Sinhala story Blog

ජූනි 7, 2011

අපි ජීවත්වන්නෝ -209 ස්වාමියා ප්‍රථම වරට හඳුනාගත් මෘගයා ඉන් වික්ෂිප්තව සිටියි

Filed under: Uncategorized — sinhalashortstories @ 4:20 ප.ව.

නෙවස්කියේ, අගනගර වීදිවල අගනගරයේ දී, ගෙවල් හැදී තිබුනේ පසුගිය පරම්පරා වෙතින් ඉදිරි පරම්පරාවන්ට ය.

වෙනස් කළ‍ නොහැකි බලකොටු සේ ඒවා ඉදිකර තිබුණි. බිත්ති ඝනකම දැඩි ය. ජනේල වූයේ ඇතුලතට නෙරා ගිය කවුළු තුල ය. රතු දුඹුරු ග්‍රැනයිට් වූ පදිකවේදිකා අතරින් පතර ය. තුන්වැනි ඇලෙක්සැන්ඩර්ගේ ප්‍රතිමාව ද එහි විය. දැවැන්ත අළු මිනිසෙක්, දැවැන්ත අළු අශ්වයෙක් මත හිඳගෙන සිටියි. ඈත පෙනෙන අද්මිරාල්ටි ගොඩනැඟිල්ල දක්වා තදින් ඇදී කෙළින් දිවෙන රිදී පැහැති දම්වැල් ය. එහි සුදු කණු පේලිය සහ සිහින් රන්වන් කොත ඔටුන්නක් මෙන් ඉහළට දිස්වෙයි. එය නෙවස්කියේ සංකේතය වෙයි. වෙළඳ නාමය වෙයි. පසුබිමින් තැනින් තැන ඉදිකරන ලද කුළුණු, සදළුතල, වීදියට නැවී සිටිනා කාල පරාසයක් නොමැතිව ඉන්නට හැකි මුහුණු ගලෙන් කොටන ලද ගාගොයිල් පිළිරූ දිස්වෙයි.

කුඩා රත්තරන් කවාකාර ප්‍රසාද ශීර්ෂයක වූ රත්තරන් කුරුසයකි. එය වළාකුළු පිරි අහසට නැඟ‍්ඟේ නෙවස්කියේ මැදකිනි. ඇනිකොවෙස්කි මාලිගය උඩිනි. රතු ඝන චතුරශ්‍රයක් හරහා වැටි තිර නොමැති අළු ජනේල විය. තවත් දුරකින්, මාලිගාවට ඔබ්බෙන්, කළු අශ්ව ඔළු උඩින් වළාකුළු වෙතට දිස්වූයේ අශ්ව කරත්තයකි. අශ්ව කුර වීදියට උඩින් පෙනුණි.

ඇලෙක්සැන්ඩ්‍රින්ස්කි නත්‍යාගාරයේ රාජකීය කුළුණු උඩින් වැටී තිබුණි. මාලිගාව දිස්වූයේ හමුදා කඳවුරක් සේ ය. නත්‍යාගාරය දිස්වූයේ මාලිගාවක් සේ ය.

මාලිගාව පාමුල, නෙවස්කිය කුඩා දිය පාරකින් කැපී යයි. එහි කරකැවී යන මඩ පැහැති දිය සුළි මතින් ආරුක්කුවක හැඩයෙන් ඉදි වූ පාලමකි. පාලමේ හතර පැත්තේ කළු ප්‍රතිමාවන් හතරකි. එය අහඹුවක් හෝ ආයිත්තමක් විය හැකිය. එය ස්වභාව ධර්මයට එරෙහිව මිනිසා විසින් ගොඩනැඟූ නගරයක් ගැන වූ පෙට්‍රොගෑඩයේ ස්ප්‍රීතුව ද විය හැකිය. ඒ ප්‍රතිමාවන්හි වූයේ අශ්වයෙක් සහ මිනිහෙකි. පළමුවැන්නේ, ගෝරනාඩු කරන අශ්වයෙක්ගේ රෞද්‍ර ඉදිරි පාද අහසට දිස්විය. ඒ පාගා මරන්නට‍ මෙන් ඉන්නා රාක්ෂයා යටින් කටකලියාව අල්ලා ගන්නට පළමු තැත දරනා මිනිසා නිර්වස්ත්‍ර ය. දණගසා ගෙන ය. දෙවැන්නේ, මිනිහා එක දණහිසක් පමණක් බිම ඇන ගෙන ය. ඔහුගේ කඳ පිටුපස්සට බර ය. අරගලයේ සුපිරි මොහොතේ කටකලියාව අල්ලන ඔහුගේ කකුල්, සිරුරේ හා අත්වල මාංශ පිඬු හමෙන් එළියට පනින්නට හදනා වැනි ය. තෙවැන්නේ, මිනිහාත් අශ්වයාත් මුහුණට මුහුණ ලා සිටිති. මිනිහා හිටගෙන ය. මිනිහාගේ හිස අශ්වයාගේ නාස්පුඬු අසල ය. තම ස්වාමියා ප්‍රථම වරට හඳුනාගත් මෘගයා ඉන් වික්ෂිප්තව සිටියි. හතරවැන්නේ, තිරිසනා දමනය වී ඇත. ඌ අවනත වී පාද තබයි. කඳ කෙළින් කර ගත් උස් සිරුරින් යුතු මිනිසා ජයග්‍රහණයේ සංසුන් බවින් අශ්වයා සියතින් දක්කා ගෙන යයි. ඔහු පාද තබන්නේ සාන්ත වූ ධෛර්යයමත් බවකිනි. ඔහුගේ ඔළුව කෙළින් ය. ඔහුගේ ඇස් සිතාගත නොහැකි අනාගතය දිහා කෙළින් එල්ල වී ඇත.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: