Sinhala story Blog

ජූනි 8, 2011

අපි ජීවත්වන්නෝ -210 අමතක වී ගිය මිනිසුන් වටකරන ලද බලකොටු තාප්පයයි

Filed under: Uncategorized — sinhalashortstories @ 6:22 ප.ව.

හේමන්ත රාත්‍රියන්හි දී නෙවස්කිය උඩින් ලණුවල එල්ලුන විසාල සුදු ගෝලයන් දැල්වෙයි.

ඒ සුදු විදුලි බල්බයන්හි තැවරුණ හිම ලුණු බිඳිති සේ දිළිසෙයි. රතු, කොළ සහ කහ පැහැති පහන් කූඩු ට්‍රෑම් පාරවල් වල දැල්වෙයි. ඈත මෘදු අන්ධකාරයේ නිමීලනවා වැනිය. ඇස්පිය හිමෙන් තෙත් වූ විලසකින්, කළු අහසේ කුරුස ලෙසින් පැතිරෙන සෙවුම් ආලෝක ලෙස සුදු ගෝල එළියන් පෙනේ.

නේවා ගඟ අසලින් නෙවස්කිය පටන් ගනියි. විසිත්ත කාමරයක් බඳු සුමට හා සම්පූර්ණය. රතු ග්‍රැනයිට් තාප්පයකින් යුතු ය. මාලිගා පේලියකින් යුතු ය. සියල්ල ඍජු කෝණාකාර ය. ජනේල දිගු ය. කුළුණු සහ ස්ථම්භ චාම් ය. දැඩි ය. එහි පුරුෂ කඩවසම් ගතියෙන් රළු වූ ද, සෞභාග්‍යයෙන් අනුකූල වූ බවකින් ද යුතු ය.

ගඟ නිසා දෙපැත්තට බෙදී ඇති පෙට්‍රොගෑඩයේ විශාලතම මාලිගය, හේමන්තයේ මාලිගය, පෙට්‍රොගෑඩයේ විශාලතම සිරගෙදර, පීටර්-පෝල් බලකොටුව වෙතට මුහුණ ලා ඇත. හේමන්ත මාලිගයේ ජීවත් වූයේ සාර්වරුන් ය. ඔවුන් මිය ගිය කළ ඔවුන් නේවා තරණය කළහ.

බලකොටුවේ දෙව්මැදුරේ සාර්වරුන්ගේ සොහොන් මතින් සුදු පවුරු ඉදිවිය. දෙව්මැදුර පිටුපසින් වූයේ සිරකඳවුරයි. මියගිය සාර්වරුන් හා සාර්වරුන්ගේ ජීවත්වන හතුරන්ව මුර කරන ලද්දේ බලකොටුවේ බිත්ති ය. මාලිගාවේ දිගින් දිගට ගිය නිහඬ බරාඳයන්හි දිගු ‍කණ්ණාඩි වූහ. ඒවායින් පෙනුනේ පාළු ගල් සොහොන්වල දශක ගණනක් වාසය සඳහා වූ, අමතක වී ගිය මිනිසුන් වටකරන ලද බලකොටු තාප්පයයි.

ගඟට මතින් පාලම් ඉදි වී ඇත. යකඩ මැදින් සෙමෙන් උඩට ඇදෙන ට්‍රෑම් කට කට ගා ඉක්මණින් අනිත් ගං ඉවුරට පල්ලම් බහිති. බලකොටුවට එහා වූ දකුණු ගං ඉවුර නගරයට කෙමෙන් අවනත වූ මහපොළවක සේයාවක් පෙන්වයි. ගම්මානය දැකීම තාප්පයෙන් අවහිර ය. කම්මැලි, නිහඬ, දිගින් දිගට ඇදී යන කමෙනොස්ට්‍රොව්ස්කි වීදිය අළුත් මුහුදක සුවඳ විලවුන් වැනිය. වීදියේ තබන හැම පියවරකින් ම මඟ එන රටක් ගැන කියයි. දූපත් අසලින් වීදියත්, නගරයත්, ගංඟාවත් නිමා වෙයි. සියුමැලි පාලම් වලින් එකතු වුන භූමිය මතින් නේවා ගඟ කැඩී යයි. තද කොළ පැහැති පසුබිමේ බරැති සුදු ශංකුවන් දිස්වෙයි. හිම මත පැතිර තිබෙන දැඩි නිහඬතාවය මතින් ‍ෆර් ගස්වල අතු වැනේ. සුදු හිමේ පාළුබව මකන්නේ තැනින් තැන වැදුණ කුරුළු පා සටහන් ය. අන්තිම දූපතට ඔබ්බෙන්, අහස හා මුහුද පාට ගා අවසන් නොකරන ලද අළු පාට වතුර පැහැයකින් යුතු ය. අනාගත ක්ෂිතිජය දක්වන්නට මෙන් ඇඳි ලා කොළ පැහැති තීරුවකි.

පෙට්‍රොගෑඩයේ අතුරු පාරවල් ද ඇත. පෙට්‍රොගෑඩයේ අතුරු පාරවල් ඉහළින් අළු වළාකුළු වලින් වැටි වැහි වතුරින් සහ යටින් ගලනා මඩ වලින් සෑදුන අපැහැදිලි පැහැයකින් යුතු ගල් වලින් හැදී ඇත. සිරකඳවුරු කොරිඩෝවන් සේ ඒ පාරවල් හිස් ය. සිරගෙවල් වැනි හතරැස් ගොඩනැඟිලි අතරින් හිස් පාරවල් එකිනෙකා හා මුණ ගැසෙති. පරණ ගේට්ටු දැමූ මඩ පිරි චක්‍ර වළවල් රාත්‍රියන් හි දී යතුරු දමා වැසේ. බොර වූ ජනේල උඩින් පාට මැකී ගිය සංඥාවන් ඇති කුඩා කඩ සාප්පු රවති. පුංචි උද්‍යාන පුරා ශතකයක් මඩ හා තණකොළ, තණකොළ හා මඩ, නැවත නැවතත් ඇතුල් කරන ලද නිසා අමාරුවෙන් හුස්ම ගනිති. යකඩ තාප්ප වලින් වටවුනු ඇල මාර්ගයන් වල වතුර කුණු වලින් පිරී ඇත. අඳුරු කොන්වල, කාටත් අමතක වූ, අනාථ නිවාස සඳහා සල්ලි එකතු කරන ටින් පෙට්ටිවල මලකඩ කෑ ශුද්ධ මව්තුමියගේ වන්දනා පිළිරුවන් ඇණ වලින් ගසා ඇත.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: