Sinhala story Blog

ජූනි 9, 2011

අපි ජීවත්වන්නෝ -211 මේ මාන්නක්කාර රදළ නගරයෙන්

Filed under: Uncategorized — sinhalashortstories @ 9:00 පෙ.ව.

නේවා ගඟ ඉහළේ, රතු ගඩොල් දුම් කවුළු වනාන්තරයකි.

ලීයෙන් නිමැවූ පැත්තකට නැඹුරු වූ ගෙවල් උඩින් කළු වළාකුළු පැතිරේ. නිශ්චල අලස ලෙසින් ඉන්නා ගඟ අසල ඉවුරේ ගොඩ ගසා ඇති දිරා යන දැවකොටන් ය. වැස්ස සෙමෙන් දුම් අතරින් ඇද වැටෙයි. වැස්ස, දුම හා ගල් නගරයේ තේමා ගීතයයි.

සමහර අවස්ථාවන්හි දී පෙට්‍රොගෑඩයේ වැසියන් තමන් එහි රඳවා තබාගන්නා අමුතු බැඳීම ගැන කල්පනා කරති. දිගු හේමන්තයක අවසානයේ දී ඔවුන් මඩ හා ගල් වලට සාප කරති. පයින් ගස් පිරි වනාන්තරයට හඬා වැටෙති. කුරිරු කුඩම්මාගේ ද්වේශයෙන් මිදී යන ලෙසින් නගරයෙන් පැන යති. ඔවුන් කොළ පැහැති තණකොළ සොයා, මුහුදු වැල්ල සොයා, යුරෝපයේ දිළිසෙන නගර සොයා දුවති. නමුත් යටත් කරගත නොහැකි හොර ගෑණියක් වෙත යනවා සේ සිසිරයේ දී ඔවුන් නැවත නගරයට පිවිසෙති. එහි පැතලි වීදි සොයා, එහි කෑ ගහමින් දුවන ට්‍රෑම් රථ සොයා, එහි ගලින් සෑදුන නොසෙල්වී සිටින නගරය සොයා එති. එය හරියට ජීවිතය නැවත පටන් ගන්නවා වැනි ය. “පෙට්‍රොගෑඩය,” ඔවුන් කියති, “එය තමයි එකම නගරය.”

වනාන්තර මෙන්, වල් පැළෑටි මෙන්, නගර පැතිර යයි. පෙට්‍රොගෑඩය එසේ පැතිර ගියේ නැත. එය ඉපදුනේ සම්පූර්ණයෙන් නිර්මාණය කිරීමෙන් පසුව ය. පෙට්‍රොගෑඩයට ස්වභාව ධර්මය හා සම්බන්ධයක් නැත. එය මිනිසාගේ වෑයමකි.

ස්වභාව ධර්මය වැරදි සිදු කරයි. අවදානම් ගනියි. පාට කලවම් කරයි. ඍජු ඉරවල් ඇත්තේ මඳකි. නමුත් පෙට්‍රොගෑඩය නම් තමන්ට කුමක් අවශ්‍ය දැයි දන්නා මිනිසෙකුගේ නිර්මාණයකි.
පෙට්‍රොගෑඩයේ ආශ්චර්යය කැලැල් වලින් තොර ය. එහි අපිරිසිදුකම බැහැර ලා නැත. එහි මුහුණත පැහැදිලිව, තියුණු ලෙස, උවමනාවෙන් ම කරන ලද සම්පූර්ණ බවකින් යුතු ය. මිනිසෙකුගේ කෙළින් ගත් වෑයමක සම්පූර්ණ බවකින් යුතු ය.

නගරයන් වර්ධනය වන්නේ ජනගහණයෙනි. ඔවුන් නගරයන් අතරින් ඉහළ නගරය වන්නට වෑයම් කරති. සෙමෙන් සෙමෙන් කාලාන්තරයක් තිස්සේ ඉහළට යන පඩි නඟිති.

පෙට්‍රොගෑඩය එසේ ඉහළට නැඟ්ගේ නැත. එය පටන් ගත්තේ මුදුනින් ය. එය අණක් දෙන්නට දුන් අණකි. එහි ප්‍රථම ගල තබන්නට පෙර අගනුවර වූ නගරයකි. එය මිනිස් ස්ප්‍රීතුවට ඉදි වූ ස්මාරකයකි.

සමාජය මිනිසාගේ ස්ප්‍රීතුව ගැන නොදනී. සමාජයක් යනු ස්වභාවයකි. මිනිසා යනු බහු වචනයක් නොවේ. පෙට්‍රොගෑඩය සමාජයක් වෙතින් ඉදි වූවක් ‍නොවේ. එයට පුරාවෘත්තයක් නැත. ජනකතා නැත. නම් නැති පාරවල් වල නම් නැති සිංදු වලින් ගුණ ගැයෙන්නක් නොවේ. එය අමුත්තෙකි. පැත්තකට වී සිටින, වටහා ගත නොහැකි, බලවත් වූවෙකි. වන්දනාකරුවන් එහි ග්‍රැනයිට් ගේට්ටු කරා කිසිදිනෙක ආවේ නැත. මොස්කව් හි කාරුණික දොරවල් සේ තුවාල ලද්දවුන්ට, අත් පා නැති වූවන්ට, යටත් පහත් වූවන්ට එහි කරුණාවන්ත දොරක් ඇරුනේ නැත. පෙට්‍රොගෑඩයට ස්ප්‍රීතුවක් අවශ්යූ නොවීය. එයට මොළයක් තිබිණ.

රුසියන් භාෂාවේ මොස්කව් නගරය ‘ඇය’ යැයි හැඳින්වෙද්දී පෙට්‍රොගෑඩය හැමදාම ‘ඔහු’ සේ හැඳින්වීම ද, සමහර විට, අහඹු සිදුවීමක් පමණක් වන්නට ද ඉඩ ඇත.

මේ මාන්නක්කාර රදළ නගරයෙන් අගනුවර ඉවත් කර යටහත් පහත් මොස්කව් වෙත ජනතාවගේ නාමයෙන් ගෙන යෑම ද, සමහර විට, අහඹු සිදුවීමක් පමණක් වන්නට ද ඉඩ ඇත.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: