Sinhala story Blog

මැයි 27, 2011

අප ජීවත්වන්නෝ -204 ඔයාට මට දෙන්න බැරි දෙයක් වෙනුවෙන්

Filed under: Uncategorized — sinhalashortstories @ 9:09 පෙ.ව.

එය ආදරය ගැන වූ අනාවරණයක් නොවීය.

එය අපරාධයක් ගැන වූ පාපෝච්චාරණයකි. “ඇයි මම මේ සේරම ඔයාට කියන්නෙ? මම දන්නෑ. මේවා ඔයාට කියනවා ද කියල මට හරි හැටියකට විශ්වාස නැහැ. මම මටම ඒවා කිය කියා අඬ අඬා හිටියෙ, හැම තිස්සෙම, දැන් ගොඩ කාලයක් සිට! ඔයා මෙහෙ එන්නෙ නැතිව හිටියා නම් හොඳයි. මම ඔයාගෙ යාළුවෙක් නෙමෙයි. ඔයාට රිදෙව්වාට මට ගාණක් නැහැ. දැන් මට ඔයා ගැන හිතෙන්නෙ මෙච්චරයි: මට ඔයාව ඕන.”

“අන්ද්‍රෙ … මම දැන හිටියෙ නැහැ …” ඇය රහසින් කීවාය.

“ඔයාට දැනගන්න ලැබෙන එක ගැන මම කැමති වුනේ නැහැ. ඒකයි ඒක කඩන්න මම ඔයාගෙන් ඈත් වෙලා ඉන්න හැදුවෙ. ඔයා දන්නෙ නැහැ ඒක මට කරපු දේ මොකක් ද කියල. එක සෙවීමක් තිබුණ. කාන්තාවක්. අපි එයාව අත් අඩංගුවට ගත්ත. ඇය බිම පෙරළුනා. නිදන ඇඳුම පිටින්. මගේ දෙපා අසල. අනුකම්පාව ඉල්ලලා හඬා වැටුන. මගෙ සිහියට ආවේ ඔයාව. එතැන බිම ඔයාගෙ නිදි ඇඳුම පිටින් ඔයා ඉන්නවා කියල මට හිතුණ. මෙච්චර දවසක් ඔයා වෙනුවෙන් මම ඇඬුවා වගේ මගේ අනුකම්පාව ඉල්ලලා ඔයා අඬනවා කියල මට හිතුණ. මම ඔයාව ගන්නවා. බිම වුනාට කමක් නැහැ. අනිත් මිනිස්සු බලාගෙන හිටියා වුනාටත් කමක් නෑ. ඊට පස්සෙ, සමහර විට මම ඔයාට වෙඩි තියනවා. ඊ ළඟට මටත් වෙඩි තියාගන්නවා. ඒත් මට ගාණක් නැහැ. මොකද එතකොට ඒ ඊට පස්සෙනෙ. මට හිතුන ඔයාව අත් අඩංගුවට ගන්න. මහ රෑට ඇවිත්. ඔයාව අරගෙන මට කැමති දිහාවක යන්න. ඔයාව මගේ කරගන්න. මට ඒක කරන්න පුළුවන්, ඔයා දන්නවා. මම හිනා වෙමින් ඒ කාන්තාවට පයින් ගැහැව්ව. මගේ මිනිස්සු මා දිහා බලාගෙන හිටිය. මම එහෙම කරනවා ඒ මිනිස්සු කවදාවත් දැකල තිබුනෙ නැහැ. ඔවුන් ඒ කාන්තාව හිරගෙදරට අරන් ගියා. මම හේතුවක් හොයාගෙන එතැනින් පැනල ගියා. ගෙදර ආවේ තනියම ඇවිදගෙන. ඔයා ගැන හිත හිත … මා දිහා ඔහොම බලන්න එපා. මම එහෙම කරයි කියල බයවෙන්න ඔයාට අවශ්‍ය නැහැ … මට ඔයාට දෙන්න කිසිම දෙයක් නැහැ. මගේ ජීවිතය ඔයාට දෙන්න මට බැහැ. මගේ අවුරුදු විසි අටක ජීවිතය ගැන ඔයාට තියෙන්නෙ අප්‍රසාදයක්. ඔයා -ඔයා තමයි මම හැමදාම ද්වේෂ කරන්න බලාපොරොත්තු වෙච්ච දේ. ඒත් මට ඔයාව ඕන. මට තියන සේරම දේ මම දෙනවා -මට ලබාගත හැකි සේරම දේ දෙනවා -කීරා -ඔයාට මට දෙන්න බැරි දෙයක් වෙනුවෙන්!”

ඔහුට සිතාගත නොහැකි සිතුවිල්ලක දී ඇයගේ දෑස් විසල් වී ඇරෙනවා ඔහු දුටුවේය. ඇය හුස්මක් ඉහළට ගත්තාය: “මොකක් ද අන්ද්‍රෙ ඔයා කිව්වේ?”

“මම කිව්වේ, මට තියන සේරම දෙනවා, ඔයාට දෙන්න බැරි …”

ඇයගේ දෑස් වල වූයේ භීතියයි. තත්පරයකට පැහැදිලිව දැකි එක සිතුවිල්ලක් නිසා ඇය තුල වූයේ භීතියයි. “අන්ද්‍රෙ … මම යන එක හොඳයි … මම දැන් ම පිටවෙන එක හොඳයි,” ඇය රහසින් පැවසුවාය.

ඒත් ඔහු ඇය දෙස එක එල්ලෙ බලාගෙන ය. ඇය වෙත ළං වූයේය. හදිසියේ ම සුමුදු වූ හා පහත් වූ කටහඬකින් ඔහු ඇසුවේ: “නැත්නම්, ඔයාට … ඒක පුළුවන් ද … කීරා?”
ඇය සිතුවේ ඔහු ගැන නොවේ; ඇය සිතුවේ ලියෝ ගැන නොවේ; ඇය සිතුවේ මරියා පෙට්‍රොව්නා ගැනයි. මරියා පෙට්‍රොව්නාගේ මරණාසන්න තොල් මත වූ රතු පෙන ගැනයි. ඇය බිත්තියට තෙරපී සිටියාය. ඇයගේ දෑතේ ඇඟිලි දහය සුදු බිත්තියේ විසිර තිබුණි. ඔහුගේ කටහඬ, ඔහුගේ බලාපොරොත්තුව ඇයව තල්ලු කළාය. බිත්තිය අසලින් ඇය සීරුවෙන් හිටගත්තේ කකුල් වල ඇඟිලි තුඩුවලින් ඉස්සී ගෙන ය. ඇයගේ හිස පිටුපස්සට ගියේ ඇයගේ උගුර ඔහුගේ මුව අසලින් පෙනෙද්දී ය.

එවිට ඇය ඔහුට මෙසේ කීවේය:

“මට පුළුවන්! මම ඔයාට ආදරෙයි.”

ලියෝ නොවූ පුරුෂයෙකුගේ තොල් ගෑවෙද්දී එය කොතරම් නුහුරු වේ දැයි ඇයට සිතුණි.

තව දුරටත් ඇය කියා සිටියේ: “ඔව් .. ගොඩක් කාලයක සිට … ඒත් මම දැනන් හිටියේ නැහැ ඔයාත් එහෙමයි ….” ඔහුගේ දෑත් හා ඔහු‍ගේ තොල් ඇයට දැනුණි. මෙය ඔහුට ප්‍රීතියක් ද නැතහොත් වධයක් දැයි ඇය කල්පනා කළාය. ඔහුගේ දෑත් කොතරම් ශක්තිමත් දැයි ඇය කල්පනා කළාය. එය ඉක්මණින් ඉවර වනු ඇතැයි ඇය බලාපොරොත්තු වූවාය.
*

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

%d bloggers like this: