතියක් නැතිකම, හරියට ඔයා නගරය දාලා ගියා වගේ. සමහර වෙලාවට මම වීදිවල ඉන්න සේරම මිනිස්සු දිහා බලනවා. ඒක මාව බියට පත් කරනවා. ඔවුන් අතරේ ඔයාව නැතිවෙලා ගිහින් කියල. මට ඔයා ළඟට එන්න බැහැයි කියල. ඒ ඔළු සේරටම උඩින් ඔයාට කෑ ගහලා කතා කරන්න බැහැයි කියලා.”

සමාව නොදෙන විලසකින් “අන්ද්රෙ , ඔයා පොරොන්දු වුනා කවදාවත් මගේ ගෙදරට එන්නෙ නැහැ කියලා,” යැයි ඇය කීවාය.

“ඒත්, අපිට ඒක හදාගන්න පුළුවන් නම්, මට දුරකතනයෙන් ඔයාව අමතන්න ඉඩක් දෙන්න බැරි ද?”

“බැහැ. මගේ දෙමව්පියන් අවිශ්වාස කරාවි. ඒකයි .. ඔහ් .., අන්ද්‍රෙ, අපි පරිස්සම් වෙන්න ඕන. අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනා -විශේෂයෙන් ම දැන්.”

“ඇයි විශේෂයෙන් ම දැන්?”

“නෑ නෑ වෙනදාට වඩා වැඩියෙන් නෙමෙයි. ඒක එච්චර අමාරු නැහැ නේද? ඒ එක කොන්දේසිය, පරිස්සම් විය යුතු යැයි කියන්න, මා නිසා.”

“නැහැ, ප්‍රියාදරිය.”

“මම නිතර එන්නම්. ඔයාට මාව එපා වෙද්දීත් මම මෙතැන ඉන්නම්.”

“කීරා, ඇයි ඔයා එහෙම කියන්නෙ?”

“ඉතින්, කවදා හරි දවසක, ඔයාට මාව එපා වේවි. නැද්ද?”

“ඔයා එහෙම හිතන්නෙ නැහැ නේද?”

“නැහැ, එහෙම හිතන්නෙ නැහැ … ඉතින්, ඔව්, මම ඔයාට ආදරෙයි. ඔයා ඒක දන්නවා. ඒත් මම කැමති නැහැ ඔයාට හිතුනොත් … ඔයාට මාව කරදරයක් වගේ හිතෙනවාට … ඔයාගේ ජීවිතය …”

“කීරා, ඇයි ඔයාට එපා මම මගේ ජීවිතය ගැන කියන …”

“මේක නිසා තමයි ඔයා කිසිවක් කියනවාට මම අකමැති.”

ඇය නැවී ඔහුගේ කට වැහෙන්නට රිදුම් දෙන චුම්භනයක් දුන්නා ය.

ජනේලයෙන් එහා, මාලිගාවේ පැත්තක සාමාජිකයෙක් ‘අන්තර්ජාතිකය’ නැමති ගීතය හෙමින් පුරුදු වෙති. ඔහුගේ අතක් වේදිකාවක තබන තරම් දැවැන්ත වූ, මියුරු වූ, පියානෝවේ වැදෙයි.

අන්ද්‍රෙගේ තොල් නොඉවසුම් ලෙසින් ඇයගේ උගුර පුරා, ඇයගේ දෑත් පුරා, ඇයගේ උරහිස් පුරා දුවන්නට වූහ. අපහසුවෙන් ඔහු ඇය වෙතින් ඉවත් වූයේය. වැඩි වැදගම්මකින් නොයුතුව, සතුටින් මෙන්, පළා යන්නට මාර්ගයක් සොයාගත් විලසකින්, නැඟිටින ගමන් ඔහු මෙසේ කීවේය: “ඔයාට දෙන්න දෙයක් මා ළඟ තියනවා කීරා. ඒක අද රෑට දෙන්න හිටියෙ. ඒත් ඉතින් …”

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: