Sinhala story Blog

මැයි 28, 2011

අප ජීවත්වන්නෝ -204 සම්පූර්ණ රහස්‍ය බව

Filed under: Uncategorized — sinhalashortstories @ 4:43 ප.ව.

ජනේලයට එහා වූ වීදි ලාම්පුවෙන් ඇඳට උඩින් බිත්තියේ සුදු හතරැස් කොටුවක් පතිත වී ඒ ඇතුලත කළු කුරුසියක සෙවනැල්ලක් වැටුණි.

හතරැස් කොටුව අසලින් ඇයට කොට්ටයක් මත වූ ඔහුගේ මුහුණ දිස්වෙයි. ඔහු සෙලවුනේ නැත. ඔහුගේ නිරුවත් සිරුර මතින් අප්‍රාණිකව වැටි ඇයගේ අතට වෙනත් කිසිම චලනයක් නැතිව වූ ඔහුගේ හදවත ස්පන්දය පමණක් දැනුණි.

ඇය පොරවනය විසිකර දමා, වාඩි ගත්තා ය. අත් දෙක හරහට දමා, ආවරණය නොවූ උරහිස් අල්ලා ගෙන, ළැම වසා ගත්තා ය.

“අන්ද්‍රෙ, මම ගෙදර යනවා.”

“කීරා! දැන් යන්න එපා. අද රෑ යන්න එපා.”

“මට යන්න අවශ්‍යයයි.”

“මට ඔයාව මෙහෙ තියාගන්න ඕන. හෙට උදේ වෙනකම්.”

“මට යන්න අවශ්‍යයයි. ඉන්නවා … මගෙ පවුලේ අය ඉන්නවා … අන්ද්‍රෙ, අපිට මේක ගොඩක් රහසිගතව තියා ගන්න අවශ්‍යයයි.”

“කීරා, ඔයා මා එක්ක විවාහ වෙනවා ද?”

ඇය පිළිතුරු දුන්නේ නැත. ඇය වෙව්ලන ආකාරය ඔහුට දැනුණි. ඇයව ඇඳට නැවතත් ඇදගත් ඔහු පො‍රවනයෙන් ඇයගේ නිකට තෙක් පොරවා දැමීය.

“කීරා, ඇයි ඒක ඔයාව බියට පත් කරන්නෙ?”

“අන්ද්‍රෙ … අන්ද්‍රෙ … මට බැහැ …”

“මම ඔයාට ආදරෙයි.”

“අන්ද්‍රෙ … මගෙ පවුලෙ අය ඉන්නවා. ඔයා කොමියුනිස්ට්. ඔයා දන්නවා එයාල කවුද කියන වග. ඔයා තේරුම් ගන්න ඕන. එයාල කොයිතරම් දුක් විඳලා ද ඉන්නෙ. මම ඔයාව කසාද බැන්දොත් -ඒක එයාලට දරා ගන්න බැරි තරම් වෙයි. නැත්නම් මේක ගැන එයාලට ඇහුනොත්. අපි එයාලව බේරන්න ඕන. ඒක … ඒක අපිට වෙනසක් කරනවා ද?”

“නැහැ. නැහැ ඔයාට ඕනා ඒ විදියට නම්.”

“අන්ද්‍රෙ!”

“ඇයි, කීරා?”

“මට ඕන ‍ඕනම දෙයක් ඔයා කරනවා ද?”

“ඕනම දෙයක්.”

“මට ඕන එකම දෙයයි. රහස්‍ය බව. සම්පූර්ණ රහස්‍ය බව. ඔයා පොරොන්දු වෙනවා ද?”

“ඔව්.”

“ඔයා දන්නවනේ … මට .. මගේ පවුලේ අය ඉන්නවා. ඔයාට -පක්ෂය තියනවා. මම … මම වගේ කෙනෙක් නෙවෙයි ඔයාගෙ පක්ෂය අනුමත කරන්නෙ. ඉතින් ඒ නිසා … වඩා හොඳයි … ඔයා දන්නවානෙ, අපි මේ කරන වැඩේ අවදානම් එකක්. මට ඕනා ඒක නිසා … ඒක නිසා අපේ ජීවිත කඩා කප්පල් නොවනවාට.”

“අපේ ජීවිත කඩා කප්පල් වෙන්න? කීරා!” ඔහු සිනහා වූයේ සතුටිනි. ඇයගේ අත තම තොල් වලින් සිප ගනිමිනි.

“කවුරුත් -කොහේවත් ඉන්න කිසිම කෙනෙක්- ඔයා ගැනයි මා ගැනයි නොදන්නවා නම් වඩා හොඳයි.”

“නැහැ, කීරා, මම පොරොන්දු වෙනවා, ඔයයි මමයි හැරෙන්න වෙන කවුරුත් දැන ගන්නෙ නැහැ.”

“දැන් මම යන්නම්.”

“එපා. කරුණාකරලා අද රෑ‍ට ඉන්න. අද රෑට විතරක්. එයාලට කොහොම හරි පහදන්න. හේතුවක් හදන්න. අද ඉන්න. ඔයාට යන්න ඉඩ දෙන්න බැහැ මට … කරුණාකරලා කීරා … ඇහැරෙද්දී ඔයාව දකින්න … සුබ රාත්‍රියක් … කීරා…”
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: