Sinhala story Blog

මැයි 25, 2011

අප ජීවත්වන්නෝ -203 මම ඔයාට ආදරය කරන නිසා

Filed under: Uncategorized — sinhalashortstories @ 10:43 පෙ.ව.

ඔහු ඇය දෙස බැලුවේය.

නළල රැළි කර වෙනතක් දිහා බැලුවේය. හිස දෙපැත්තට වනමින් ඔහු හෙමිහිට කීවේ “කිසිත් නැත” කියා ය. “ඇයි ඔබ මෙහෙ ආවේ?” ඔහු හදිසියේ ම ඇසීය.

“මම ඔයාව අන්තිමට දැකලා ගොඩක් කාලයක් ගිහින්.”

“මාස දෙකක්, අනිද්දා ට.”

“ඒ ඔයා මාව සති තුනකට ඉහත දී විද්‍යාතනයේ දී නොදැක්කා නම්.”

“මම ඔයාව දැක්ක.”

ඇය බලාගෙන සිටියාය. එහෙත් ඔහු පැහැදිලි නොකළේය. ඇය එය නොදැක්කා සේ ඉන්නට තැත් ගත්තා ය. යාප්පු විලසකින් ඇය කීවේ: “මම එදා ආවේ මම හිතුවා … මොකද මම හිතුවා ඔයාට මාව දකින්න ඕන වෙයි කියලා.”

“මට ඔයාව දකින්න ඕන වුනේ නැහැ.”

කීරා නැඟිට්ටා ය.

“යන්න එපා, කීරා!”

“අන්ද්‍රෙ, මට වැටහෙන්නෙ නැහැ!”

ඔහු ඇය ඉදිරියෙන් සිටගත්තේ ය. ඔහුගෙ ස්වරය උස් හෝ පහත් හෝ නොවීය. අපහාසයක් මෙන් කටුක විය. “ඔයාට අවබෝධයක් ලබා දෙන්න මට උවමනා වුනේ නැහැ. ඔයාට දැනගන්න ලැබෙන්න ඕනකමක් තිබුනෙ නැහැ. ඒත් ඔයාට අහන්න ඕනා නම් -ඔයාට ඒක අහන්න පුළුවන්. මට ඔයාව ආයෙ කවදාවත් දකින්න ඕනා වුනේ නැහැ. මොකද …” ඔහුගේ කටහඬ මොට කස පහරක් වැනි ය. “මොකද මම ඔයාට ආදරය කරන නිසා.”

ඇය පිටුපස වූ බිත්තියේ ඇයගේ අප්‍රාණික දෑත් වැදිණ. ඔහු තවත් කතා කරයි: “කියන්න එපා. මම දන්නවා ඔයා කියන්න යන දේ. මම ඒකම මට නැවත නැවතත් කියා ගත්ත දෙයක්. මම හැම වචනයක් ම දන්නවා. ඒත් ඒකෙන් වැඩක් නැහැ. මම ලැජ්ජා වෙන්න ඕන. මට ලැජ්ජයි. ඒකත් වැඩක් නැති දෙයක්. මම දන්නවා ඔයා මට කැමතියි කියල. මාව විශ්වාස කළා කියල. අපි යාළුවෝ නිසා. ඒක අපූර්වයි. දුර්ලභයි. ඔයාට හැම අයිතියක් ම තියනවා මාව හෙළා දකින්න.”

බිත්තියට පිට දී ඇය නොසෙල් වී සිටියාය.

“ඔයා කාමරයට ඇතුල් වුනාම, මට හිතුනේ ‘එයාව හරවලා අරින්න’ යන්නයි. ඒත් මම දන්නවා ඔයා ගියොත් මම ඔයාගෙ පස්සෙන් දුවගෙන එනවා කියන එක. මම හිතුවා ‘මම වචනයක් වත් කියන්නෙ නැහැ’ කියලා. ඒත් මම දන්නවා ඔයා පිටවෙලා යන්න කළින් ඔයාට ඇයි කියලා දැනගන්න ඕන බව. මම ඔයාට ආදරෙයි. මම දන්නවා ඔයා මා ගැන කාරුණිකව හිතයි මම ඔයාට අකමැතියි කියලා කිව්වොත්.”

ඇය කිසිත් නොකීවාය. ඇය බිත්තියට තවත් ළං වූවාය. ඇයගේ විසල් වූ දෑස් වලින් ඇයගේ බැල්ම කියා පෑවේ ඔහුට දක්වන අනුකම්පාවක් ගැන නොවේ. ඒත් ඔහුගේ අනුකම්පාව ගැන වූ ආයාචනයකි.

“ඔයා බයවෙලා නේද? දැන් පේනවා නේද මට ඔයාට මුහුණ දෙන්න බැරිවුනේ ඇයි කියල? මම දැන සිටියා ඔයාට මා ගැන දැනුන විදිය. මා ගැන කවදාවත් නොදැනෙන විදිය. මම දැන සිටියා ඔයා කියන දේ. ඔයාගෙ ඇස් මා දිහා බලන විදිය. කවදද මේක පටන් ගත්තෙ? මම දන්නෑ. මම දන්න එකම දේ ඒක ඉවර වෙන්න ඕන කියන එකයි. -මට තව දුරටත් ඉවසා ඉන්න බැරි නිසා. ඔයාව දැක දැක, ඔයා එක්ක හිනා වෙවී, ඔයාගෙ අත මගේ අතේ වැදෙද්දී, ඔයාගෙ කකුල් වැලි මත දකිද්දී, ඔයාගෙ උගුරේ හෙවනැලි නළියද්දී, හුළඟට ඔයාගෙ සාය විසිරිලා යද්දී, ඔයාත් එක්ක ජීවිතයේ අර්ථය ගැන කතා කරන්න- ඔයාගෙ ඇරුණු කොලරය අස්සෙන් ඔයාගෙ ළැම පටන් ගන්න රේඛාවන් දකින්න පුළුවන් දැයි හිතන්න!”

“අන්ද්‍රෙ … එපා …” ඇය රහසින් කීවාය.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න »

තවමත් ප්‍රතිචාර නොමැත.

RSS feed for comments on this post. TrackBack URI

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

%d bloggers like this: