Sinhala story Blog

ජූනි 6, 2011

අප ජීවත්වන්නෝ -208 ඇටකටු මතින් නැඟී සිටින්නකි

Filed under: Uncategorized — sinhalashortstories @ 9:38 පෙ.ව.

දෙවැනි කොටස

I

ඒ සෙන්ට් පීටර්ස්බර්ග් ය; යුද්ධය පෙට්‍රොගෑඩය දක්වා ආවේය; අරගලය ලෙනින්ග්‍රෑඩය දක්වා ආවේය.

ඒ ගලින් නිමැවුණ නගරයකි. එහි වැසියන් සිතුවේ කොළ මහපොළවට ගෙනැවිත් නගරයේ හැම හංදියක් පුරාම ගොඩ ගැසී තිබුණු ගල් ගැන නොවේ. වීදි වලට, පාලම් වලට හා නිවාස වලට කා වද්දා ඇති ගල් ගැන නොවේ. අල්ල පුරා ගෙනැවිත් ගල් කෑලි අතරින් යෙදූ පස් ගැන ය. එය ඔවුනට නගරයෙන් ඔබ්බෙන් වූවක් ගැන මතක් කරන ලදි.

නගරයේ ගස් කොළන් ආගන්තුකයෝ වූහ. ග්‍රැනයිට් දේශගුණයක අතරමං වී දුකින් ඉන්නා අනවශ්‍යය වූ ද, රෝගී වූ ද, විදේශිකයෝ වූහ. එහි උද්‍යාන අකමැති දීමනා වැනිය. වසන්තයේ දී වල් පැලෑටියක් වූ ඩැන්ඩිලයන් කහ මල් එහි ගල් හා බෑවුම් අස්සෙන් හිස් ඔසවති. පිරිමි ඒ දිහා බලන්නේ ගරුසරු නොදක්වන දරුවෙක් දිහා බලන ආකාරයටයි. එනම් විස්මිතයෙන් හා වැදගැම්මකට නැත්තක් සේ දිහා බලන ලෙසකිනි. එහි වසන්තය පස් යටින් එළියට එන්නක් නොවේ. එහි පළමු වයලට් මල්, ගොඩක් රතු ටියුලිප් මල්, සහ ගොඩක් නිල් හයසින්ත් මල් එන්නේ වීදි කොණ්හි ඉන්නා පිරිමි අත්වලිනි.

පෙට්‍රොගෑඩය ඉපදුනක් නොවේ. එය නිර්මාණය වූවකි. මිනිසුන් පදිංචියට තෝරා නොගත් තැනක එක මිනිසෙකුගේ අභිප්‍රායක් නිසා එය ගොඩනැඟුණි. බද්ධ වෛරයක් තිබි අගරජෙක් එහි භූමිය උඩින් නගරයක් හදන්නට ආඥාවක් නිකුත් කළ හෙයිනි. මදුරුවන් පමණක් විසූ වෙනත් ප්‍රාණයක් නොමැති වූ මඩ ගොහොරුවක් පුරවන්නට මිනිසුන් පස් ගෙනාහ. මදුරුවන් මෙන් මිනිස්සු ද එය නිර්මාණයේ දී ගොහොරුවට වැටී මළහ. අළුත් අගනුවර ඉදි කරන්නට කැමැත්තෙන් පැමිණි අත් නොතිබිණ. මහන්සි වූ සොල්දාදුවන් දහස් ගණනකගේ වෙහෙසෙන්, තම රෙජිමේන්තු වලට ලැබි අණ නොතකා තුවක්කු උණ්ඩයෙන් මිය යන්නට බිය වූවන් ගෙන්, උණ්ඩය නැත්නම් ගොහොරුව තෝරා ගත් අයගෙන් එය ඉදි විය. ඔවුන් ඇද වැටුණහ. ඔවුන් ගෙනා පස් හා ඔවුන්ගේ ඇටකටු නගරයේ භූමිය සකස් කළේය. “පෙට්‍රොගෑඩය” එහි වැසියන් කීහ, “ඇටකටු මතින් නැඟී සිටින්නකි.”

පෙට්‍රොගෑඩය ඉක්මන්කාරී නැත. එය අලස ද නැත. එය විනීත ය. එය නිවාඩු පාඩුවේ සිටියි. එහි ඇති විසාල වීදි එය කියා පායි. පයින් ගස් පිරි කෑලැවක් මැදින් හා මඩ ගොහොරුවක් උඩින් ඉදි වූ එය අත් දෙකම දෙපැත්තට විහදා සුව පහසුවෙන් සිටියි. එහි හතරැස් කැබලි පදිකවේදිකා නිමැ වූ ඉඩම් වෙයි. එහි වීදි නේවා ග‍ඟේ අතු ගංඟා සේ විසාල ය. නේවා ග‍ඟේ පළල්ම ස්ථානය මැදින් ගලන්නේ මේ ශ්‍රේෂ්ඨ නගරයේය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: